Tuesday, 28 February 2017 17:37

සයිටම් වෙඩි තැබීම බොරුවක් බව හෙළිවෙයි 

Written by 
Rate this item
(0 votes)

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය ඔහුට ජීවිත තර්ජන ඇති බවට හුවා දැක්වීමේ අරමුණින් ව්‍යාජ ලෙස සැලසුම් කරන ලද්දක් බවට හෙළි වී තිබේ.

 පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු මස 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.

 

මොහු සන්තකයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක්, රිවෝල්වරයක්, උණ්ඩ 5ක් සහ අපරාධය සඳහා භාවිතා කළ බවට සැක කෙරෙන යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් වෙනත් වරදක් සඳහා දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින යුද හමුදා විශේෂ බලකායේ හිටපු හමුදා සෙබලෙකුගෙන් ද ප්‍රශ්න කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

 

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න මහතා ගමන් ගත් වාහනයට වෙඩි තැබීමේ නාටකය නිර්මාණය කළ බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සහ පළාත් පාලන ආයතනයක රියදුරා ප්‍රාදේශයෙන් පළා ගොස් ඇතැයි පොලිසිය පැවසී ය.

 

එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සමීර සේනාරත්න මහතා සමඟ සමීපව කටයුතු කළ පුද්ගලයකු බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

 

වෙඩි තැබීමේ නාටකයට උපයෝගී කර ගත් බව කියන යතුරු පැදියද කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශක කොට්ඨාසය භාරයට ගෙන තිබේ.

 

මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කරන යුද හමුදා විශේෂ බළකායේ හිටපු භටයෙකුගෙන් ද පොලිසිය ප්‍රශ්න කර ඇති අතර ඔහු මේ වන විට වෙනත් වරදක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසු වෙයි.

 

මේ වන විට කර ඇති විමර්ශන අනුව හෙළි වී ඇත්තේ සමීර සේනාරත්න මහතාට ජීවිත තර්ජන ඇති බව හුවා දැක්වීමේ අරමුණෙන් මෙය ව්‍යාජ ලෙස සැලසුම් කරන ලද්දක් බවයි.

Read 193 times Last modified on Tuesday, 28 February 2017 18:18

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.