26 January 2018 Written by 

ආදරෙයි හැමදාම - මියා අදිකාරම් 

පුරහඳට කවි ලීවා

රෑ නින්ද නොබලාම

පා කෙරුව හාදුවත් 

සුළඟ ළඟ නැවතිලම

 

 

අතු අතර මඳනලද

තැවරුනා හෙමිහිටම

සුදු සේල අහස් කුස

හිනැහුනා විළිඹරව

 

සිනාමල් පීදුනා

වසක් කල හීතලට

රොන් සොයයි බඹරිඳු

පරවෙලා නොයන් සොඳ

Last modified on Friday, 26 January 2018 17:39

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.