දින හතළිස් ගණනක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ළහිරු වීරසේකර  ඇප මත මුදා හැරුණේ  රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප තුනක් සහ රුපියල්  දස දහසක මුදල් ඇපයක් මතය.

 දැනට උද්ගත වී ඇති සයිටම් ආයතනයේ අර්බුදය විසදීම පිණිස 2016 ට පෙර එම ආයතනයට බඳවා ගැනුණු අපොස උසස්පෙළ සම්මාන සාමාර්ථ දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් ලබා ගත් සිසුන්ට ඔවුන්ගේ වෛද්‍ය උපාධි පාඨමාලාව සම්පූර්ණ කිරීමට ඉඩ දිය යුතු බවත්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පවත්වනු ලබන අමතර පුහුණු අවශ්‍යතා සපුරාලීමෙන් සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ බලපත්‍ර විභාගය සමත්වීමෙන් පසු ඔවුන්ට වෛද්‍ය වෘත්තිය සඳහා වන හිමි ලබාදිය යුතු බවත්, රාජ්‍ය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ අටේ පීඨාධිපතිවරුන්, උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

දිවයිනෙ සියලු රෝහල් හා රාජ්‍ය ආයතන මෙන්ම කොළඹ ජාතික රෝහල , වරාය අධිකාරිය, තැපැල් දේපාර්තමේන්තුව ලංකා විදුලිය බල මණ්ඩලය , මිනින්දොරු දෙපාර්මේන්තුව , පළාත් පාලන ආයතන හා සියලු විශ්වවිද්‍යාල යන ආයතනයන්හි අද දිනයේ මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විරෝධතාවයක් දියත් කරනු ලැබීය. 

Thursday, 03 August 2017 01:00

රවීට සියල්ල අමතකයි  

Written by

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසම අමතමින් පෙන්වා දුන්  අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකතනයට අදාළ ඩිජිටල් වෝහාරික වාර්තාවේ  ඇති එස්.එම්.එස්. පණිවුඩ පිළිබඳව තමාට මතකයක් නැතැයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා බැඳුම්කර   කොමිසම හමුවේ සාක්කි දෙමින් අද (02) පැවසීය.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක ඉල්ලා අස්විය යුතු බව ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

ඔහු මේ බව පැවසූවේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමිනි. 

මහ බැංකු බැඳුම්කර ජනපති කොමිසමේදී නම කියවුණ හිටපු මුදල් ඇමැති හා වර්තමාන  විදේශ කටයුතු ඇමැති රවි කරුණානායකට විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට පෙර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් යෝජනා කර  ඇත. ජනපති කොමිසමේදී ගිය සතියේ හෙළි වූයේ රවි කරුණානායක ඇමැතිවරයා කුලියට ගත් සුපිරි නිවාස සඳහා කුලී මුදල ගෙවා ඇත්තේ බැඳුම්කර චෝදනා ලැබ ඇති අර්ජුන් ඇලෝෂියස් බවය.කෙසේ නමුදු මේ සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාවක්   දෙන ලෙස එජාප මන්ත්‍රී කණ්ඩායම අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

හම්බන්තොට - මාගම්පුර වරාය, චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස්ග් සමාගමට බදු දීමේ ගිවිසුමට මීට සිවල්ප මොහොතකට පෙර අත්සන් තැබුණි.   ඒ, අදාළ ගිවිසුම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීමෙන් අනතුරුවය.  ඒ අනුව ශ්‍රී ලංකා රජය සහ චයිනා  මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම මෙම ව්‍යාපාරයේ හිමිකරුවන් වෙයි.  හම්බන්තොට වරාය, රාජ්‍ය - පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම මෙම ගිවිසුම මඟින් සිදු කෙරෙයි. 

ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් සහ ජනාධිපති වරයා අතර පැවති සාකච්ඡා සාර්ථකව නිම වී ඇති අතර ලබන සෙනසුරාදා (29) අත්සන් කිරීමට නියමිතව තිබූ හම්බන්තොට වරාය බදු දීමට අදාළ ගිවිසුම අත්සන් කිරීම කල් දැමීමටද ආණ්ඩුවට තීරණය කර ඇත.