නැගෙනහිර පළාත් සභාව ඉදිරිපිට සිදුකල විරෝධතාවක් අතරවාරයේ අධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයක් කඩ කිරීමේ සිද්ධියකට ඒකාබද්ධ රැකියා විරහිත උපාධිදාරී සංගමයේ ජාතික කැදවුම්කරු තැන්නේ ඤානන්ද හිමියන් ඇතුළු සිව් දෙනෙකු  ලබන 29 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට ත්‍රීකුණාමලය අතිරේක මහේස්ත්‍රාත් සුබාෂිනී චිත්‍රවේල් මහත්මිය අද(23)  නියෝග කළාය.

අද දිනයේ සිදුවූ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී නව කැබිනට් අමාත්‍ය ධූර සඳහා 9දෙනෙකු පත්කිරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පාර්ශවයන් විසින් රවී කරුණානායක මුදල් ඇමතිකමට නුසුදුසු බව දක්වමින් ගෙන ගිය අරගලය යම් ප්‍රමාණයකින් ජයග්‍රහණය කොට ඇති බව වාර්තාවේ. 

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ලබාදීමට නියමිත තනතුරක් සම්බන්ධයෙන් මතුව ඇති තත්වය පසුගියදා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී වූ එජාප තනතුරු ලබාදීම සමග සම්බන්ධකොට විජේදාස රාජපක්ෂ විසින් ඒ සදහා හරේන් ප්‍රනාන්දුද විරුද්ධ බවට ප්‍රචාරයක් යවා සරත් ෆොන්සේකාට එජාප විරෝධී කඳවුරක් නිර්මාණය කිරීමට උත්සාහ දරණු ලැබීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක් බව අභියාචනාධිකරණය තීන්දු කළේය.

සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් විශේෂ හමුදාවක් හදන්න අවශ්‍යතාවයක් රජයට නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (03) ප්‍රකාශ කළේය.

රජය කටයුතු කරන්නේ ත්‍රිවිද හමුදාවේ ශක්තිය ධෛර්ය දියුණු කිරිමට මිස වෙනම විශේෂ හමුදා ඒකක පිහිටුවීමට නොවන බවද අගමැතිවරයා කීවේය.

ශ්‍රී ලාංකික වැඩ කරන ජනතාවට මෙවර මැයි දිනය සමරන්නට සිදුවී ඇත්තේ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා  සහ කම්කරු අමාත්‍යංශ ලේකම්වරයාගේ තනතුරු හිස්ව පවතිද්දී යැයි කම්කරු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 

ලෝක කම්කරු දිනය වන අද දින පොලීසිය සිය කටයුතුවලින් අකර්මන්‍ය වී ඇති බවට තොරතුරු වාර්තාවේ. මේ වන  විට මැයි දින පෙළපාලි හා රැලි පිළිබද අවධානය පමණක් පොලීසියේ රාජකාරිය වී ඇති අතර මේ හේතුවෙන් අනෙක් සියලු කටයුතු ඔවුන්ගෙන් මග හැරී ඇති බවද එකි විශ්වාස කටයුතු ආරංචි මාර්ග අවධාරණය කොට සිටී.