28 October 2016 Written by 

සඳවතිය - දිල්ෂානි පූර්ණිමා කුලතුංග 

සුපිනයක සුපුෂ්පිත

හසනගන සඳවතිය

පියෙන නෙතු මත තැවරි

සෝ සුසුම් පලවරින

 

 

සුරැළි විල් දිය පවා

සිත්තමින් හැඩකරන

නිසලවම වැතිරෙනා

ගැඹුරු විල් දිය පතුල

 

සසැලි සීතල සුළඟ

හෙමින් හිත හිරිවැටෙන

මියෙන්නට ඉඩ නොදී

පෙමින් උණුහුම් කරන

 

 

Last modified on Friday, 28 October 2016 15:28

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.