Tuesday, 28 February 2017 22:23

මාධ්‍යයට පාඩම් කියාදෙන රියදුරු වියන්ගොඩ

Written by 
Rate this item
(0 votes)

ප්‍රංශයේ පැරිස් නගරයේ පිහිටි නේපාල තානාපති කාර්යාලයේ නිත්‍ය රියදුරෙකු විසින් පසුගියදා ඔහු සහ යහපාලන ආණ්ඩුවට කත් ඇදිමට පිහිටුවාගත් පුරවැසි බලය නමැති සංවිධානයෙන් පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව එහි ප්‍රශ්න නගන ලද මාධ්‍යවේදියෙකු හට මාධ්‍ය සම්බන්ධයෙන් පාඩම් කියාදීමට ඇගිල්ල දිගු කරනු ලැබීය.

 

මොහු නමින් ගාමිනී වියන්ගොඩ වන අතර ග්‍රන්ථ කරණයෙහි නිතර වුවද මේ වන විට ඔහු මගින් ප්‍රකාශයට පත්වන්නා වූ පරිවර්තකයෙකුට ඔබින නොවන කාර්යයක් පෙන්නුම් කරමින් සිටි.

මාධ්‍ය වේදීන්ට මීට පෙරද කිහිප වරක මොහු විසින් විවිධ තර්ජනය කිරීම් සිදුකළ අතර මේකී බුරා පැනීම් සිදුවන්නේ ඔහුගේ තත්වයට අදාළ නොවන ලෙස බැවින් මොහු සම්බන්ධයෙන් වන මොහුගේ චරිතයෙහි පුර්ව අවධීන් පිළිබද සොයාලැබීමක් සිදු කරන ලදී. 

එහිදී අනාවරණය වූ තොරතුරු අනුව ඔහු මාධ්‍ය වේදීන්ට ඇගිල්ල පමණක් නොව වලිගයද ඉස්සුවාට මවිත නොවිය යුතු බවට වන සාධකයන් ගණනාවක් අනාවරණය විය. 

ලංකාවෙන් රැකියාවක් සදහා ගොස් ප්‍රංශයට ගිය මොහුට එහි නේපාල තානාපති කාර්යාලයේ රියදුරු රැකියාවක් ලැබුනු අතර පසුව ඔහු යුනෙස්කෝවෙහිද එකී රැකියාවම සිදුකරන ලදී. එහිදී ඔහු අධික මත්පැන් පානය කිරීම හා සූදුවට ඇබ්බැහි වූවෙකු වීම හේතුවෙන් සේවයෙන් පහ කරන ලද අතර පසුව ඔහු no 09' rue de dunkerque paris 10 hotel picardi රාත්‍රී පිළිගන්නෙකු වශයෙන් සේවය කළේය. 

කෙසේ නමුත් පසුව ඔහු ලංකාවට පැමිණි අතර මොහුට විරුද්ධව ගුවන් ගමන් බලපත් ව්‍යාජ ලෙස සකසා ප්‍රංශයට පුද්ගලයින් යැවීම සම්බන්ධයෙන් වන චෝදනාවක්ද එල්ල විය. 

ප්‍රංශයේ වාසය කරන කාලය තුළ ඔහු එහි දී ඔහු විවිධ පාර්ශවයන් වෙත තමන් ජයදේව උයන්ගොඩගේ මල්ලි බව පවසා සිටි අතර මේ සම්බන්ධයෙන් දැනගත් ජයදේව උයන්ගොඩ විසින් අදාළ පාර්ශවයන්ට ලිපියක් මගින් දන්වා ඇත්තේ තමා හා  මෙම පුද්ගලයා අතර කිසිදු ඥාතිත්වයක් නොමැති බවයි

මෙවැනි චරිත ලක්ෂණයන්ගෙන් හෙබි තැනැත්තෙකු වන මොහු විසින් මාධ්‍යයට ඇගිල්ල දිගු කොට වාර්තාකරණය සම්බන්ධයෙන් පාඩම් කියා දීම යනු තවත් එක් විහිළු සපයන්නෙකුගේ කාර්යයක් වන බව පමණක් පවසා සිටිය යුතුමය. අරලියගහ මන්දිරයෙන් පඩි ලබන්නෙකු වන මොහු  මාධ්‍ය නිදහස ආණ්ඩුව ඕනෑ පරිදි හා තමන් විසින් පිහිටුවාගත් අදාළ සංවිධානයන්ට අනුගතව විය යුතු බවට පවසන්නේ කෙසේද යන්න ගැටළුවක් ව පැවැතිනි.

මීට පෙරද ශිෂ්‍ය අරගලයකදී ඔහු විසින් සිසුන්ගේ කාර්යය භාරයය අවතක්සේරුවට ලක්කොට උද්ඝෝෂණය කිරිමේ අයිතිය නොමැති බව පැවසීමට තරම් සැහැසි විය. 

එබැවින් එක් දෙයක් අදාළ මහත්මයාට පැවසිය යුතු වන අතර ජනමාධ්‍යයට අත ඔසවන්නාගේ කාර්යය භාර්යය තමන් විසින් නැවත අධ්‍යයනය කළ යුතු බවත් එසේ නොවන්නේ නම් තමාට මෙ වන විටත් පැවරී ඇති ආණ්ඩුවේ වෙනත් මාර්ගයකින් වන රෙදි පෙළි සේදීමේ කාර්යය සිදුකරගෙන සිටිනවාද යන්න තීරණයකට එළඹීමට සිදුවන බව පමණක් පවසා සිටිය යුතුමය. 

 

Read 540 times Last modified on Tuesday, 28 February 2017 22:29

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.