Sunday, 12 November 2017 03:05

මෛත්‍රීට ගහන වෙබ් අඩවි එළියට 

Written by 
Rate this item
(0 votes)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ඔහුගේ පවුලේ පිරිස් අරමුණු කොටගෙන මඩ හා අවලාද පතුරුවා හැරිමට නව වෙබ් අඩවි පහක් හා ෆේස් බුක් සමාජ ජාල පිටු විශාල ප්‍රමාණයක් ආරම්භ කිරීමට සැලසුම් සකස් කරමින් පවතින බවට වාර්තාවේ.

 

මෙහි අරුම දනවන කරුන නම් මේවා මෙහෙය වීම සිදුවනු ලබන්නේ විදේශයන්හි සිට වන අතර ඒ සදහා අනුබල දීමට පත්ව ඇත්තේ සමන් නැමැති සභාපතිවරයා වන අතර  ඔහුට මෙකී රාජකාරිය පවරා ඇත්තේද රජයේ ඉහලම තනතුරක් දරණ තැනැත්තෙකු විසින් බවට තතු දත් ආරංචි මාර්ග අනාවරණය කොට සිටී. 

අදාළ වෙබ් අඩවි හා ෆේස්බුක් ජාලය විවර කිරීම සදහා මූලික හේතුව වී ඇත්තේ පසුගියදා ජනාධිපතිවරයා විසින් මාදුළුවාවේ සෝභිත හිමියන්ගෙ ගුණානුස්මරණ උත්සවයකදී බැදුම්කර සිදුවීමට කමිටුව පත්කිරීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය මගින් ජනාධිපතිවරයා පමණක් නිවැරදි බවට කරුණු දක්වා අනෙකුත් පාර්ශවයන් වැරදි කළ පිරිස් බවට සිදුකළ ප්‍රකාශය හේතුවෙන් බවට තොරතුරු අනාවරණය වේ. 

කෙසේ නමුත් ඉදිරි මැතිවරණවලදී මෙන්ම ආණ්ඩුව පවත්වාගෙන යාමේදී දැඩි බලපෑමක් මෙකී ව්‍යායායාමය විසින් පැන නගින බැවින් මෙවැනි ප්‍රහාරයක් දියත් කිරීමට කටයුතු යොදා ඇති බවත් මෙය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සැලවීමත් සමග අදාළ උත්සවයේදී තමන්ට එරෙහිව දියත් වන වෙබ් අඩවි හා සමාජ ජාලා සම්බන්ධයෙන් කරුණු දැක්වූ බවද අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කොට සිටී. 

Read 19 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.