තමා මේ ආණ්ඩුවට එක් වුයේ යහපාලනය උදා කිරීමට පමණක් බවත්  එහෙත් මේ වනවිට එම මූලයන්ගෙන් ආණ්ඩුව වෙනස් වී ඇති බව දැනෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සදහන් කොට සිටී.

කටුනායක වෙළද කළාපයේ සේවයේ නියුතු කාන්තාවන්ගෙන් එම ආයතනන්හි හාම්පුතුන් ලිංගික අල්ලස් ගැනීම මේ වන විට වර්ධනය වී ඇති බවත් එසේම සේවක අයිතීන් කප්පාදු කොට ඇති බවත් පවසමින් ඊයේ දින කටුනායක වෙළද කළාපයට අයත් වෘත්තිය සමිති 6ක සේවක සේවිකාවෝ උද්ඝෝෂණික ක්‍රියාමාර්ගයක් දියත් කරුනු ලැබීය.

මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ තිබී ඊයේ (21)සොයාගත් ඩිෆෙන්ඩර් රථය තමාගේ බවට බොරු ප්‍රචාරයක් යැවීම හා එමගින් තමා මිනි මැරුම් සිදුකළ බවටත් ජනතාව හමුවේ අසත්‍ය තොරතුරු පැවසීම හේතුවෙන් තමාගේ කීර්තිනාමයට හානි පමුණුවන ලද්දේය යන චෝදනාව මත මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා විසින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගෙන් හා හනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේගෙන් රුපියල් මිලියනයක වන්දි ඉල්ලා එන්තරවාසි යැවීමට පියවර ගෙන ඇත.

ලෝක ළමා ශ්‍රම විරෝධී දිනය නිමිති කොටගෙන ක්‍රියාත්මක වූ වැඩපිළිවෙලකට සහභාගී වූ ජනධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී ළමා ශ්‍රමය සූරාකන්නන්ට දැඩි දඩුවම් ලබාදිය යුතු බවත් ළමා ශ්‍රමය පිටු දැකිය යුතු බව පවසමින් SMS පණිවුඩයක් ක්‍රියාත්මක කරනු ලැබීය.

ඩිජිටල් තාක්ෂණ ඇමති හරේන් ප්‍රනාන්දුගේ ලේකම්වරයා විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රිය සම්භාෂණයක් ඊයේ (22)දින කොළඹ කොටුව ප්‍ර දේශයේ ප්‍රසිද්ධ අවහන්හලකදී සිදුකෙරිණි. මේ අවස්ථාවට හරේන් ප්‍රනාන්දු  ඇමතිවරයාද  සහභාගී වී සිටි අතර ප්‍රිය සම්භාෂණය අතර තුරදී අදාළ අවන්හලෙහි නීති රීතීන්ට පටහැනිව එහි අභ්‍යන්තරයේ දුම්බීම සපුරා තහනම් කොට ඇති තත්වයක් යටතේ හරීන් ප්‍රනාන්දු ඇමතිවරයාගේ ගෝලයෝ දුම්පාලනය කොට ඇත. 

ශ්‍රී ලංකාව තුළ සිදුවුණු යුද අපරාධ සම්බන්ධයෙන් පමණක් නොව අනෙක් සෑම කටයුත්තක් සම්බන්ධයෙන්ම පරීක්ෂණ පැවැත්වීමේ දී  මෙරට තුළ සිදුවන කවර අන්දමක යාන්ත්‍රණයකට දෙමළ ජාතික සන්ධානය අකැමති බවත් ඒ පිළිබඳව සලකා බැලීමක් හෝ කරන්නේ ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් යුතු යාන්ත්‍රණයක් පැමිණියහොත් පමණක් බවත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේස්වරන් මහතා ප්‍රකාශ කරයි.

වරයා හා නාවුක කටයුතු ඇමති අර්ජුන රණතුංග විසින් වරාය සේවයන්ට සිදුකරන අසාධරණය හා වරාය තම පෞද්ගලික දේපලක් ලෙස ගෙන කටයුතු කිරිම ට විරෝධය දක්වා පවත්වන උපවාසය අතර තුර අද (22) අළුයම කොළඹ වරායේ පිවිසුම් දොරටුව ආසන්නයේ දෙපිරිසක් අතර උණුසුම්කාරී තත්ත්වයක් හට ගත්තේය.  මෙම ගැටුම ඇති වී තිබෙන්නේ එම පිරිස සහ අමාත්‍යවරයාට පක්ෂ සේවකයින් පිරිසක් අතරයි.

නිදහස් අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම සදහා තම දිවි කුසුම පරිත්‍යාග කළ සුවහසක් විරු සිසුවන් සමරණ ජාතික ශිෂ්‍ය වීර දිනය ඊයේ (20)සබරගමු විශ්වවිද්‍යාලයේදී පැවැත්විනි.