Thursday, 02 November 2017 01:58

ලාභ ලැබීමට අකමැති ආයතන කිහිපයක් සයිටම් ගන්න පෝලිමේ..

Written by 
Rate this item
(0 votes)

සයිටම් ආයතනය සම්බන්ධයෙන් පසුගියදා ලබාදුන් තීන්දුවෙන් පසුව එම ආයතනය ලාබ නොලබන ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට තීරණය වූ අතර  ඊයේ 01 දින පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති රාජිත සේනාරත්න සදහන් කොට සිටියේ අදාළ ආයතනය භාර ගැනීම සදහා ස්ලිට් ආයතනයට අමතරව පෞද්ගලික ආයතන කිහිපයක් ඉදිරිපත්ව ඇති බවයි.

 

ඔහු වැඩිදුරටත් සදහන් කොට සිටියේ අදාළ ආයතනය පවත්වාගෙන යාමට සදහා රජයේ හවුල්වීමක් නොමැති බවත් ඕනෑම ආයතනයකට ඉදිරිපත් වී ලාබ නොලබන ආයතනයක් ලෙස මෙය පවත්වාගෙන යාමට අවසර ඇති බවයි.

කෙසේ නමුත් සයිටම් විරෝධී සටන මෙහෙය වන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සදහන් කොට සිටින්නේ මෙම යෝජනාවලියේ සදහන් ලාභ නොලබන ආයතනයන් වෙත පැවරීම යන්න විහිලු සහගත ප්‍රකාශයක් බවයි. එනම් කුමන ආයතනක්ද මෙවැනි සේවයන් හෝ ලාබයක් අපෙක්ෂාවෙන් මෙවැනි ආයතනයක් භාර ගැනීම සදහා යොමු වන්නේ යන්නයි. මෙය ආණ්ඩුව විසින් සයිටම් නීත්‍යාණු කූල කිරීමට දැරී මනා සැලස්මක් බවද සදහන් කොට සිටී. 

Read 16 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.