Monday, 06 November 2017 22:58

සයිටම් විරෝධී දෙමාපිය මාරාන්තික උපවාසය ඇරඹේ..

Written by 
Rate this item
(0 votes)

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් රජයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමව්පියන් විසින් පවත්වනු ලබන මාරාන්තික උප වාසය අද (06) කොළඹදී ආරම්භ කෙරිණි. 

 

සයිටම් අහෝසි කිරීමේ තීරණය ආණ්ඩුව ගන්නා තුරු සටන අත් නොහරින් බවත් මෙම උපාවාසය නිසා දෙමාපියන්ගේ ජීවිත අහිමි වුවහොත් සිසුන් ප්‍රකෝපකාරී වීම නැවැත්විය නොහැකි බවත් ඊට පෙර වහාම සයිටම් අහෝසි කළ යුතු බවත් දෙමව්පියෝ ආණ්ඩුවට අනතුරු අඟවති.

 

මෙම මාරාන්තික උපවාසයට සමගාමීව දිස්ත්‍රික් මට්ටමේ සිට ගම දක්වාම විහිදෙන විරෝධතා ක්‍රියාමාර්ගවලට අවතීරණය වීමටද කටයුතු සංවිධානය කර ඇති බව වාර්තා වේ.

මාලබේ සයිටම් ආයතනයට එරෙහිව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ  මාරාන්තික උපවාසයට පියවරුන් පස් දෙනකු සම්බන්ධ වී තිබේ.

 

Read 36 times Last modified on Monday, 06 November 2017 23:17

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.