Tuesday, 31 October 2017 23:48

රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි - ජ.වි.පෙ

Written by 
Rate this item
(0 votes)

අපේ රට වසර 2500ක ඉතිහාසය තුළ රටේ ජනතාව අනුමත කරන රට පාලනය කරන්නා වූ නීතියක් නැහැ. ආසියාවේ පරණම ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටක් කියලා ශ්‍රී ලංකාව හැඳින්වූවත් ජනතාව සම්මත නොකළ ව්‍යවස්තාවකින් පාලනය වන රටක් කියලා අපේ රට හඳුන්වන්න පුළුවන්.

 

 

නව ව්‍යවස්ථාවකින් ආර්ථික. සමාජයීය ගැටලු විසඳන්න බැහැ. නමුත් දේශපාලන ප්‍රශ්නවලට විසඳුම් ලබාගන්න පුළුවන්. 1994 සිට ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණ සෑම අපේක්ෂකයෙක්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා පොරොන්දු දුන්නා.

 

විධායක ජනාධිපති ක්‍රමය නිසා ඒකාධිපතිවරයෙක් බිහි වුණා. දූෂිතයෝ බිහිකරපු විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි. විධායක ජනාධිපතිධුරය නැති පාර්ලිමේන්තුවට බලතල ලැබෙන ක්‍රමයක් ඇති විය යුතුයි.

 

ව්‍යවස්ථාවට එරෙහිව උද්ඝෝෂණය කරන කණ්ඩායම් දෙකක් තිබෙනවා. එකක් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායම. ඔවුන් බුද්ධාගමට තිබෙන තැන අහිමි කරනවා කියලා මතයක් අරගෙන යනවා. මේ රටේ මොන ආගමික නායකයද, දේශපාලන නායකයද කිව්වේ බුද්ධාගමට තිබෙන තැන අහිමි කරනවා කියලා. එහෙම කරපු කෙනෙක් ඉන්නවා නම් පෙන්වන්න කියලා මම අභියෝග කරනවා.

 

අනෙක් කණ්ඩායම උතුරේ විග්නේෂ්වරන් ප්‍රමුඛ දෙමළ ජාතිවාදී කණ්ඩායම. මේ කණ්ඩායම් දෙක තමයි යෝජිත ව්‍යවස්ථා කෙටුම්පතේ අඩංගු කරුණු විකෘති කරමින් ජනතාව නොමග යවන්නේ.

 

මේ රටේ කවුරුත් ඉල්ලන්නේ නැති දෙයක් කරන්න ගිහිල්ලා ඉල්ලගෙන කන්නේ මොන ආණ්ඩුවද. ජනතා විමුක්ති පෙරමුණ විදිහට ව්‍යවස්ථාව ගැන අපි එකඟ වුණ කාරණා තිබෙනවා. එකඟ නොවුණ කාරණාත් තිබෙනවා. බිල්ලෝ මවලා ඒකාධිපති විධායකය ආරක්ෂා කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා.”

 

ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බවත් එය ජනතාවගෙන් සම්මත විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ඊයේ (30) පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ නව ව්‍යවස්ථාවක් සැකසීම සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව ගැන ඊයේ ආරම්භ කළ විවාදයට එක් වෙමිණි.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා…

 

“අපේ රටට ව්‍යවස්ථාවක් අවශ්‍යයි. එය ජනතාවගෙන් සම්මත විය යුතුයි කියලා ජනතා විමුක්ති පෙරමුණ විශ්වාස කරනවා.

 

අපේ රට වසර 2500ක ඉතිහාසය තුළ රටේ ජනතාව අනුමත කරන රට පාලනය කරන්නා වූ නීතියක් නැහැ. ආසියාවේ පරණම ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටක් කියලා ශ්‍රී ලංකාව හැඳින්වූවත් ජනතාව සම්මත නොකළ ව්‍යවස්තාවකින් පාලනය වන රටක් කියලා අපේ රට හඳුන්වන්න පුළුවන්.

 

නව ව්‍යවස්ථාවකින් ආර්ථික. සමාජයීය ගැටලු විසඳන්න බැහැ. නමුත් දේශපාලන ප්‍රශ්නවලට විසඳුම් ලබාගන්න පුළුවන්. 1994 සිට ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණ සෑම අපේක්ෂකයෙක්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා පොරොන්දු දුන්නා.

 

විධායක ජනාධිපති ක්‍රමය නිසා ඒකාධිපතිවරයෙක් බිහි වුණා. දූෂිතයෝ බිහිකරපු විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි. විධායක ජනාධිපතිධුරය නැති පාර්ලිමේන්තුවට බලතල ලැබෙන ක්‍රමයක් ඇති විය යුතුයි.

 

ව්‍යවස්ථාවට එරෙහිව උද්ඝෝෂණය කරන කණ්ඩායම් දෙකක් තිබෙනවා. එකක් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායම. ඔවුන් බුද්ධාගමට තිබෙන තැන අහිමි කරනවා කියලා මතයක් අරගෙන යනවා. මේ රටේ මොන ආගමික නායකයද, දේශපාලන නායකයද කිව්වේ බුද්ධාගමට තිබෙන තැන අහිමි කරනවා කියලා. එහෙම කරපු කෙනෙක් ඉන්නවා නම් පෙන්වන්න කියලා මම අභියෝග කරනවා.

 

අනෙක් කණ්ඩායම උතුරේ විග්නේෂ්වරන් ප්‍රමුඛ දෙමළ ජාතිවාදී කණ්ඩායම. මේ කණ්ඩායම් දෙක තමයි යෝජිත ව්‍යවස්ථා කෙටුම්පතේ අඩංගු කරුණු විකෘති කරමින් ජනතාව නොමග යවන්නේ.

 

මේ රටේ කවුරුත් ඉල්ලන්නේ නැති දෙයක් කරන්න ගිහිල්ලා ඉල්ලගෙන කන්නේ මොන ආණ්ඩුවද. ජනතා විමුක්ති පෙරමුණ විදිහට ව්‍යවස්ථාව ගැන අපි එකඟ වුණ කාරණා තිබෙනවා. එකඟ නොවුණ කාරණාත් තිබෙනවා. බිල්ලෝ මවලා ඒකාධිපති විධායකය ආරක්ෂා කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා.”

Read 12 times Last modified on Tuesday, 31 October 2017 23:57

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.