රටක් සතු දැවැන්ත සම්පත් වන්නේ එම රට සතු රාජ්‍ය සම්පත්ය. කිසියම් රාජ්‍යයක රාජ්‍ය පාලකයන් විසින් කළ යුතු වන්නේ එකී සම්පත් නිසි කළමණාකරණයෙන් එවැනි දෑ වඩා වර්ධනය කිරීම සදහා ඇප කැපවීමය. එහෙත් පැවැති පාලකයන් මෙන්ම මේ වන විට පාලනයේ නියුතු වූවන්ද ඒ සම්බන්ධයෙන් දැක්වූ උනන්දුවේ තරම පෙන්නුම් කිරීම ලංකාවේ ආර්ථික අවපාතයන් සම්බන්ධයෙන් ලොවට කියා පානු ලබන උදාහරණයන්ය.

යහපාලන ආණ්ඩුව බලයට පත්වන්නේ දූෂිතයන් නැති කිරීමේ පරම පවිත්‍ර චේතනාවක්ද සහිතවය. එහෙත් ස්දේශ කටයුතු අමාත්‍යංශය විසින් ගෙන යන වැඩපිළිවෙලෙහි යහපාලන ය යන්න නිරුවත් කොට ඇති බව පසක් වීම සදහා වන අවස්ථාවන් උදාකොට ඇත.

අරණායක අම්බලකන්ද ප‍්‍රදේශයේ කඹරගල කන්දත් මාතලා ගල කන්ද අතර කොටසේ නාය යෑම සිදු ව ඇති බව වාර්තා වේ.  අයහපත් කාලගුණ තත්වය නිසා මෙම ප‍්‍රදේශයට ගමන් කිරිම අවදානම් සහගත බව දක්වා අවට ගම්වාසීන් එම ප්‍ර දේශයෙන් ඉවත් කොට තිබූ අතර ඔවුන් සදහන් කොට සිටින්නේ තම නිවාස මෙම නාය යාමට යටවී ද යන්න සම්බන්ධයෙන් කිසිවක් කිව නොහැකි බවයි. 

කැළණිය සරසවියේ සිසුන් 07 දෙනෙකු අද (06) කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මහර අධිකරණයට ඉදිරිපත් කොට ඔවුන් ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු යොදා ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග උගන්ඩා සංචාරයක නිරත වීම සදහා අධිකරණය මගින් විදෙස් ගමන් වාරණය කොට සිටින යෝෂිත රාජපක්ෂ අවසර ඉල්ලා ඇති නමුත් ඒ සදහා අවසර ලබාදීමට අධිකරණය ප්‍රතික්ෂේප කොට ඇත.

රුපියල් ලක්ෂ 54ක මුදලක් ලබාගෙන සාපරාධි විශ්වාසය කඩ කිරීමේ චෝදනාව මත රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරට කොළඹ මහාධිකරණය අද අධි චෝදනා බාර දෙනු ලැබීය‍

වැඩබිමකදී සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් හිසේ බරපතළ තුවාල ලැබූ මේජර් ජෙනරාල් සුමිත් මානවඩු ජීවිතක්ෂයට පත්ව තිබේ. පසුගිය 04 වන දින පෙරවරුවේ තුවාල ලැබූ ඔහු ප්‍රථමයෙන් යුද හමුදා රෝහලට ඇතුළත් කොට පසුව කොළඹ ජාතික රෝහලට මාරුකර එවා එහිදී හදිසි සැත්කමකට භාජනය කරන ලදී.