Monday, 13 November 2017 15:33

ජා-ඇලට මොකද වෙන්නේ පාක්ෂිකයන් කවින්දට හූ කිව්වේ ඇයි ?

Written by 
Rate this item
(0 votes)

 ජා ඇල ප්‍රදේශයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ මුලිකත්වයෙන් ඊයේ(12) දින එජාපයේ රැස්වීමක් පැවැත්වූ අතර  මේ සඳහා එජාපයේ ප්‍රභල සාමාජිකයන් කැඳවා තිබුනද ජා ඇල ප්‍රදේශයේ සංවිධායක වන ජෝෂප් මයිකල් පෙරේරා මහතා හට ආරාධනා නොකොට තිබුණි. ජෝෂප් මහතාගෙන් ගිලිහෙන ආසන සංවිධායක ධුරය කාවින්ද මහතා ලබා ගැනීමේ යටි අරමුණකින් කටයුතු කරන අතර  මේ සඳහා ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වූ මන්ත්‍රීවරයෙකුගේද  සහාය ද නොඅඩුව ලැබේ.

 

 

කෙසේ හෝ  කාවින්ද ජයවර්ධන මහතා මුලිකත්වයෙන් රැස්වීම පැවතියද ජා ඇල ප්‍රදේශයේ ජනතාව නම් කාවින්ද මහතා  වෙත එතරම් සුභදායක නොවන අයුරින් හැසිරී ඇත. අප වාර්තාකරු පවසා සිටියේ  ප්‍රදේශයේ ප්‍රදේශයේ ජනතාව කාවින්දට දිගට හරහට හූ කියූ  බවත් එම  හූ හඬ මැදින් කාවින්ද ජයවර්ධන මහතා අතුරුදහන් වූ  බවත්ය.

 

ජා ඇල ජනතාව පවසන්නේ ජෝෂප් මයිකල් පෙරේරා යනු  පක්ෂය වෙනුවෙන් දරදිය ඇදපු පක්ෂයේ  ජේෂ්ඨ පුද්ගලයෙක් බවයි. එමෙන්ම  බැදුම්කර සිද්දියට අදාලව එජාපය දේශපාලනික වශයෙන් පහතට වැටි ඇති බවත් බැදුම්කරයට නමගිය පුද්ද්ගලයන් වෙත  ගමේ ජනතාවගේ නොසතුට මෙන්ම අමනාපයක්ද පවතින බවයි. 

 

කෙසේ හෝ අවසානයේ සිදුවුයේ කාවින්ද ජයවර්ධන මහතා කාටත් නොකියාම හූ හඬ අතරින් පලා යාමටයි.

Read 22 times Last modified on Monday, 13 November 2017 15:43

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.