Thursday, 22 June 2017 14:57

සේවකයන්ට පොලු තැබූ lifeTV ලොක්කෝ කම්කරු නීතියටද පයින් ගසයි 

Written by 
Rate this item
(0 votes)

කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ අධ්‍යක්ෂකත්වයෙන් ආරම්භ කරන ලද ලයිෆ් TV නැමැති රූපවාහිනී ආයතනය හදිසියේ වසා දැමීම හේතුවෙන්   එහි සේවය කරන ලද සියලු සේවකයන් දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බව වාර්තාවේ.

 

2016 සැප්තැම්බර් මස ආරම්භ වන මෙම ලයිෆ් ටෙලිවිෂන් නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය ප්‍රියන්ත බන්ඩාර  හා කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය සැපයුම් සේවා  අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය හා තවත් තිදෙනෙකුගේ මුලිකත්වයෙන් පවත්වාගෙන යන අතර ඒ වන විට එහි කාර්යය මණ්ඩලය ප්‍රධාන විධායක නිලධාරී හා වැඩසටහන් අධ්‍යක්ෂ, කැමරාශිල්පීන් , සංස්කරණ ශිල්පීන් හා අංග රචනා ශිල්පීන් ඇතුලු තවත් සේවකයින් 08 දෙනෙකුගෙන් සමන්විත විය.

කෙසේ නමුත් මෙම ආයතනය හදිසියේ 2017 ජනවාරි මස 16 වන දින නතර කොට දමන අතර ඒ වන විට එකී කාර්යය මණ්ඩලයට වැටුප් හා අනෙකුත් දීමනා කිසිවක් ලබාදීමට අදාළ අධ්‍යක්ෂ මණ්ඩලය මඟ හැර සිටි අතර මේ හේතුවෙන් අදාළ සේවකයන්ගේ සේවක අයිතීන් මුළුමනින්ම පැහැර හැරීමට ලක් කරනු ලැබීය.

 

අදාළ සේවකයන්ට අමතරව  වැඩසටහන් ඉදිරිපත් කළ පිරිස් සදහාද  ගෙවීම් හිඟ තබා, බාහිර නිෂ්පාදකයන්ට ද ගෙවීම නොකොට මෙසේ ලයිෆ් ටයිම් ටීවී ආයතනය වසා දැමීම කම්කරු නීති අමු අමුවේ උල්ලංඝණය කිරීමකි.

මේ හේතුවෙන් අදාළ සේවකයන් කම්කරු කොමසාරිස් වෙත පැමිණිලි කළ අතර ඒ අනුව කොමසාරිස් වරයා විසින් අදාළ වෛද්‍යවරුන් කැදවීමට අවස්ථා දෙකකදී උත්සාහ කළද කොමසාරිස්වරයා වෙතද නොපැමිණ එය මග හරිමින් සිටින බව වාර්තාවේ.  කෙසේ නමුත් මෙවැනි කම්කරු නීති උල්ලංඝණය කොට සේවකයන්ගේ ජීවිත හිතු මනාපේ වියවුල් කිරීම මානව හිමිකම් කඩ කිරීමක් හා සාමාන්‍ය නීතිය බිද දැමීමක් වන බැවින් අදාළ සේවකයන් ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින බව ලයිෆ් ටීවි ආයතනයේ  ප්‍රධාන විධායක නිලධාරි හා වැඩසටහන් අධ්‍යක්ෂකව සිටි හෙන්රි වර්ණකුලසූරිය මහතා මාධ්‍ය හමුවේ සදහන් කොට සිටියේය. 

 

Read 707 times Last modified on Thursday, 22 June 2017 18:40

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.