යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමග ජාත්‍යන්තර සම්බන්දතාවන්හි නව නැඹුරුවක් ඇති වූ අතර ඒ සදහා ජනාධිපතිවරයා හා අගමැතිවරයා මෙන්ම විදෙස් ඇමති මංගල සමරවීර ඇමතිවරයාද මූලික විය. ඉන්දියාව, චීනය හා රුසියාව  ඉතා සමීප මිතුරන් ලෙස ගොඩ නගා ගත් රාජ්‍ය සුහදත්වය මෙහි මූලික කරුණක් ලෙස දැක්විය හැකිවේ. 

කෙසේ නමුත් මෙම රාජ්‍ය සම්බන්ධතා බිද දැමීම සදහා ක්‍රියාත්මක වන බලවේගයන්ද රට අභ්‍යන්තරයේ මෙන්ම බාහිරින්ද ක්‍රියාත්මකවේ.  එවැනි එක් බලවේගයක් පිළිබද මේ වන විට තොරතුරු අනාවරණය වන අතර එමගින් රුසියානු සම්බන්ධතා බිද දැමීම ඒකයන අරමුණ වන අතර අනෙක් රාජ්‍යයන් වන ඉන්දියාව හා චීනය සම්බන්ධයෙන්ද ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය එලෙසම පවතී.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පාගමනට පොලීසිය විසින් ජනාධිපති කාර්යාලය අසලදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සංශෝධන 2016 වසරේ සිට 2020 වසර දක්වා වසරින් වසර වැඩිකිරීමේ අරමුණින් නිකුත් කරන ලද 3/2016 රාජ්‍ය පරිපාලන චක්‍ර‍ලේඛය රජය විසින් අත්හිටුවීමට ගත් තීරණයට විරෝධය පළකරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

මීට අදාළ විරෝධය පළකරමින් කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ අත්සනින් යුතුව විශේෂ ලිපියක් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් ජනාධිපතිවරයා වෙත ද යොමුකර තිබේ.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව පත්වන දින 100 ආණ්ඩුවෙහි තනතුරු අතර ජනාධිපති ලේකම් කාර්යාලය මගින් දියත් කරනු ලබන ICTA ව්‍යාපෘතියෙහි අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරනු ලබන මුහුන්දන් කනකේ නැමැති පුද්ගලයා.. එකී දින සියය ඇවෑමෙන් පසුවද අයි.සී.ටී.ඒ. ප්‍රධාන විධායක පුටුවෙහි රජ කරමින් සිටීම මේ වනවිට අර්බුදකාරී තත්වයකට පත්ව ඇත. 

1818 දී බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයට  විරුද්ධව  ඌව වෙළ්ලස්සේ දී සටන් මෙහෙයවා රජ්‍ය ද්‍රෝහීන් බවට පත් කෙරුනු  නායකයන් අවුරුදු 200 කට පසු පසුගිය මාර්තු පලමුවෙනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහනුවර ඓතිහාසික මඟුල්මඩුවේ දී  ජාතික වීරයන් බවට පත් කෙරෙන උත්සවයට සහගාගිවීම සෙසු නිකාය දෙකේ මහනායකවරුන් දෙදෙනාට තහනම් කෙරුනේය. මෙසේ තහනම පැනවුනේ අමරපුර නිකායේ මහනායක දවුල්දෙන ඥාණිස්සර හා රාමඤ්ඤ නිකායේ මහනායක නාපාන ප්‍රේමසිරි දෙපොලටය. දළදා මැදුරේ තොරතුරු පවසන ආකාරයට සියම් නිකායේ අස්ගිරි හා මල්වතු පාර්ශවවල මහනායකයන් දෙදෙනා සෙසු නිකායික මහනායකයන් දෙදෙනාට මඟුල් මඩුවට ඇතුලු වීමට ඉඩදිය නොහැකිබව දැඩි විරුදධත්වය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජනාධිපති සිරිසේනට අමරපුර හා රාමඤ්ඤ මහනායකවරුන් දෙදෙනාට කෙරුනු ආරාධනය ආපසු ගෙන්වා ගැනීමට සිදුවුනේය.

ප්‍රංශයේ පැරිස් නගරයේ පිහිටි නේපාල තානාපති කාර්යාලයේ නිත්‍ය රියදුරෙකු විසින් පසුගියදා ඔහු සහ යහපාලන ආණ්ඩුවට කත් ඇදිමට පිහිටුවාගත් පුරවැසි බලය නමැති සංවිධානයෙන් පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව එහි ප්‍රශ්න නගන ලද මාධ්‍යවේදියෙකු හට මාධ්‍ය සම්බන්ධයෙන් පාඩම් කියාදීමට ඇගිල්ල දිගු කරනු ලැබීය.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය ඔහුට ජීවිත තර්ජන ඇති බවට හුවා දැක්වීමේ අරමුණින් ව්‍යාජ ලෙස සැලසුම් කරන ලද්දක් බවට හෙළි වී තිබේ.

වසර ගණනාවකට පසු ශ්‍රී ලංකාවේ  බිහි වූ විශිෂ්ටතම හා කාර්යක්ෂම සෞඛ්‍ය අමාත්‍යවරයා දොස්තර රාජිත සේනාරත්න බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කළාපීය අධ්‍යක්ෂිකාව පවසයි.