Saturday, 08 July 2017 03:17

සයිටම් විරෝධය ලන්ඩනයත් කළඹයි

Written by 
Rate this item
(0 votes)

සයිටම් පෞද්ගලික වෛද්‍යවිද්‍යාලයට එරෙහිව හා ලංකාවේ ශිෂ්‍ය නායකයින් දඩයම් කිරීම මෙන්ම නිදහස් අධ්‍යාපන අයිතිය සුරකින ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුවට බලකරමින් ලන්ඩන් නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හා බහුජන සංවිධාන රාශියක් එක්ව ඊයේ දිනයේදී ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කොට තිබිනි. 

 සයිටම් විරෝධී සිසු ජන සංවිධානයේ එක්සත් රාජධානි කමිටුව විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතා ව්‍යාපාරයට  බ්‍රිතාන්‍යයේ සමාජවාදී ශිෂ්‍ය ව්‍යාපාරය, බ්‍රිතාන්‍යයේ සමාජවාදී පක්ෂය සහ socialist fight සංවිධානය ඇතුළු පිරිසක් සහභාගී විය. 

 

ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ඉදිරිපිටදී පැවැත්වූ මේ විරෝධතාවයෙන් අනතුරුව අදාල වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙස හා ශිෂ්‍ය මර්දනය නවතන ලෙස රජයට බලකරන පෙත්සමක් භාරදීමට උද්ඝෝෂණය මෙහෙය වූ සංවිධාන කටයුතු කළ නමුත් අදාළ පෙත්සම භාරගැනීම මහ කොමසාරිස් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කොට ඇති බවද වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යෙය්  බහුජන සංවිධාන නියෝජිතයින් දැඩි සේ මහ කොමසාරිස්වරයාට විරෝදය දැක්වූ අතර තම රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් සංවේදී තම රටවැසියන් භාර දෙන පෙත්සමක්හෝ භාරගැනීමට කොමසාරිස් කාර්යාලය කටයුතු නොකිරීම තිරස්චීන ක්‍රියාවක් බවයි.

 

 

 

 

 

 

Read 1326 times Last modified on Saturday, 08 July 2017 03:45

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.