editor

editor

අරණායක අම්බලකන්ද ප‍්‍රදේශයේ කඹරගල කන්දත් මාතලා ගල කන්ද අතර කොටසේ නාය යෑම සිදු ව ඇති බව වාර්තා වේ.  අයහපත් කාලගුණ තත්වය නිසා මෙම ප‍්‍රදේශයට ගමන් කිරිම අවදානම් සහගත බව දක්වා අවට ගම්වාසීන් එම ප්‍ර දේශයෙන් ඉවත් කොට තිබූ අතර ඔවුන් සදහන් කොට සිටින්නේ තම නිවාස මෙම නාය යාමට යටවී ද යන්න සම්බන්ධයෙන් කිසිවක් කිව නොහැකි බවයි. 

රට පුරා ඇති වී තිබෙන අපදා ත්තවය නිසා මිනිදුසුන් බොහෝ දෙනෙක් මියගියේය .තවත් අයට උන් හිටි තැන් අහිමි විය. මාහා විනාශයක් නැවත වරක් ඇති විය. මෙ අවසානය නොව ආරමිභයයි.

මිට වසර කිහිපයකට පෙර මිරීයබැද්ද නාය ගොස් මිනිස් ජීවිත විශාල සංඛ්යාවක් විනෘශ විය. එය කරුමයක් ,දේවියන්ගේ කැමත්ත ,හෝ දේශගුණික විපර්්යාස නිසා සිදුවු නොවූ බව පසුකාලීනව සාක්ෂි සහිතව අප අණාවරණය කළහ. උමා ඔය ව්යාපෘතිය නිසා සිදුවන විනාශයේ ප්රතිපල බව එය හොදින්ම අණාවරණය විය.