Tuesday, 19 September 2017 01:52

සයිටම් හිමිකාරීත්වය වෙනස් කළ යුතුයි - කමිටුව 

Written by 
Rate this item
(0 votes)

සයිටම් ආයතනයේ වර්තමාන කොටස් හිමිකාරිත්වය සහ කළමනාකරණ ව්‍යූහය අහෝසි කළ යුතු බව සයිටම් ආයතනය සම්බන්ධව උද්ගතව තිබෙන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා පත් කළ කමිටුව යෝජනා කර තිබේ.

 

නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු නියෝජිතයන්ගෙන් සමන්විත පංච පුද්ගල කමිටුව මගින් ඉකුත් 11 දා ජනාධිපතිවරයා වෙත බාරදී තිබෙන සයිටම් ගැටළුවට විසඳුම් සහිත වාර්තාවෙන් එම යෝජනා ඉදිරිපත් කර ඇත.

 

ඒ අනුව දැනට ලාභ ලබන චේතනාවෙන් යුතුව පාලනය කරන වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ පවුලේ හිමිකාරිත්වයෙන් හා කළමනාකරණ ව්‍යූහයෙන් සයිටම් ආයතනය ඉවත් කළ යුතු අතර ඒ වෙනුවට පුළුල් පදනමක ව්‍යූහයක් සහිත ලාභ නොලබන නව ඒකකයක් නිර්මාණය කළ යුතු බවද එම යෝජනා මාලාවේ සඳහන් කර ඇත.

 

මීට අමතරව වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අවම ප්‍රමිතීන් ගැසට් කළ යුතු අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපත් කරන ලද කෙටුම්පත ඒ සඳහා පාදක කර ගත යුතු බවද එම යෝජනාවේ සඳහන්වේ.

Read 73 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.