Wednesday, 21 June 2017 18:07

කියුබානු BTI තිබියදී ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වන්නේ කුට්ටිය වැඩි නිසා ද ?

Written by 
Rate this item
(0 votes)

මීට වසර කිහිපයකට පෙර ලංකාවේ ඩෙංගු මර්දනය කිරීම සදහා ඩෙංගු මුළුමනින්ම තුරන් කරනු ලැබූ කියුබානු රජය විසින් හදුන්වාදුන් බී.ටී.අයි. බැක්ටීරියාව තිබියදී එය භාවිතා නොකොට ඕස්ට්‍රේලියානු රජයෙන් ලංකාවට අධික වියදමක් දරා බැක්ටීරියාවක් ගෙන්වීමට කටයුතු කිරීම පිටුපස කුමන්ත්‍රණයක් ඇති බවට සැකයක් මතුව ඇත.

 

අදාළ බැක්ටීරියාව ගෙන්වා එය අත්හදා බලා ඒ පිළිබද නිර්ණයකයන් විවිධ ආයතනයන් මගින් දක්වා තිබියදී පවා එය භාවිතයට නොගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු නොකිරීම මේ සැකයට තුඩුදුන් කරුණක් වේ. කෙසේ නමුත් අදාළ බලධාරීන් මේ කෙළිසෙල්ලම් කරනුයේ සුවහසක් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවිත සමග වීම මෙහි ම්ලේච්ඡත්වය පෙන්නුම් කරන්නක් වේ.

 

බී.ටී.අයි බැක්ටිරියාව සම්බන්ධයෙන් එය ලංකාවට ගෙන්වන ආයතනය විසින් ඒ සම්බන්ධයෙන් වන සවිස්තර වාර්තාවක් මාධ්‍යයට නිකුත් කොට ඇති අතර පහත දැක්වෙන්නේ එකී පැහැදිලි කිරීමයි 

 

වර්තමානයේ ශී‍්‍ර ලංකාව තුළඇති වී තිබෙන ඩෙංගු අධිවසංගත තත්ත්වය හේතුවෙන් මේ වනවිට 65,000 කට ආසන්න රෝගීන් ප‍්‍රමාණයක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 200 දක්වා ඉහළගොස් ඇත. මෙම තත්ත්වය හැකි ඉක්මනින් පාලනය කිරීමට අපොහොසත් වුවහොත් මෙම වසර අවසානය වන විට පවතින පාරිසරික, දේශගුණික හා කාලගුණ තත්ත්වයන් මත රෝගීන්ගේ සංඛ්‍යාව 150,000 ඉක්මවිය හැකි බවත් මරණ සංඛ්‍යාව 1000 කට ආසන්න විය හැකි බවත් මේ පිළිබඳව අදහස් පළ කරන විශේෂඥයින්ගේ මතයයි.

 

ඩෙංගු රෝග වෛරසයට මුල් වන ඊඩිස්ඊජිප්ටයි (Aedesaegypt) ලඊඩිස් ඇල්බොපික්ටස් Aedesalbopictus) යන මදුරු විශේෂයන්ගේ කීට (larve)අවදියේ අවස්ථා සියල්ලම (stage 1- 3) සහ පිළවා (pupa) අවදියේ මුල් අවස්ථාව (stage 1) මර්දනය කිරීම සඳහා භාවිතා කළ හැකි ක‍්‍රමවේදයන් අතර බී.ටී.අයි. (BTI) නැමති බැක්ටීරියාව භාවිතා කිරීම වඩාත් ඵලදායී මෙන්ම ඉක්මන් ක‍්‍රමවේදයක් බවට මේ වන විට තහවුරු වී ඇත. ඩෙංගු අධිවසංගත තත්ත්වය හේතුවෙන් විශාල ලෙස බලපෑමට ලක් වූ කියුබාව, බ‍්‍රසීලය, නවසීලන්තය, සිංගපූරුව වැනි රටවල් බී.ටී.අයි. (BTI) බැක්ටීරියාව භාවිතා කිරීම තුලින් එම තත්ත්වයට සාර්ථකව මුහුණදී පාලනය කිරීම සිදුකොට තිබේ.

 

කියුබානු බී.ටී.අයි. (BTI) බැක්ටීරියාව මේ වන විට ශී‍්‍ර ලංකාව ඇතුළු රටවල් 20 කට අධික ප‍්‍රමාණයක ලියාපදිංචි වී ඇති අතර ආසියානු, අපි‍්‍රකානු, උතුරු ඇමරිකානු හා කැරිබියානු මහාද්වීපයන්හී බොහෝ රටවල්හි ඩෙංගු, චිකුන් ගුන්යා හා සීකා යනවෛරසයන්හේතුවෙන්ඇති වූ වසංගත / අධිවසංගත තත්ත්වයන් පාලනය කිරීමට යොදාගෙන ඇත. ඊඩිස්ඊජිප්ටයි (Aedesaegypt) ලඊඩිස් ඇල්බොපික්ටස් (Aedesalbopictus) යන මදුරු විශේෂයන්ට අමතරව Anopheles, Culex, Psorophora, Mansonia, Uranotaenia යන හානි කර මදුරු විශේෂයන් පාලනය කිරීමේ හැකියාවද මෙම බී.ටී.අයි. (BTI) බැක්ටීරියාව සතුය.එමෙන්මළිං, පොකුණු ආදි සියළු භාවිතයට ගන්නා නොගන්නා ජල මූලාශ‍්‍ර සඳහා භාවිතා කිරීමට හැකිවීම මෙය සතු සුවිශේෂිතාවයකි. ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් (WHO) මෙම බී.ටී.අයි. (BTI) බැක්ටීරියාවබීමට ගන්නා ජල මූලාශ‍්‍ර සඳහාදයොදා ගත හැකිබව තහවුරුකොට තිබෙි.

 

කියුබානුබී.ටී.අයි. (BTI) බැක්ටීරියාව මෙරටට ආනයනය කිරීම හා භාවිතා කිරීම විටින් විට සිදු වී ඇති අතර එමඟින් ඩෙංගු රෝගයට මුල් වන මදුරු වාහකයන් පාලනය කළ නොහැකි බව කිසිදු පාර්ශවයක් මේදක්වා ප‍්‍රකාශ කොට නොමැත. මේ පිළිබඳව අදහස් දක්වන විශේෂඥයින්ගේ මතය වන්නේ බී.ටී.අයි. (BTI) බැක්ටීරියාව භාවිතා කිරීම මේ සඳහා යොදා ගත හැකි එක් ක‍්‍රම වේදයක් පමණක් වන බවකි. නමුත් කියුබානු හා එය භාවිතා කළ අනෙකුත් රටවල්වල විශේෂඥයින්ගේ දහසවන්නේ පිළිගත්ක‍්‍රම වේදයකට අනුව ක‍්‍රමවත්ව මෙම බැක්ටීරියාව පරිසරයට මුදා හැරීමෙන් අනතුරුව නිරන්තර අධීක්ෂණය සහ අවධානය යොමුකිරීම තුළින් ඩෙංගු මදුරුවන්ගේ කීට අවදියේ ම ඔවුන් විනාශ කළහැකි බැවින් ඩෙංගු මදුරු ඝනත්වය අඩුකිරීම තුලින්ඉතා සාර්ථක ප‍්‍රතිඵල ළඟා කළහැකිබවය.

 

2012 වර්ෂයේකියුබානුබී.ටී.අයි. (BTI) බැක්ටීරියාව ආනයනය සහ අලෙවි කිරීමේ දේශීය නියෝජිතයා වශයෙන් අප ආයතනය පත්වීමෙන් අනතුරුව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ඉල්ලීම මත රුපියල්ලක්‍ෂ 10 කට ආසන්න බී.ටී.අයි. (BTI) ප‍්‍රමාණයක් නියමු ව්‍යාපෘතියක් සඳහා ඔවුන් වෙත නොමිලේ ලබාදීමට කටයුතු කළ අතර එහි සාර්ථකත්වය මත ලීටර 10,000 ක් ජාතික ඩෙංගු මර්දන ඒකකයට හා ඔවුන්ගේ රෙකමදාරුව මත කොළඹ මහ නගර සභාව ලීටර 5,000 ක් ද අප සමාගමෙන් මේ දක්වා මිළදීගෙන ඇත.

 

එම මිළදී ගැනීමිවලට හා නොමිලේ ලබාදීමට අදාල වකාණ්ඩ අංක 3ක් යටතේ කියුබානු බී.ටී.අයි. (BTI) බැක්ටීරියා තොග මෙරටට ආනයනය කළ අතර ඒවායේ ජෛව ඵලදායිතාවය (bio-efficacy) 100% ක් බවත් එය යොදනු ලබන පරිශ‍්‍රයන් හි දින 30 සිට 45 දක්වාකාලයක්ක‍්‍රියාකාරීවපවතිනබවත් තහවුරුකොට ඇත.එමෙන්ම 100% පරිසර හිතකාමි නිෂ්පාදනයක් වන මෙය තුළ මිනිසාට මෙන්ම අවට පරිසරයේ ජීවත් වන වෙනත් කිසිදු ජීවියකුට හානි කළ හැකි විෂ රසායනිකයන් කිසිවක් අඩංගු නොවන බව කාර්මික තාක්ෂණ ආයනතය (ITI), SGS හා SGSydBureau Veritas යන ආයතන මඟින් තහවුරුකොට ඇත.

 

අද වන විට ඩෙංගු රෝගය උත්සන්න වීමට බලපා ඇති ප‍්‍රධානතම කරුණ වන්නේ ඩෙංගු රෝගයට මුල්වන මදුරු විශේෂයෙහි ඝනත්වය වැඩිවීම හේතුවෙන් බැවින් කියුබානු බී.ටී.අයි. (BTI) බැක්ටීරියාව භාවිතා කිරීමෙන් එම මදුරු විශේෂයෙහි කීට අවදියේදීම ඔවුන් විනාශ කිරීමෙන් මදුරු ඝනත්වය ඉතා ඉක්මනින් හා සාර්ථකව පාලනය කළ හැකි බව අපගේ මෙන්ම විශේෂඥයින්ගේ මතයයි.

 

මෙම කියුබානු බී.ටී.අයි. (BTI) බැක්ටීරියාවේ සාර්ථකත්වය පිළිබඳව ප‍්‍රශ්න කරන සියළුම පාර්ශවයන්ට විනිවිදභාවයකින් යුතු පිළිතුරක් ලබා ගැනීම සඳහා මෙහි සාර්ථකත්වය තහවුරුකොට ගත හැකි විද්‍යාගාර සහ ක්ෂේත‍්‍ර පරීක්‍ෂණවල /ව්‍යාපෘතිවල වාර්තාවන් සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ඩෙංගු මර්දන ඒකකය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, කොළඹ මහ නගර සභාව යනආයතනයන්හි වගකිව යුතු නිළධාරීන්ගෙන් ලබා ගත හැකි බව සඳහන් කරන්නෙමු.

 

අවසන් වශයෙන් මෙරට ඇති වී තිබෙනඩෙංගු අධිවසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා කියුබානු රජයේ මෙන්ම කියුබානු විශේෂඥයින්ගේ සහාය ලබාදීමට අප නොපැකිලිව ඉදිරිපත් වන්නෙමු.

නමුත් මෙය භාවිතා කිරීම පිළිබඳව අදාළ ආයතන බළධාරීන්ගේ ඇති නොකැමැත්ත පිළිබඳව අපට ද ඇත්තේ විමතියකි.

 

උපුටා ගැනීම  - lankatarget.com

Read 179 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.