බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක ඉල්ලා අස්විය යුතු බව ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

ඔහු මේ බව පැවසූවේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමිනි. 

මහ බැංකු බැඳුම්කර ජනපති කොමිසමේදී නම කියවුණ හිටපු මුදල් ඇමැති හා වර්තමාන  විදේශ කටයුතු ඇමැති රවි කරුණානායකට විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට පෙර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් යෝජනා කර  ඇත. ජනපති කොමිසමේදී ගිය සතියේ හෙළි වූයේ රවි කරුණානායක ඇමැතිවරයා කුලියට ගත් සුපිරි නිවාස සඳහා කුලී මුදල ගෙවා ඇත්තේ බැඳුම්කර චෝදනා ලැබ ඇති අර්ජුන් ඇලෝෂියස් බවය.කෙසේ නමුදු මේ සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාවක්   දෙන ලෙස එජාප මන්ත්‍රී කණ්ඩායම අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

හම්බන්තොට - මාගම්පුර වරාය, චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස්ග් සමාගමට බදු දීමේ ගිවිසුමට මීට සිවල්ප මොහොතකට පෙර අත්සන් තැබුණි.   ඒ, අදාළ ගිවිසුම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීමෙන් අනතුරුවය.  ඒ අනුව ශ්‍රී ලංකා රජය සහ චයිනා  මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම මෙම ව්‍යාපාරයේ හිමිකරුවන් වෙයි.  හම්බන්තොට වරාය, රාජ්‍ය - පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම මෙම ගිවිසුම මඟින් සිදු කෙරෙයි. 

ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් සහ ජනාධිපති වරයා අතර පැවති සාකච්ඡා සාර්ථකව නිම වී ඇති අතර ලබන සෙනසුරාදා (29) අත්සන් කිරීමට නියමිතව තිබූ හම්බන්තොට වරාය බදු දීමට අදාළ ගිවිසුම අත්සන් කිරීම කල් දැමීමටද ආණ්ඩුවට තීරණය කර ඇත.

ඛනිජ තෙල් සේවක වර්ජනයෙන් තෙල් බෙදාහැරිම සිදු නොවන නිසා විදුලිය සැපයීමට බාධා සිදු වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. 

පුරහල, ලිප්ටන් වටරවුමේ වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඊයේ දිනයේ අැරඹු  නොනිදන රාත්‍රිය විරෝධතා අට්ටාලය මහජන පිඩාවක් යයි පවසා එය ඉවත කරන ලෙස ඉල්ලා කොලඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා ගත් නියෝගයක් සහිතව පැමිණි පොලිසිය විනාඩි 15ක් තුල ඉවත්වන ලෙස ප්‍රකාශ කර සිටි අතර මහජන පිඩාවක් කෙසේ සිදුවන්නේද  පිලිබදව සිසුන් දිගින් දිගටම පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රස්න කර සිටියේය. එම වචන හුවමාරුවෙන් පසුව පොලිසිය විසින් සිසුන් හට බඩුබාහිරාදිය ඉවත් කර ගැනීමට කාලයක් නොතබා අධිපිඩන ජල ප්‍රහාර එල්ල කොට සිසුන් පලවා හැරීමට කටයුතු කල අතර සිසුන් 13ක් අත්අඩංගුවට ගෙන තිබේ.

සයිටම් අර්බුදය මේ වනවිට ආණ්ඩුව දෙදෙරා යාමට තරම් ශක්තිමත්වී ඇත. විශ්වවිද්‍යාල සිසුන් විසින් ආරම්භ කරනු ලැබූ මෙම විරෝධතාවය මේ වනවිට වෛද්‍ය පීඨ අඛණ්ඩ අධ්‍යයන වාරණ හා සිසුන්ගේ දෙමාපියන් ඇතුලු ලංකාවේ සියලු වෘත්තීය සමිති එක්ව එයට විරෝධය දක්වමින් සිටී. මේ අතර විදෙස් ගත වූවන් විසින්ද සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිය විරෝධය දක්වමින් ඒ ඒ රටවල සිට විරෝධතාවයන් දියත් කරනු ලැබූ අයුරු පසුගියදා වාර්තාවිය. 

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දියත් කරනු ලබන විරෝධතාවන්ට සහාය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට දිනයේදී දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කොට සිටී.