Thursday, 10 August 2017 00:43

මෛත්‍රීගේ මහාරාජාට දුන් මෙගා හර්ට්ස් දානය 

Written by 
Rate this item
(0 votes)

ලෝකයේ කිසිදු රජයක් මෙගා හර්ට්ස් 700 සංඛ්‍යාත සහ ඉන් ඉහළ සංඛ්‍යාත ටී.වී. විකාශය සඳහා ලබා දෙන්නේ නැත. මන්ද යත් එම සංඛ්‍යාත ටෙලිකොමියුනිකේෂන් ක්ෂේත්‍රයේ බ්‍රෝඩ් බෑන්ඩ් ශක්තිය වැඩි කර ගැනීම සඳහා වඩා වැඩි මුදලකට අලෙවි කළ හැකි බැවිනි. ශ්‍රී ලංකාවේ රජයද මෙම මෙග හර්ට්ස් 700 සංඛ්‍යාත අවසන් වරට තරඟකාරී ලෙස ටෙන්ඩර් කැඳවා අලෙවි කිරීමෙන් ඩොලර් මිලියන 25 ක් ලබාගෙන තිබේ.

එසේ තිබියදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වී විදුලි සංදේශණ නියාමන කොමිසම තමා යටතට ලබා ගැනීමෙන් පසු සියළු රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් මෙම වටිනා සංඛ්‍යාතයන් 8 ක් කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මහාරාජා සමාගමට ලබා දී තිබේ. මේ මගින් සිරිසේන මහතා විසින් ඍජුවම රජයට සිදුකර ඇති අලාභය රුපියල් බිලියන 3 ක් හෙවත් රුපියල් කෝටි 300 කට අධිකය.

Read 97 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.