Sunday, 18 June 2017 00:50

වකුගඩු කුණුවන උගත් පොහොසත් රටක් -  දස්කොන්

Written by 
Rate this item
(0 votes)

මේ දවස් වල සයිටම් ආයතනය නීත්‍යානුකූල කිරීමේ අරමුණ ඇතිව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් රජයේ වියදමින් කදිම වෙළෙද දැන්වීම් කිහිපයක් ප්‍රචාරය කරමින් සිටියි. ඉන් බහුතරයකින් කියවෙන්නේ අහිංසක දුප්පත් දෙමාපියන් දුක් මහන්සියෙන් වෛද්‍ය විද්‍යාලයට යවන ලද සිසුසනට විශ්ව විද්‍යාලයේ සිටින කඩාප්පල්කාරීන් නිසා සිය ඉගෙනීම් කටයුතු අවසන් කර ගෙන වෛද්‍යවරුන් වීමට ඇති සිහිනය වියැකෙමින් පවතින බවයි.

 

බැලූ බැල්ලමටම මෙම දැන්වීම් හරිම සංවේදී වන අතර යථාර්ථය මයාව නම් කඩතුරාවෙන් වසා ජනතාව ගොනාට ඇන්දවීමේ කිරිඇල්ල රාජිත සයිටම් මෙහෙයුමේ අලුත්ම නාඩගම මෙම දැන්වීම් මාලාවයි. අපට ඇති ගැටලුව වන්නේ මෙම දැන්වීම් ඵල කරනු ලබන්නේ ද ජනතාවගේ බදු මුදලින් වන නිසයි. දැන් යථාර්ථය හා මායාව පටලැවී ඇත්ත සහ බොරුව කුමක් ද යන්න වටහා ගැනීමට බොහෝ අයට අපහසුව තිබේ. 

ඇත්ත නම් දිගින් දිගටම සයිටම් උපාධි කඩයට විරුද්ධව සටන් කරන ශිෂ්‍ය ප්‍රජාව සයිටම් උපාධි කඩය වසා දමනතුරු සටන අත් නොහරින බවට සපථ කර සිටීම නිසා විශ්ව විද්‍යාල වල සමස්ථ පරිපාලනයම අවුල් සහගත වී තිබීමයි.

රජය සයිටම් උපාධි කඩය වසන්නට කිසිදු කැමැත්තක් නොදක්වන අතර ඔවුන් මෙයද තම දේශපාලන වාසියට හරවා ගනිමින් සිටියි. ඔවුන් පවසන්නේ සයිටම් උපාධි කඩය මහින්ද පාලනය සමයේ ස්ථාපිත කල අතර එයට විරුද්ධ වන මහින්දවාදීන් එදා එයට විරුද්ධ නොවූ බවයි. මේ හැර රජය සයිටම් ප්‍රශ්ණයට නිසි පිළිතුරක් ලබා නොදෙන අතර තනිකරම මිනිසුන්ගේ මනස තුළ පුද්ගලික අධ්‍යාපනය වරදක් නොවන බවත් එය නිදහස් අධ්‍යාපනය තරම්ම අවශ්‍ය දෙයක් වන බවත් පෙන්වමින් මිනිසුන් මුලා කිරීමට උත්සහ කරයි. 

සයිටම් අරගලයට උර දී සිටින අප සියලු දෙනා පවසන එකම කතාව වන්නේ අතර මැද විසදුම් නොමැති බවත් එකම විසදුම මෙය අහෝසි කිරීම පමණක් වන බවත්ය. ඒ අනුව රජය විසින් මෙය කොටස් වෙළෙදපොලට දැමීම වැනි අමන කතා කියමින් ජනතාව රවටනු ලබයි. නමුත් සත්‍ය ලෙසම මෙම හොර උපාධි කඩය වසා දැමිය යුතු අතර පැහැදිලිවම මෙයට කිසිදු ප්‍රමිතියක් නැති අතර ඉන්දියාවේ නේපාලයේ වැනි මිනිසුන් සුරාකන ව්‍යාපාරයක් පමණක් බවට මෙය පත්වන බව ඉතා පැහැදිලිය. මේ සම්බන්ධයෙන් දිර්ඝව මීට පෙර කරුනු දක්වා තිබේ. 

ඒ අනුව රජය මිනිසුන් තුල වැරදි චිත්‍රයක් මවමින් මෙම සයිටම් විරෝධය නිසා අහිංසක දුප්පත් දෙමාපියන්ගේ දරුවනට වෛද්‍යවරුන්ට වීමට ඇති අවස්ථාව අහිමි කරන බවට ශිෂ්‍ය ව්‍යාපාරයට චෝදනා නගයි. නමුත් ඇත්තටම මේ වෛද්‍ය ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලු ලංකාවේ සමස්ථ සයිටම් විරෝධි ව්‍යාපාරයක්ම උත්සහ කරන්නේ අහිංසක දුප්පත් දරුවන්ට වෛද්‍යවරුන් වීමට ඇති අවස්ථාව රැක ගැනීමට සිය උපාධිය බිල්ලට තබා සටන් කිරීමයි. 

රජරට වකුගඩු ප්‍රශ්ණය බෙහෙත් මාෆියාව මගින් වසා කටයුතු කරන රජය අහිංසක දුප්පත් මිනිසුන් දිනපතා වකුගඩු රෝගයෙන් මියයන බව හා ඉන් ආරක්ෂා විය යුතු අන්දම දක්වන දැන්වීම් ව්‍යාපෘතියක් කලා නම් එය රටට වැඩදායි වනු ඇත. දුප්පත් අහිංසක මිනිසුන්ට වැඩදායි වනු ඇත. නමුත් මුදලට සුදුසුකම් නොමැතිව දොස්තරා වන්නට වලිකන පෙහොසතුන් වෙනුවෙන් දුප්පත් දරුවන්නේ දුක පවා විකුණා කන රජයක් මහින්ද පාලනයට වඩා යහපත් යැයි හා මෙය යහපාලනය යැයි යමෙකු තවමත් සිතා සිටිනවා නම් දැන් නින්දෙන් ඇහැරෙන්නට හොදම කාලය එළඹ ඇත. 

Read 140 times Last modified on Sunday, 18 June 2017 01:09

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.