26 January 2018 Written by 

කඳුළ මම නුඹේ සිතම රිද වූ   - ප්‍රියංවදා හිල්බත්දෙනිය

අනොරා වැස්සකට අසුව මම පන අදී,

හිස්ව ගිය සුසුම් කැට හදවතේ විසිරවී,

 

නිකට මත තොල් තියා හාදු නුඹ විඳ ඇති,

ඇස් පියන් මම වසා නුඹව විඳගන ඇතී,

 

 

නුඹෙි හිත තුල මැවූ සිතුවමෙි සිත්තරී,

මත්වෙලා ඇගේ හිතේ නුඹ නමින් මැරි මැරී,

 

උමතුවෙන් නුඹෙි පපුවෙි උනුහුමට ගුලි වෙවී,

හිටිය ඇය ඇතැර නුඹ තව හිතක නතරවී,

 

අත්දෙකට සිරකරන් ලංවෙලා නුඹ යලී,

නික්ම යන්නට කලින් සිප ගන්න නෙතු යලී,

 

මොහොතකට අතරමං වෙලා නුඹ ලඟ යලී,

ආත්මෙන් විඳගනිමි ආදරෙ මම යලී..........

 

කඳුළ මම නුඹේ සිතම රිද වූ.......

 

Last modified on Friday, 26 January 2018 17:18

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.