editor

editor

ප‍්‍රසන්න විතානගේ, අශෝක හඳගම සහ විමුක්ති ජයසුන්දර තුන්ඈදුතු සිනමා නිර්මාණයක් ලෙස තිදෙනෙක් මුල්වරට දුටුවේ ඊයේ සන්ධ්‍යාවේ ය. මේ සිනමාකරුවන් තිදෙනා සිනමාවට එක් කළ සාධනීය නිර්මාණයන් නිසාත් ශ‍්‍රී ලාංකීය සිනමාවේ මානය කොදෙව්වෙන් එහාට පුළුල් කිරීම වෙනුවෙන් කළ මැදිහත් වීම නිසාත් තිදෙනෙක් නැරඹීම සඳහා තරංගනීයේ අසුන්ගත්තේ ප‍්‍රසන්න හැගීමෙනි. යුද්ධය පාදක කරගනිමින් විවිධාරයේ සිනමාත්මක මැදිහත් වීම් සිදු කළ ඇති මේ තිදෙනා මෙවර එක්ව නිර්මාණය කළ ‘තිදෙනෙක්’ උදෙසා ද තේමාව කරගන්නේ යුද්දෙන් පසු දෙමළ සමාජයේ තත්වයන් ත‍්‍රිත්වයකි. සිනමා දැක්ම ආරම්භයට පෙර හඳගම කියූ ලෙසින් ම තවමත් වසා නොමැති යුද්ධ නම් ගිණුම මේ තිදෙනා ම නිිමිත්ත කරගෙන තිබේ.

බෙල්ලන්විල විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් මීට සුළු මොහොතකට පෙර ආසිරි ශල්‍ය රෝහලේදී අපවත් වී ඇතැයි වාර්තා වේ.

කියුබානු විප්ලවවාදී නායක හිටපු ජනාධිපති ෆිදෙල් කස්ත්‍රොගේ  පුත් වන  ඩයැං බාලාර්ට් සිය දිවි හානි කර ගැනීමකින් මිය ගොස් ඇති බව වාර්තා පළ විය. කියුබානු රාජ්‍ය මාධ්‍ය මේ බව සනාථ කිරීමෙන් අනතුරුව බටහිර මාධ්‍යයද එය වාර්තා කර තිබිණි.