Thursday, 10 August 2017 14:03

රවී කරුණානායක ඉල්ලා අස්වේ

Written by 
Rate this item
(0 votes)

අභූත චෝදනා එල්ල කරමින් මට චෝදනා කර සිටිනවා. එහෙත් මම මේ තනතුරින් මා ඉල්ලා අස්වෙන්නේ පක්ෂය ජනතාව හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්  බව විදෙස් ඇමති රවී කරුණානායක මීට සුළු මොහොතකට පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින්  සදහන් කොට සිටියෙය.

 

එසේම ඔහු මෙසේද සදහන් කොට සිටියේය.  නීති පති දෙපාර්තමේන්තුවෙන් මා ඉල්ලා සිටින්නේ හිටපු ඇමතිවරුන් සම්බන්ධයෙන් ද මේ විමර්ශනය කරන ලෙස. එසේම අවුරුදු මා 32ක් එක්සත් ජාතික පක්ෂය වෙහෙසුනා අභියෝගයට මුහුණ දුන්නා. මට ජිවිත තර්ජන ආවා.. විදෙස් නඩුවකට මැදිහත් කළා..  මෙවැනි අභියෝගයට මුහුණ දුන්නා..එසේම අන්සභාගයෙන් පීඩා විදි අම්මාට මිනී ඔලු එව්වා . දුවට බිරිදට අත්පා එව්වා .. එවැනි භිතියක් තිබියදී මම පක්ෂය රැක්කා.. 2015 ජනාධිපතිවරණයේදී මහින්ද පරාජය කිරීමට මූලිකත්වය ගත්තා. 

මම මගෙ අමාත්‍ය ධුරය පාවිච්චි කලේ රට වෙනුවෙන් හරි දේ කරන්න මම තනතුරු භාවිතා කලේ ජනතාව වෙනුවෙන් . තනතුරු ඇමතිකම් තාවකාලිකයි.. තනතුරු තාවකාලිකයි. ඒ නිසා මෙය මට අභියෝගයක් නෑ.. මේ සියලු චෝදනා අභුත චෝදනා කරනවා.. මාධ්‍යය මම කුරුසයේ ඇණ ගසන ලෙස කිව්වා.. මම ඒවාට සැලෙන්නේ නෑ.. නමුත් යහපාලනයට මේ චෝදනා අභියෝගයක් බැවින්ද , කුමන්ත්‍රණ කරුවන්ට යහපාලන රජය බිද දැමීමට ඉඩ නොදෙන බවත් රටට ආදර්ශක් දෙමින් මම ඉල්ලා අස්වීමට තීරණය කළා..

යැයිද රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී මීට සුළු මොහොතටක පෙර සදහන් කොට තම ඇමතිධුරයෙන් ඉල්ලා අස්වී පසුපෙළ මන්ත්‍රීවරයෙක් ලෙස සිටින බව විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කොට සිටියේය.

 

Read 87 times Last modified on Thursday, 10 August 2017 14:09

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.