සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් විශේෂ හමුදාවක් හදන්න අවශ්‍යතාවයක් රජයට නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (03) ප්‍රකාශ කළේය.

රජය කටයුතු කරන්නේ ත්‍රිවිද හමුදාවේ ශක්තිය ධෛර්ය දියුණු කිරිමට මිස වෙනම විශේෂ හමුදා ඒකක පිහිටුවීමට නොවන බවද අගමැතිවරයා කීවේය.

ශ්‍රී ලාංකික වැඩ කරන ජනතාවට මෙවර මැයි දිනය සමරන්නට සිදුවී ඇත්තේ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා  සහ කම්කරු අමාත්‍යංශ ලේකම්වරයාගේ තනතුරු හිස්ව පවතිද්දී යැයි කම්කරු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 

ලෝක කම්කරු දිනය වන අද දින පොලීසිය සිය කටයුතුවලින් අකර්මන්‍ය වී ඇති බවට තොරතුරු වාර්තාවේ. මේ වන  විට මැයි දින පෙළපාලි හා රැලි පිළිබද අවධානය පමණක් පොලීසියේ රාජකාරිය වී ඇති අතර මේ හේතුවෙන් අනෙක් සියලු කටයුතු ඔවුන්ගෙන් මග හැරී ඇති බවද එකි විශ්වාස කටයුතු ආරංචි මාර්ග අවධාරණය කොට සිටී. 

කැබිනට් සම ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න විසින් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සිදුකළ ජනාධිපතිවරයා විසින් සරත් ෆොන්සේකාට හමුදාවේ ඉහල නිලයක් ලබා දීමට සාකච්ඡා වීම ගැන කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන්අදහස් දැක්වූ ජොන් සෙනෙවි රත්න ඇමතිවරයා සදහන් කොට සිටියේ රාජිත මහින්ද රාජපක්ෂට කඩේ යාමට එවැනි ප්‍රකාශයන් සිදුකරනු ලබන බවත් එමගින් ඔහු මහින්ද රාජපක්ෂගේ හිත ගැනීම සදහා ක්‍රියාකළ බවත්ය

අන්තර්ජාතික කම්කරු දිනය නිමිත්තෙන් මැයි 01 වැනි දා කොළඹ සහ මහනුවර රැළි 16ක් පැවැත්වීමට නියමිත ය.

මැයි දිනය තුළ නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් නිලධාරීන් 2600ක් අනුයුක්ත කර ඇති බවත් රැළි හැසිරවීම සඳහා රථවාහන පොලිස් නිලධාරීන් 1500ක් අනුයුක්ත කළ බවත් පොලිසිය පවසයි.

මහින්ද පිලේ මැයි රැලිය පැවැත්වීම සඳහා ඉල්ලා තිබූ ගාලුමුවදොර පිටියේ වේදිකාව ඉදිකිරීමට ලබා දී තිබූ සීමාව පසුකරමින් පිටිය මැදට ගෙන එය ඉදිකිරීමට තැත් කර ඇතැයි වාර්තා වේ.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබාදීමට සැරසෙන බවට චෝදනා කරමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් සඳුදා (අප්‍රේල් 24) දියත්කළ වැඩවර්ජනය හේතුවෙන් රටපුරාම ඉන්ධන බෙදාහැරීම ඇණහිට තිබුණි.

කුණු ප්‍රශ්නය විසඳීමට බල කරමින් උද්ඝෝෂණය කරන ජනතාව මහජන පීඩාව සිදුකරන බව පවසමින් ඔවුන්ව අධිකරණයට පැමිණවීමට රජය කටයුතු කළද, කුණුකඳු ගොඩගැසීම හරහා මහජන පීඩාව සිදුකරන්නේ ආණ්ඩුවම බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙන්වා දෙයි.