Friday, 16 June 2017 23:51

ඥානසාර හිමිට ඕඩර් දුන්නේ චම්පික හා රතන හිමි 

Written by 
Rate this item
(0 votes)

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් වගකිව යුතු බවත් එම වගකීමෙන් ඔවුන් දෙදෙනාට කිසිසේත් නිදහස් විය නොහැකි බවත් ඩිලන්ත විතානගේ මහතා පවසයි.

 

ඔවුන් දෙදෙනා ඇතුළු ජාතික හෙළ උරුමය විසින් දේශපාලන වුවමනාවන් සඳහා ඥානසාර හිමි භාවිතා කළ බවයි බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක ඩිලන්ත විතානගේ මහතා පවසන්නේ.

 

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (16) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 

චම්පික අමාත්‍යවරයා සහ රතන හිමි ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් ඥානසාර හිමියන් උනන්දු කළ බවත් වර්තමානයේ අත්විඳින්නේ එහි අනිටු විපාක බවත් ඔහු පෙන්වා දෙයි.

 

එක් අතකින් රජය, හිටපු ආරක්ෂක ලේකම්වරයා 2020 දී බලයට ගෙනඒමට බොදුබල සේනා සංවිධානය පිඹුරුපත් සකස් කරන බවට චෝදනා කරන බවත් අනෙක් පැත්තෙන් අමාත්‍ය චම්පික රණවක මහතාට බලයට ඒම සඳහා බොදුබල සේනා සංවිධානය අවශ්‍ය මාර්ගය සකස් කරන බව පවසමින් ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරන බවත් විතානගේ මහතා ප්‍රකාශ කරයි. එහෙත් සැබෑ තත්වය කුමක්ද යන්න ආණ්ඩුවටවත් විපක්ෂයවටත් වැටහීමක් නොමැති බවයි ඩිලන්ත විතානගේ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Read 14 times Last modified on Saturday, 17 June 2017 00:38

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.