Saturday, 07 October 2017 22:58

උන්ගේ කදුළු ගෑස් හා මුන්ගේ කදුළු ගෑස්

Written by 
Rate this item
(0 votes)

හම්බන්තොට වරාය බේරාගැනීමට යැයි පවසමින් පෙරේදා (06) ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් විසින් උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබූ අතර  ඒ සදහා විශාල පිරිසක් සහභාගී වූ අතර හම්බන්තොට අධිකරණය කලාපය තුළ මෙම උද්ඝෝෂණය වාරණය කරමින් අධිකරණ නියෝගයක් ද නිකුත්කර තිබිණි.

 

විරෝධතාකරුවන් අතර හිටපු අමාත්යරවරුන් වන මහාචාර්ය ජී එල් පීරිස්, මහින්ද යාපා අබේවර්ධන, නාමල් රාජපක්ෂ, හිටපු කතානායක චමල් රාජපක්ෂ, අරුන්දික ප්ර,නාන්දු, ඇතුළු පාර්ලිමේන්තු මන්ත්රීිවරු පිරිසක් ද වූහ.

අද පෙරවරු 10.30ට පමණ හම්බන්තොට නගරයේ වෙරළ උද්යාදනය අබියසින් විරෝධතාව ආරම්භ කළ අතර ඒ සදහා 2000ක පමණ පිරිසක් සහභාගි වී සිටිනු දක්නට ලැබුණි .

 

පැරණි තංගල්ල පාර හරහා කිලෝමීටර් 03ක් පමණ ගමන්ගත් විරෝධතාකරුවෝ ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලය අබියසට පැමිණ එහිදී තම විරෝධය පෑහ.

නමුත් ඒ අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණු හෙයින් එම කාර්යාලය තුළට කිසිදු විරෝධතාකරුවෙකුට ඇතුළු වීමට ඉඩ නොලැබුණි.

විරෝධතාවට එක්ව සිටි පූජ්යට බද්දේගම සමිත හිමියන් ඇතුළු කීපදෙනෙකු හට තම ඉල්ලීම් ඇතුළත් සන්දේශයක් බාරදීමට අවස්ථාව සලසා දෙන ලදී .

කෙසේ නමුත් අදාළ සංදේශය භාර දී පිටතට පැමිණ පිරිස් විසිරයාමට තිබුනත් අනවශ්යඇ කලබල මැදින් පිරිස් නැවත කාර්යාලයට ඇතුලු වීමට උත්සාහ දැරූ අතර එහිදී පොලීසිය කදුළු ගෑස් ප්රශහාරයක් දියත් කරනු ලැබීය. 

මෙය අනවශ්යා හිතා මතා සැලසුම් කරනු ලැබූවක් වන අතර එමගින් සිරභාගරයට ගැනීම හා තුවල ලැබීම මගින් පුළුල් ප්රයචාරයක් ලබා ගැනීම එකම අරමුණ වී තිබුනු බව සියල්ල සූදානම් කොට තිබූ අයුරින් පෙන්නුම් කරනු ලැබීය.

කෙසේ නමුත් මෙ සම්බන්ධයෙන් දැවැන්ත කදුළු ගෑස් ප්රමහාරයක් හා වරාය බේරාගැනීමට යාම අතිශය පුළුල් කතිකාවක් බවට පත් කර ගැනීම සදහා ඩලස් අලහප්පෙරුම විසින් මාධ්යර සාකච්ඡාවක් පවත්වා කරුණු පැහැදිලි කරනු ලැබීය.  මහින්ද රාජපක්ෂ සමයේ කිසිදු කදුළ ගෑස් ප්රඡහාරයක් සිසුන්ට හෝ උද්ඝෝෂකයන්ට එල්ල නොකරනු ලැබූ පරිදි මේ පිරිස් අදහස් දක්වීම අතිශය කනගාටුවට පත්වීමට සිදුවන්නේ  ගමේ කියන පරිදි උන් ගහන විට ෂෝක් මුන් ගහන විට රිදෙනවා යන කතාව ස්පුට කරමිනි.

කෙසේ නමුත් මෙහිදී මාර්ගයේ ගමන් ගත් පිරිස් අල්ලා පොලිස් අත්අඩංගුවට ගැනීම් හා පොලීසිය විසින් සාමාන්යු වැසියන්ට කන හරහා ප්ර්හාරයන් දියත් කිරීමක්ද දක්නට ලැබිනි.

පොලීසිය තමන්ට රිසි පරිදි සාමාන්ය  ජනතාවට ප්රරහාරයන් දියත් කළ හැකිද යන ප්ර ශ්නය පූජිත ජයසුන්දර විසින් පැහැදිලි කළ යුතු අතර එය ද ඔහුගෙන් බලාපොරොත්තු විය නොහැකි වන්නේ භාවනා නොකළ පොලිසියේ වැඩකළ පිරිස් වෙත කන පැලෙන්න ප්රනහාරයන් දියත් කළ පොලිස්පතිවරයෙක් වන බැවිනි.

 

Read 53 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.