Tuesday, 31 October 2017 23:44

GMOA සයිටම් විරෝධය අවසන් 

Written by 
Rate this item
(0 votes)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සයිටම් ගැළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනා පිළිගැනීමත් සමග සයිටම් ආයතනයේ ප්‍රධානී නෙවිල් ප්‍රනාන්දු විසින් යුහුසුළුව ලිපියක් යොමු කොට ඇති අතර එහි දැක්වෙන්නේ පසුව හෝ සත්‍ය තේරුම්ගෙන නිවැරදි වීම හා මේ වන විටත් රජයේ විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය පීඨයන්හි දේශන වර්ජනයේ යෙදෙන සිසුන්ට එම වර්ජනය නවතා දේශන සදහා සහභාගී වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කටයුතු කරනු ඇති බවයි.

 

කෙසේ නමුත් අදාළ යෝජනා විසින් තත්වයට පැලැස්තර ඇලවීමක් පමණක් සිදුකොට ඇති බවත් මෙයින් කිසි සේත්ම සයිටම් වසා දැමිය යුතු බවට වන ස්ථාවරයේ වෙනසක් නොමැති බවත් පෞද්ගලික ආයතනයකට සයිටම් පැවරීම මගින් එය ලාබ නොලබන ආයතනයක් ලෙස සදහන් කොට තිබුනත් ලාභයක් අරමුණු කොට නොගත් පෞද්ගලික ආයතනයක් කුමන පදනමකින් මෙයට හවුල් වන්නේද යන්න ගැටළු සහගත බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ලඩය සදහන් කොට සිටී. ඔවුන් වැඩිදුරටත් සදහන් කරන්නේ මෙය සයිටම් වසා දැමීම සදහා වන බලකිරීම දක්වා හැර වෙනත් විකල්පයන්ට තමන් යටත් නොවන බවත් අරගලය දිගින් දිගටම පවත්වාගෙන යාමට කටයුතු කරන බවත්ය. 

Read 13 times Last modified on Tuesday, 31 October 2017 23:48

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.