ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් සහ ජනාධිපති වරයා අතර පැවති සාකච්ඡා සාර්ථකව නිම වී ඇති අතර ලබන සෙනසුරාදා (29) අත්සන් කිරීමට නියමිතව තිබූ හම්බන්තොට වරාය බදු දීමට අදාළ ගිවිසුම අත්සන් කිරීම කල් දැමීමටද ආණ්ඩුවට තීරණය කර ඇත.

ඛනිජ තෙල් සේවක වර්ජනයෙන් තෙල් බෙදාහැරිම සිදු නොවන නිසා විදුලිය සැපයීමට බාධා සිදු වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. 

පුරහල, ලිප්ටන් වටරවුමේ වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඊයේ දිනයේ අැරඹු  නොනිදන රාත්‍රිය විරෝධතා අට්ටාලය මහජන පිඩාවක් යයි පවසා එය ඉවත කරන ලෙස ඉල්ලා කොලඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා ගත් නියෝගයක් සහිතව පැමිණි පොලිසිය විනාඩි 15ක් තුල ඉවත්වන ලෙස ප්‍රකාශ කර සිටි අතර මහජන පිඩාවක් කෙසේ සිදුවන්නේද  පිලිබදව සිසුන් දිගින් දිගටම පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රස්න කර සිටියේය. එම වචන හුවමාරුවෙන් පසුව පොලිසිය විසින් සිසුන් හට බඩුබාහිරාදිය ඉවත් කර ගැනීමට කාලයක් නොතබා අධිපිඩන ජල ප්‍රහාර එල්ල කොට සිසුන් පලවා හැරීමට කටයුතු කල අතර සිසුන් 13ක් අත්අඩංගුවට ගෙන තිබේ.

සයිටම් අර්බුදය මේ වනවිට ආණ්ඩුව දෙදෙරා යාමට තරම් ශක්තිමත්වී ඇත. විශ්වවිද්‍යාල සිසුන් විසින් ආරම්භ කරනු ලැබූ මෙම විරෝධතාවය මේ වනවිට වෛද්‍ය පීඨ අඛණ්ඩ අධ්‍යයන වාරණ හා සිසුන්ගේ දෙමාපියන් ඇතුලු ලංකාවේ සියලු වෘත්තීය සමිති එක්ව එයට විරෝධය දක්වමින් සිටී. මේ අතර විදෙස් ගත වූවන් විසින්ද සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිය විරෝධය දක්වමින් ඒ ඒ රටවල සිට විරෝධතාවයන් දියත් කරනු ලැබූ අයුරු පසුගියදා වාර්තාවිය. 

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දියත් කරනු ලබන විරෝධතාවන්ට සහාය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට දිනයේදී දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කොට සිටී.

යාපනයේ විද්‍යා පාසල් දැරිය දූෂණය කොට ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට අතිශය අමානුෂීය තත්වයන් උද්ගතව ඇති අතර එහි විශේෂ කරුණ වන්නේ ඒ සදහා ශ්‍රී ලංකා පොලීසියේ ආධාරය අදාළ ඝාතකයන්ට ලැබී තිබීමයි. මෙකී ඝාතනය සම්බන්ධයෙන් නඩුව මේ දින වල විභාග වෙමින් පවතින වාතාරණයක් තුළ එය විනිශ්චය කරනු ලබන විනිසුරුවරයා අරමුණකොටගෙන ඔහුට ආරක්ෂාව සැපයූ ආරක්ෂකයින්ට වෙඩි තැබීමක් සිදුකොට ඇති බව වාර්තාවේ. 

සත්හඬ පුවත්පතේ සම කර්තෘ ප්‍රවීන මාධ්‍යවේදී ප්‍රභාත් වීරරත්න මහතා ඊයේ (07) රාත්‍රියේ ඇතිවූ හදිස්සි හෘර්දයා බාධයකින් අභාවප්‍රාප්තවී තිබේ.

 

 

සයිටම් පෞද්ගලික වෛද්‍යවිද්‍යාලයට එරෙහිව හා ලංකාවේ ශිෂ්‍ය නායකයින් දඩයම් කිරීම මෙන්ම නිදහස් අධ්‍යාපන අයිතිය සුරකින ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුවට බලකරමින් ලන්ඩන් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හා බහුජන සංවිධාන රාශියක් එක්ව ඊයේ දිනයේදී ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කොට තිබිනි. 

 සයිටම් විරෝධී සිසු ජන සංවිධානයේ එක්සත් රාජධානි කමිටුව විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතා ව්‍යාපාරයට  බ්‍රිතාන්‍යයේ සමාජවාදී ශිෂ්‍ය ව්‍යාපාරය, බ්‍රිතාන්‍යයේ සමාජවාදී පක්ෂය සහ socialist fight සංවිධානය ඇතුළු පිරිසක් සහභාගී විය.