සයිටම් විරෝධයෙන් ඇතිවූ අර්බුද තවම අවසන් නැත. සයිටම්  ඕනැද එපා ද යන්න තවමත් තීරණය කර ගත නොහැකි වී සිටින පාලකයින් ඉදිරියේ මේ වනවිට රට මුහුණ පා සිටින අර්බුද රැසකි. එහෙත් ඒවා  ගැන යොමුවන අවධානය ඉතාමත් අල්ප වී ඇත්තේ සයිටම් අර්බුදයේ පෙනෙන පැත්ත දෙස පමණක් සියලූ අංශ බලන හෙයිනි.

හම්බන්තොට වරාය බේරාගැනීමට යැයි පවසමින් පෙරේදා (06) ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් විසින් උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබූ අතර  ඒ සදහා විශාල පිරිසක් සහභාගී වූ අතර හම්බන්තොට අධිකරණය කලාපය තුළ මෙම උද්ඝෝෂණය වාරණය කරමින් අධිකරණ නියෝගයක් ද නිකුත්කර තිබිණි.

දෙමළ බෙදුම්වාදී යුද්ධය අතරතුර සහ ඉන්පසුව සිය ජනාධිපති සොහොයුරාගේ අණදීම යටතේ ආරක්ෂක හමුදාවන් අපරාධ සිදුකළ බව පිළිගනිමින් ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගිය ඉරිදා යාපනයේ පුවත්පත්කලාවේදීන් කම්පනයට පත්වන ප්‍රකාශයක් සිදුකළේය.

ලංකාවේ දේශපාලනඥයන් බොහෝ විට දේව ආර්ශිවාදය ලබා ගැනීම සදහා යනෙන තැනක් බවට අනුරාධපුර ඥාන අක්කාගේ කාලි දේවාලය ප්‍රසිද්ධය. පසුගිය දිනෙක ආණ්ඩුවේ ඇමතිවරු කිහිප දෙනෙකු එහි ගොස් තමන්ට දේවාශිර්වාදය ලබාගැනීම සදහා කටයුතු කොට ඇති අතර එහිදී ඒ සදහා වන පොලිස් ආරක්ෂාව ලබාදීමට පොලිස්පති පූජිත ජයසුන්දර සෘජුව මැදිහත්ව කටයුතු කොට ඇති බව වාර්තාවේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මගින් ශ්‍රී ලංකාව එක්සත් (සන්ධීය) රාජ්‍යයක් ලෙස අර්ථ නිරූපණය කර සිංහල ජනයා නොමග යැවීමේ අධම උපක‍්‍රමයක යෙදී ඇතැයි බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

සයිටම් ආයතනයේ වර්තමාන කොටස් හිමිකාරිත්වය සහ කළමනාකරණ ව්‍යූහය අහෝසි කළ යුතු බව සයිටම් ආයතනය සම්බන්ධව උද්ගතව තිබෙන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා පත් කළ කමිටුව යෝජනා කර තිබේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ 2015 ජනපති ධූරයට තරග වැදුණ අවස්ථාවේ මැතිවරණ ප්‍රචාරණය පිණිස තමන් මූලිකත්වය දැරූ විදුලි සන්දේශන නියාමන කොමිෂන් සභාවේ මහජන මුදල් රුපියල් මිලියන 600ක් සිල් රෙදි බෙදාදීමේ කටයුත්තකට මහින්දගේ රුව ගසා පන්සල්වලට යොමු කිරීමෙන් සිදුකල නාස්තිය හේතුවෙන්

අධිවේගී මාර්ග ඉදිකිරීම්වලට මුවාවෙමින් වත්මන් රනිල් – මෛත්‍රී යහපාන ආණ්ඩුවද පැවති මහින්ද රාජක්ෂ පාලනය මෙන්ම දැවැන්ත ලෙස ජනතා මුදල් වංචාකරමින් දූෂිත ගණුදෙනු සිදුකරමින් සිටින බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ ඊයේ (30) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් කොප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා අනාවරණය කර සිටියේය.