රාජපක්ෂ පවුල වෙත දැඩි බලපෑමක් එල්ල වි ඇති ඝාතනයක් වන වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණය යට ගැසූ බවට අධිකරණයෙන් වැරදිකරුවෙක් වී සිරිගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මුණ ගැසීම සදහා මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ගොස් ඇත. 

බස්නාහිර පළාත් ප්‍රවාවහන අධිකාරිය විසින් නව ආණ්ඩුව විසින් තීරණය කොට ඇති ත්‍රීවිලර් රථ ලියාපදිංචිය සමග පෞද්ගලික දුරකථන සමාගමක් වන මොබිටෙල් ආයතනය එකී ත්‍රීවිලර් හිමියන්ගෙන් කප්පම් ගැනීමේ කූට උපාය මාර්ගයක් සැලසුම් කොට ඇති බවට තොරතුරු වාර්තාවේ. 

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ලේකම් මොහොමඩ් මුසම්මිල් ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතා කිරීම හේතුවෙන්  අත්අඩංගුවට ගත් බව වාර්තාවේ. 

දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ සේවය කරන සේවයන් 14 159 කට අයත් පාරිතෝෂිත මුදල්  නිසි ලෙස ලබාදීමට ඇමති එස්.බී. දිසානායක කටයුතු කොට ඇති බවට සමෘද්ධි නිලධාරීන්ගේ සංමගය විසින් චෝදනා කොට සිටී.

වරාය හා නාවුක කටයුතු ඇමති අර්ජුන රණතුංග විසින් වරායට අයත් වඩු කාර්මාන්ත අංගනය යොදාගෙන තම සුඛ විහරණය සදහා භාණ්ඩ නිපදවන්නේය යන චෝදනාව සදහා ඇමතිවරයා විසින් අද (19) පුවත්පත් සාකච්ඡාවක් පවත්වා පවසා සිටියේ තමාට එරෙහිව සිදුකරන මෙම ක්‍රියාවන් සම්බන්ධයෙන් අධිකරණයට යන බවයි.

පොලිස් විශේෂ කාර්යබලකායේ ප්‍රධානියෙකු මාධ්‍ය වේදීන් ද පාතාල ලෝකය මර්දනය කරන පරිදි මර්දනය කරන බව ප්‍රකාශ කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලීසිය විසින් මාධ්‍ය යෙන් ප්‍රසිද්ධියේ සමාව ගත්තේය. 

මියගිය ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහයන්ගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු ඊයේ (18) බොරැල්ල කනත්තේදී සිදුවූ අතර දේහය කනත්ත වෙත රැගෙන ඒමට පෙර නිවස තුළ දී ආගමිකවතාවත් සිදුකනු ලැබීය. අනතුරුව රිය පෙරහරින් දේහය බොරැල්ල කනත්ත වෙත රැගෙන එනු ලැබීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද පිල නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාය අද (18) පෙරවරුවේ ඔහුගේ නිවසේදී පොලිස් විශේෂ විමර්ශන ඒකකය වසින් අත්අඩංගුවට ගෙන තිබේ.