කැළණිය ප්‍ර දේශයේ කුණු හුවමාරු මධ්‍යස්ථානයක් ඉදිකිරීම සදහා වන ජනතාවදැනුත් කිරීමේ වැඩ සටහනකට සහභාගී වූ ඇමති පාඨලී චම්පික රණවක හට ප්‍රදේශවාසී නියෝජිතයන්ගෙ දැඩි  දෝෂාරෝපණයකට මුහුණ දමට සිදු වූ බව වාර්තාවේ.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් පසුගියදා ලබාදුන් තීන්දුවෙන් පසුව එම ආයතනය ලාබ නොලබන ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට තීරණය වූ අතර  ඊයේ 01 දින පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති රාජිත සේනාරත්න සදහන් කොට සිටියේ අදාළ ආයතනය භාර ගැනීම සදහා ස්ලිට් ආයතනයට අමතරව පෞද්ගලික ආයතන කිහිපයක් ඉදිරිපත්ව ඇති බවයි.

අපේ රට වසර 2500ක ඉතිහාසය තුළ රටේ ජනතාව අනුමත කරන රට පාලනය කරන්නා වූ නීතියක් නැහැ. ආසියාවේ පරණම ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටක් කියලා ශ්‍රී ලංකාව හැඳින්වූවත් ජනතාව සම්මත නොකළ ව්‍යවස්තාවකින් පාලනය වන රටක් කියලා අපේ රට හඳුන්වන්න පුළුවන්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සයිටම් ගැළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනා පිළිගැනීමත් සමග සයිටම් ආයතනයේ ප්‍රධානී නෙවිල් ප්‍රනාන්දු විසින් යුහුසුළුව ලිපියක් යොමු කොට ඇති අතර එහි දැක්වෙන්නේ පසුව හෝ සත්‍ය තේරුම්ගෙන නිවැරදි වීම හා මේ වන විටත් රජයේ විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය පීඨයන්හි දේශන වර්ජනයේ යෙදෙන සිසුන්ට එම වර්ජනය නවතා දේශන සදහා සහභාගී වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කටයුතු කරනු ඇති බවයි.

සයිටම් වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම සදහා ගෙන යනු ලබන අරගලය තවත් ඉදිරියට පවත්වාගෙන යාමට වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සන්දය හා එයට විරුද්ධ සංවිධාන අද තීරණය කරනු ලැබීය. ඒ අද (29) නුගේගොඩ පැවැති දැවැන්ත රැළියකට සහභාගී වෙමින්  ජනපතිවරයාගේ විසදුම ප්‍රකාශ කිරීම හා එහි තත්වයන් අධ්‍යයන කිරීමෙන් අනතුරුවය.

සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටළුව නිරාකරණය කරගැනීම සඳහා රජය විසින් විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.

 

ලංකාවේ අධ්‍යාපනයට ප්‍රමිතියක් හෝ ගුණයක් නොමැති බව එදිනෙදා අසන්නට ලැබෙන ප්‍රවෘත්තීන්ගෙන් පමණක් නොව සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියම විමසීමේදී අවබෝධ කොට ගත හැකිවේ.

රුපියල් මිලියන 4012 ක මූල්‍ය අක්‍රමිකතාවක් සිදු වූ බව කියන ගිං - නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය භාරව සිටි චීන සමාගමට ම මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතියත් භාර දී තිබේ. 

ගිං - නිල්වලා හැරවුම් ව්‍යාපෘතියේ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය විසින් කරන ලද විමර්ශනයකින් පසු, පසුගිය රජයේ වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් අයිවන් ද සිල්වාව අත් අඩංගුවට ගන්නා  ලෙස අධිකරණය විසින් පසුගිය 16 වනදා නියෝග කෙරිණි. ඔහු දැනට රටින් පළාගොස් නවසීලන්තයේ වාසය කරන බවද වාර්තා වී තිබිණි. ඔහු විසින් 2015 ජනවාරි මාසයේදී චීන කැම්ක් ඉංජිනියරින් (CAMC) සමාගමට මුදල් ගෙවා තිබුණ ද ව්‍යාපෘතියේ එක් පස් පිඩැල්ලක් හෝ මේ වනතෙක් කපා නැත. සමාගම ප්‍රකාශ කර ඇත්තේ ඔහු විසින් ගෙවිය යුතුව තිබුණු 5%ක මුදල වෙනුවට 4.35%ක මුදලක් පමණක් ගෙවා ඇති බවය. ගිං - නිල්වලා ව්‍යාපෘතිය ඇමරිකන් ඩොලර් මිලියන 690ක ව්‍යාපෘතියකි.