Thursday, 31 August 2017 22:52

යහපාලනයේ අධිවේගී ගුවන් පාලම් ගැහිල්ල එළියට 

Written by 
Rate this item
(0 votes)

අධිවේගී මාර්ග ඉදිකිරීම්වලට මුවාවෙමින් වත්මන් රනිල් – මෛත්‍රී යහපාන ආණ්ඩුවද පැවති මහින්ද රාජක්ෂ පාලනය මෙන්ම දැවැන්ත ලෙස ජනතා මුදල් වංචාකරමින් දූෂිත ගණුදෙනු සිදුකරමින් සිටින බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ ඊයේ (30) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් කොප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා අනාවරණය කර සිටියේය.

 

ඒ මහතා එහිදී විශේෂ හෙළිදරව්වක් කරමින් කියා සිටියේ අධිවේගී මාර්ග ඉදිකිරීම්වලට මුවාවෙමින් ඉදිකිරීම් සමාගම්වලට රිසිසේ හම්බ කිරීමට අවස්ථාව සලසා දෙමින් ඒ හරහා ආණ්ඩුවේ ඇමතිවරු දැවැන්ත ලෙස අල්ලස් ලබා ගන්නා බවයි.

 

මලික් සමරවික්‍රම, පාස්කරලිංගම්, චරිත රත්වත්තේ, රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විතව පිහිටුවා ඇති, කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට වග නොකියන ආර්ථික කමිටුව යැයි හඳුන්වන කුස්සි කැබිනෙට්ටුව විසින් මෙලෙස ජනතා මුදල් වාචා කිරීමට මග සලසා දෙමින් සිටින බවද එහිදී සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කළේ ය.

 

“2016 නොවැම්බර් මාසේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂයෙන් අග්‍රාමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් එස්.ඊ.එම්.එස්.බී. ඒකනායක, මේ සමන් ඒකනායක මහත්තයා, මේ ලියුම යවනවා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් තුමාට. මේ ලියුමෙ කියන්නේ 2016.11.09වනදා රැස්වෙච්ච ආර්ථික කලමණාකරන කමිටුව තීරණය කරනවා කියලා සම්පූර්ණ පරීක්ෂණයකින් පස්සේ කොන්ත්‍රාත්කරු කියනවා කියලා මේ ඉදිකරණ ගුවන් පාලම්වල දුරප්‍රමාණය කිලෝමීටර් 6.33සිට 9.11 දක්වා තවත් කිලෝමීයටර් 2.78කින් වැඩිකරන්න ඕන කියලා. ඒකට ආර්ථික කළමාණකරන කමිටුව අනුමැතිය ලබාදීලා තිබෙනවා. කිලෝමීටර් ප්‍රමාණය 2.78කින් ගුවන් පාලම්වල දුර වැඩිකරන්න අනුමැතිය දීලා තියෙනවා කියලා. හැබැයි මේ දෙනකොටම යටින් කියනවා. මේක කරන්න ඕනා දැනට අනුමත කරලා තියෙන ණයවල ප්‍රමාණය ඇතුළේ කියලා. ඒ කියන්නේ ණය සීමාව ඉක්මවන්නේ නැතුව.

 

එහෙම තියෙද්දී අපිට තියෙනවා ලිපියක් 2016 නොවැම්බර් 30 වෙනිදා. දැන් කලින් එක 13 වෙනිදා ලිපි ශීර්ෂයේ 09 වෙනිදා අනුමත කරලා තියෙනවා, නොවැම්බර් මාසේ 30 වෙනිදා ඒ කියන්නේ නොවැම්බර් මාසේ 09 වෙනිදට පස්සේ ව්‍යාපෘති අධ්‍යක්ෂකගෙන් මේ ව්‍යාපෘතියේ උපදේශන සමාගම ඉල්ලුම් කරනවා මේ දුර ප්‍රමාණය වැඩිකරන්න අපි අවශ්‍යයි ඒ දුර වැඩිකිරීම සඳහා අපිට යන ඇස්තමේන්තුව මේන්න මේ ප්‍රමාණය. ඒ ඇස්තමේන්තු ප්‍රමාණයට අනුමැතිය ලබාදෙන්න කියලා. දැන් අපිට එන පළවෙනි ප්‍රශ්නය තමයි. ආර්ථික කලමණාකරණ කමිටුව මේ පසුව ඉල්ලන ඉල්ලීම කළින් දන්නේ කොහොමද කියලා.  දැන් මේ ආර්ථික කළමාණාකරන කමිටුව අනුමත කරන්න කලින් දකින්න එපැයි ඉල්ලීම. හැබැයි ඉල්ලීම එවලා තියෙන්නේ ඊට පස්සේ.

 

එක ප්‍රශ්නයක් ඒක. දෙක තමයි මේ ආර්ථික කළමණාකරන කමිටුව කියන්නේ ලබාදී ඇති ණය සීමාව ඇතුළෙ තමයි මේ වැඩි පංගුවක් හදනවනම් කිලෝමීටර් 2.78කින් දිග වැඩිකරන්න ඕන කියලා. හැබැයි මොවුන් කියනවා මොකක්ද? අපට අවශ්‍යයි කිලෝමීටර් 1.251ක් වැඩික රන්න. ඒ වැඩිකිරීම සඳහා යන අමතර ඇස්තමේන්තුව බිලියන 26ක් කියලා. බිලියන 26ක් කියන්නේ මිලියන 26,000ක්. මෙතන තියෙන ගැටළුව තමයි මෙන්න මේක. මොකක්ද? ආර්ථික කළමණාකරන කමිටුව කැබිනට් මණ්ඩලය නෙවෙයි. ඒක පාර්ලිමේන්තුව නෙවෙයි. ආර්ථික කලමණාකරන කමිටුව මොන ඇස්තමේන්තුවද අනුමත කළේ. මොන තාක්ෂණික ඇගයීම් වාර්තාවද බැලුවේ. මේකේ තියෙනවා සාකච්ඡා කළා කියලා. කාත්එක්කද සාකච්ඡා කළේ. ලංකාවේ ඉංජිනේරුවොත් එක්ක, එහෙම නැත්නම් තාක්ෂණික ඇගයීම් වාර්තාවක් බැලුවද? මේ කිලෝමීටර් 2.78ක් වැඩි කරන්න කියලා දුර ප්‍රමාණය වැඩි කරන්න මේ අනුමත කරලා තියෙනවා.

 

මේ ගොල්ලො ඉල්ලනවා 1.251ක් වැඩිකරන්න ඕන කියලා. කිලෝමීටර් 1.251ට මේ උපදේශන සමාගම කියනවා. අපිට යන වියදම, කලින් මේ මුළු ව්‍යාපෘතියටම මාතර – බෙලිඅත්ත කොටසට ගියේ බිලියන 103යි. මේ වැඩිකිරීමට අපිට යනවා බිලියන 126ක් දක්වා වැඩිවෙනවා කියලා. හැබැයි දැන් අනුමත කරනවා කිලෝමීටර් 1.251ක් නෙවෙයි කිලෝමීටර් 2.78ක් වැඩිකරන්න කියලා. අපි දන්න කියන ඉංජිනේරු මහත්මයෙකුගෙන් ඇහුවා කිලෝමීටර් 1.251ක් වැඩිකරන්න යනවනම් අමතර වියදම රුපියල් මිලියන 26,000ක්, කිලෝමීටර් 2.78ක් වැඩිකරන්න කොච්චර යයිද කියලා. ඔවුන් කියනවා මේ රේට්වලටම හැදුවොත් එහෙම ආසන්න වශයෙන් බිලියන 36ක් (මිලියන 36,000ක්) යනව කියල.

 

එතකොට අපිට අහන්න තියෙන ප්‍රශ්නේ මේ ව්‍යාපෘතියක් හදනකොට මේ එකඟතා ගිවිසුම ඇතිකරගන්නකොට මේක දැක්කේ නැද්ද? මේ සාමාන්‍ය පාරක තාරදාන එකක් නෙවෙයිනෙ. ගමේ පාරක් ග්‍රෙවල් කරන එකක් නෙවෙයිනෙ. මේ මොකක්ද මේ කරන්නේ? කලින් ඇස්තමේන්තුව හදනව පුංචියට. ඊට පස්සේ ඒක අලුත් කරනව වෙනස් කරනවා. වෙනස් කරන්නෙ කවුද? ආර්ථික කලමණාකරණ කමිටුව. ඒකේ ඉන්නේ කවුද? මලික් සමරවික්‍රම මහත්තයා, පාස්කරලිංගම් මහත්තයා, චරිත රත්වත්තේ මහත්තයා, රනිල් වික්‍රමසිංහ මහත්තයා, එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයට තියෙන තාක්ෂණික දැනුම මොකක්ද කිලෝමීටර් 6.33 ඉඳලා 9.11 දක්වා වැඩිකරන්න? මොකද රනිල් මහත්තයා හරි, මලික් මහත්තයා හරි, මේ ආර්ථික කලමණාකරණ කමිටුවේ චරිත රත්වත්තේ මහත්තයා හරි ගිහිල්ල බැලුවද පාර. ගුවන් පාලම්වල දුර වැඩිකරන්නේ කොතන ඉඳලා කොතෙන්ටද කියලා බැලුවද? අපි දැන් අහන්න කැමතියි කොහොමද මේ කිලෝමීටර් 2.78ක් වැඩිකරන්න ආර්ථික කලමානාකරන කමිටුව නොහොත් කුස්සි කැබිනෙට්ටුව, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ තියෙන කුස්සි කැබිනෙට්ටුව මේ තීරණය ගත්තේ? මොකද අපිට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලනයට තිබිච්ච විවේචනයක් තමයි යාළුවොටික එකතුවෙලා මාර්ග සංවර්ධන අධිකාරියේ පේමසිරි මහත්තයලා එකතුවෙලා. මේ කටයුත්ත කළා කියලා. ඉතින් අදත් කරන්නේ ඒකමනේ?”

Read 28 times Last modified on Thursday, 31 August 2017 23:26

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.