ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා  හෙට දින (30) ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අතහැර එක්සත් ජාතික පක්ෂය හා එකතු වීමට කටයුතු යොදා ඇති බව වාර්තාවේ.

මහබැංකුවේ බැඳුම්කර සිද්ධිය ගැන විගණකාධිපතිවරයා විසින් සකස් කළ වාර්තාව කථානායක කරු ජයසූරිය මහතා වෙත අද පෙරවරුවේ බාරදී තිබේ.

චීනයේ චියැන්ජියෑන් නගරයේ පැවැත්වෙන ගිම්හාන සමුළුවට සමගාමීව ජිනීවා කේන්ද්‍රකරගත් ලෝක ආර්ථික සමුළුව මානව ප්‍රාග්ධන දර්ශකය ඊයේ (ජුනි 28) එළිදක්වනු ලැබීය. 

මහ බැංකු සභාපති  පුටුව සදහා මේ වන තුරුත් කිසිවෙකු පත්කිරීමට මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති වුවත් අද (29) උදෑසන අරලියගහ මන්දිරයෙහි ඇමති ඉරාන් වික්‍රමරත්න පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වෙමින් පවතින බව වාර්තාවේ. 

ආණ්ඩුවේ කටු ලෙවකන්න ඇමැතිකම් නොගත් බවත් ජනතා අවශ්‍යතාවයන් ඉටු කිරීමට නොහැකි වුවහොත් ආණ්ඩුවෙන් එළියට යන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය. බදුල්ල නව නගර ශාලා ශ්‍රවණාගාරය හා නවීකරණය කරන ලද සයිමන් පීරිස් ශාලාව විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් බදුල්ලෙන් ආරම්භ කිරීමට සංවිධාන කටයුතු ආරම්භ කොට ඇති පක්ෂය එජාපයේ ඩීල් එකක්දැයි සැකයක් පවතින බව ඇමති සුදර්දශනී ප්‍රනාන්දු පුල්ලේ සදහන් කොට සිටින්නීය.

මැති ඇමතිවරුන්ගේ දේපළ සහ වත්කම් හෙළිදරව් කර ගැනීමෙන් පසු ඒවා ප්‍රසිද්ධ කිරීමට සහ ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ කතා බහ කිරීමට පුරවැසියන්ට අවසර ලබා දිය යුතු බව සිවිල් ක්‍රියාධරයෝ ඉල්ලා සිටිති.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ජූලි 5 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය  අද (27) නියෝග කළේය.