08 March 2021
කඳු හිතක් දුර ඉඳන්
මුහුදට පෙම් කලේ
ඇල දොල ගංගා ය
තෙත හාදු ගෙන ගියේ
දිය වෙවී මහ මෙරක්
පිරුනට සාගරේ
කන්දක් තිබුනාද
සයුරක මතකයේ
ඉඳහිටෙක තරුවක්
අමුණන් හිසකයේ
කඳු හිසක් ඇවිලේ ය
ඈතිං සිතිජයේ
Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.
Name *
Email *
Website URL
Message * enter your message here...