රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සංශෝධන 2016 වසරේ සිට 2020 වසර දක්වා වසරින් වසර වැඩිකිරීමේ අරමුණින් නිකුත් කරන ලද 3/2016 රාජ්‍ය පරිපාලන චක්‍ර‍ලේඛය රජය විසින් අත්හිටුවීමට ගත් තීරණයට විරෝධය පළකරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

මීට අදාළ විරෝධය පළකරමින් කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ අත්සනින් යුතුව විශේෂ ලිපියක් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් ජනාධිපතිවරයා වෙත ද යොමුකර තිබේ.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව පත්වන දින 100 ආණ්ඩුවෙහි තනතුරු අතර ජනාධිපති ලේකම් කාර්යාලය මගින් දියත් කරනු ලබන ICTA ව්‍යාපෘතියෙහි අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරනු ලබන මුහුන්දන් කනකේ නැමැති පුද්ගලයා.. එකී දින සියය ඇවෑමෙන් පසුවද අයි.සී.ටී.ඒ. ප්‍රධාන විධායක පුටුවෙහි රජ කරමින් සිටීම මේ වනවිට අර්බුදකාරී තත්වයකට පත්ව ඇත. 

1818 දී බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයට  විරුද්ධව  ඌව වෙළ්ලස්සේ දී සටන් මෙහෙයවා රජ්‍ය ද්‍රෝහීන් බවට පත් කෙරුනු  නායකයන් අවුරුදු 200 කට පසු පසුගිය මාර්තු පලමුවෙනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහනුවර ඓතිහාසික මඟුල්මඩුවේ දී  ජාතික වීරයන් බවට පත් කෙරෙන උත්සවයට සහගාගිවීම සෙසු නිකාය දෙකේ මහනායකවරුන් දෙදෙනාට තහනම් කෙරුනේය. මෙසේ තහනම පැනවුනේ අමරපුර නිකායේ මහනායක දවුල්දෙන ඥාණිස්සර හා රාමඤ්ඤ නිකායේ මහනායක නාපාන ප්‍රේමසිරි දෙපොලටය. දළදා මැදුරේ තොරතුරු පවසන ආකාරයට සියම් නිකායේ අස්ගිරි හා මල්වතු පාර්ශවවල මහනායකයන් දෙදෙනා සෙසු නිකායික මහනායකයන් දෙදෙනාට මඟුල් මඩුවට ඇතුලු වීමට ඉඩදිය නොහැකිබව දැඩි විරුදධත්වය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජනාධිපති සිරිසේනට අමරපුර හා රාමඤ්ඤ මහනායකවරුන් දෙදෙනාට කෙරුනු ආරාධනය ආපසු ගෙන්වා ගැනීමට සිදුවුනේය.

ප්‍රංශයේ පැරිස් නගරයේ පිහිටි නේපාල තානාපති කාර්යාලයේ නිත්‍ය රියදුරෙකු විසින් පසුගියදා ඔහු සහ යහපාලන ආණ්ඩුවට කත් ඇදිමට පිහිටුවාගත් පුරවැසි බලය නමැති සංවිධානයෙන් පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව එහි ප්‍රශ්න නගන ලද මාධ්‍යවේදියෙකු හට මාධ්‍ය සම්බන්ධයෙන් පාඩම් කියාදීමට ඇගිල්ල දිගු කරනු ලැබීය.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය ඔහුට ජීවිත තර්ජන ඇති බවට හුවා දැක්වීමේ අරමුණින් ව්‍යාජ ලෙස සැලසුම් කරන ලද්දක් බවට හෙළි වී තිබේ.

වසර ගණනාවකට පසු ශ්‍රී ලංකාවේ  බිහි වූ විශිෂ්ටතම හා කාර්යක්ෂම සෞඛ්‍ය අමාත්‍යවරයා දොස්තර රාජිත සේනාරත්න බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කළාපීය අධ්‍යක්ෂිකාව පවසයි.

ලංකා ඛනිජවැලි සමාගමේ නිසි බලධාරී ලෙස පත් කළ කීර්තිමත් රාජ්‍ය සේවකයෙකු ලෙස කටයුතු කළ අශෝක පීරිස් මහතාව ඉන් වත් කළේ කුමණ පදනමකින්ද යන්නත් අශෝක පීරිස් මහතා සිදු කර ඇති එකඳු වංචාවක්, දූෂණයක් හෝ රාජ්‍ය දේපළ අවභාවිතාවක් සම්බන්ධයෙන් ආණ්ඩුවට පෙන්වා දිය හැකිද යන්නත් ජවිපෙ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්නයක් මතුකරමින් විමසා සිටියේය.

ජාතික ලොතරැයි මණ්ඩලය ආරම්භ කිරීමේ මුලික අරමුණ වුයේ රටේ ජාතික සංවරධනයට දායක වීමයි.එදා සිටම විශාල සංවරධන ව්යා පෘති රැසකට සම්බන්ධ වි ඇති ජාතික ලොතරැයි මණ්ඩලය පිළිබදව රටේ ජනතාව තුල දැඩි විශ්වාසයක් පවති.පසුගිය රාජපක්ෂ යුගය තුල විවිධ දේශපාලන බල ව්යාසපෘති සදහා ජාතික ලොතරැයි මණ්ඩලය යොදාගැනීම හේතුවෙන් මණ්ඩලය කෙරේ ජනතා විශ්වාසය සීඝ්රමයෙන් බිද වැටෙන්නට විය. ඒ කාල වකවානුව තුල රාජපක්ෂවරුන්ගේ පුද්ගල ප්ර තිරූප නැංවීම සදහා මණ්ඩලයේ මුදල් සිත් සේ යොදාගෙන තිබේ. ඒ හේතුව නිසා මණ්ඩලය දැවැන්ත ලෙස පාඩු ලැබුවා පමණක් නොව ඒ කෙරේ පැවති ජනතා විශ්වාසයද නැති කර ගත්තේය.