Tuesday, 10 October 2017 01:28

සයිටම් තිරය පිටුපස කුමක්ද වෙන්නේ ?

Written by 
Rate this item
(0 votes)

සයිටම් විරෝධයෙන් ඇතිවූ අර්බුද තවම අවසන් නැත. සයිටම්  ඕනැද එපා ද යන්න තවමත් තීරණය කර ගත නොහැකි වී සිටින පාලකයින් ඉදිරියේ මේ වනවිට රට මුහුණ පා සිටින අර්බුද රැසකි. එහෙත් ඒවා  ගැන යොමුවන අවධානය ඉතාමත් අල්ප වී ඇත්තේ සයිටම් අර්බුදයේ පෙනෙන පැත්ත දෙස පමණක් සියලූ අංශ බලන හෙයිනි.

 

 සයිටම් වෛද්‍ය උපාධිය වහා තහනම් කරන්නැයි බල  කරමින් මෙරට සියලූම වෛද්‍ය පීඨවල සිසුන් වර්ජනය ආරම්භ කරන ලද්දේ ඉකුත් පෙබරවාරි දෙවැනිදාය. ජනවාරි පළමුවැනිදා රාගම වෛද්‍ය පීඨ සිසුන් වර්ජනය ආරම්භ කළ අතර පෙබරවාරි දෙවැනිදා වනවිට වෛද්‍ය පීඨ අටෙහිම සිසුන් අඛණ්ඩ පන්ති වර්ජනයකට එළැඹ තිබුණි.

 මේ අනුව මාස 8 කට ආසන්න කාලයක් වෛද්‍ය පීඨ අකර්මණ්‍යව පවතී. මේ සිසුන් ගේ පන්ති වර්ජනය ගැන එම පීඨවල ගුරුවරු අකමැත්තේන් පසුවන නමුත් ඔවුන් පවා සිටින්නේ සයිටම් විරොධී අරගලයේය.

 දැනට වෛද්‍ය පීඨ ඇතුළේ සිටින අවසාන වසර සිසුන් පිටවීමට නියමිත 2018 නොවැම්බර් මාසයේ දීය. ඒ අනුව ඔවුන් සීමාවාසික පත්වීම් ලැබීමට නියමිත ලබන නොවැම්බරයේ දීය. එහෙත් ඔවුන්ට එම කාලයේ දී සීමා වාසික පත්වීම් ලැබීමට අවස්ථාව නොලැබෙනු ඇත. අද වර්ජනය අවසන් වුව හොත් එය තවත් වසරකින් පමණ කල් යනු ඇත.

 

රෝහල් වාට්ටුවල දිගටම රැඳෙමින් රෝගීන් පිළිබ`ද වැඩි අවධානය යොමුකරන පිරිස සීමාවාසික පත්වීම්  ලබන වෛද්‍යවරුවේ. රෝගියෙකු මුලින්ම බලන්නේ ඔවුන්ය. රෝගී සත්කාරක සේවා ඇරඹෙන්නේ ඔවුන්ගෙනි.

 

එසේ නම් මේ පිරිස අවුරුද්දකින් පමා වන්නේ නම් එම කාලය සේවය කරන්නේ කවුද? එක්කෝ ඉන්නා පිරිස තවත් කාලයක් තම සීමාවාසික  පත්වීමේ ම සිටිය යුතුය. නැත්නම් සීමාවාසික වෛද්‍යවරු නැතිව වාට්ටු පවත්වා ගෙන යායුතුය.

 

වෛද්‍ය පීඨවලට අවසන් වරට බ`දවා ගත්තේ 2015 වසරේ උසස් පෙළ සමත් වූ සිසුන් වේ. ඔවුන් ගේ පාඨමාලා ආරම්භ වී  මාස දෙකකින් වර්ජනය ඇරඹිණි. නමුත් සැබැවින්ම මේ වනවිට 2016 උසස් පෙළ සිසුන් ද බ`දවා ගෙන තිබිය යුතුය. ඔවුන් නිවෙස්වල සිටිද්දී 2017 වසරේ උසස් පෙළ විබාගය ද අවසන් වී තිබේ.  පවතින තත්ත්වය යටතේ වසර දෙකක සිසුන් විශ්ව විද්‍යාලයට ඇතුල් වීමට බලාගෙන සිටින්නට ඇති ඉඩකඩ බොහෝය. මේ නිසා ඇතිවිය හැකි අර්බුද බොහෝය.

 

සාමාන්‍යයෙන් වෛද්‍ය සිසුවෙකු විශ්ව විද්‍යාලයේ ගත කරන කාලය වසර පහකි. නමුත් මේ පවතින තත්ත්වය යටතේ අද ප‍්‍රශ්නය විස`දුණත් මේ සිසුන්ට වසර හතක්වත් විශ්ව විද්‍යාලයේ  සිටින්නට සිදුවනු ඇත.

 

තෙවන වතාවේ උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාලයට ගිය සිසුවෙකු ගැන හිතන්න. එවිට ඔහු වෛද්‍ය පීඨයෙන් පිටවන විට වයස අවුරුදු 30 ක් ගෙවී තිබෙනු ඇත.

 

එවිට ඔහුට හෝ ඇයට අවුරුදු 30 පසුවන තුරුත් යැපෙන්නට සිදුවන්නේ මවිපියන්ගෙනි. විවාහයේ සිට අනාගත ප‍්‍රශ්න රැුසකට මුහුණ දෙන්නට ද ඔවුන්ට සිදුවනු ඇත. ඒ සිසුන්ගේ පැත්තෙනි.

 

අද මාධ්‍යයේ කථා බහට ලක්ව සිටින දින 12 දරුවා අනුරාධපුර සායනයක් ළඟ අතහැර ගිය වෛද්‍ය ශිෂ්‍යාව ගැන සිතා  බලන්න. වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු දිගටම සිදුවූයේ නම් මෙවැනි තත්ත්වයක් ඇයට උදා නොවනු ඇතැයි කිවහොත් එය නිවැරදි නොවේද? වසරකට ආසන්න කාලයක් අධ්‍යයන කටයුතු අතහැර අයාලේ යන්නට සිදුවූ  තාරුණ්‍යය මුහුණ දුන් ඒ සිදුවීම මේ ඛේදවාචකයේ එක පැත්තක් පමණකි.

 

මේ අනුව සයිටම් සම්බන්ධ බරපතලම ප‍්‍රශ්නය වන්නේ සයිටම්  ඕනැද එපාද යන්න නොව සයිටම් නිසා ඇතිවන ඒ වටා වූ ප‍්‍රශ්න වැලයි. සයිටම් අර්බුදයට පිළිතුරු සොයනවා මෙන්ම ඒ වටා ඇති ප‍්‍රශ්නවලටද පිළිතුරු සෙවීම බලධාරින් ඉදිරියේ ඇති අභියෝගයයි.

 

විනීතා එම් ගමගේ 

 

Read 59 times Last modified on Tuesday, 10 October 2017 01:58

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.