Friday, 10 February 2017 01:08

ලංකාවේ අන්තර්ජාල සංඛ්‍යාත මංකොල්ලයක් 

Written by 
Rate this item
(0 votes)

ලංකාවට අයත් අන්තර්ජාල සංඛ්‍යාත මුළු මහත් ජනතාවට අයත් සම්පතකි. එය රාජ්‍ය අයිතියක් ලෙස දැක්විමෙන් මෙහි ඇති වැදගත්කම ඕනෑම අයෙකුට වටහා ගත හැකිවනු ඇත.

කෙසේ නමුත් ඒ සා විශාල සම්පතක් තනි පුද්ගල අයිතියකට නතුව රාජ්‍ය හිමිකාරීත්වයෙන් ගිලිහීයාම ජනතාවගේ අයිතියක් වැනසීයාමකි. මේ වනවිට සිදුවෙමින් පවතිනුයේ එකී විනාශයයි. 

 

ලංකාවේ අන්තර්ජාල සංඛ්‍යාත මුළුමනින්ම ගූගල් සමාගමට යටත් කොට ඒ සදහා ගූගල් බැලූන් ව්‍යාපෘතියක් ගොඩනගා එයට නතු කිරිමට පුද්ගලයින් දෙදෙනෙකුගේ ක්‍රියාකාරීත්වයෙන් සිදුව ඇති අතර ඒ සදහා අණ්ඩුවේ ඉහල පෙලේ දේශපාලනඥයන්ගේද සහාය හිමිවීම අතිශය ඛේදවාචකයන් බවට පත්ව ඇති බව වාර්තාවේ. 

ගූගල් බැලූන් ව්‍යාපෘතිය මේ ආණ්ඩුව බලයට පත්වීමත් සමග ඒ සදහා වූ අමාත්‍යංශය වන විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතට පත් කිරිමට කටයුතු කළේය. එහෙත් අයිසිටීඒ ආයතනයේ අධ්‍යක්ෂ මුහුදන් කනකේ ගේ හා  නාදන් කුලගනාගම් යටතේ ක්‍රියාත්මක වන රාමා ව්‍යාපෘතිය යටතට මෙය පවරාගෙන ඇති අතර මේ වන විට සම්පූර්ණයෙන් අන්තර්ජාල සංඛ්‍යාත සියල්ල එකී ව්‍යාපෘතිය යටතේ පුද්ගලයින් දෙදෙනෙකුගේ අයිතියක් බවට පත්කොට ගෙන ඇත. 

මෙහි ශෝචනීය කටයුත්ත වන්නේ අයිසීටීඒ ආයතනය ජනාධිපති ලේකම්කාර්යාලය හරහා සිදුවන ව්‍යාපෘතියක් වන අතර එහි අධ්‍යක්ෂවරයා වන මුහුදන් කනකේ විසින් ජනාධිපතිවරයාද මුලාකොට එහි සිටි අධ්‍යක්ෂ මණ්ඩලය දූෂිත බව දක්වා තමන්ට හිතවත් පිරිසක් යොදාගෙන මෙකි කටයුත්ත සිදුකිරීමට තරම් දක්ෂ හා කූට උපක්‍රමයන් දියත් කිරීමය. 

කෙසේ නමුත් අන්තර්ජාල සංඛ්‍යාත මේ වන විට ගූගල් සමාගමේ බැලූන් ව්‍යාපෘතියට ලබාදී ඇති බව පවසමින් මෙම පුද්ගලයින් දෙදෙනා විසින්  කැබිනට් පත්‍රිකාවක්ද සකස් කොට එය විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයා වන හරේන් ප්‍රනාන්දු විදෙස් ගත ව ඇති මොහොතක කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරයෙකු මාර්ගයෙන් ඉදිරිපත් කොට 2019 දක්වා එකී ව්‍යාපෘතිය තමන් යටතට ලබාගැනීම කටයුතු කිරිම රටක් ලෙස දැවැන්ත අර්බුදයක් නිර්මාණය කිරිමට සමත්ව ඇත. 

මෙහි බරපතල කරුණ වන්නේ අන්තර්ජාල සංඛ්‍යාත මෙවැනි තනි අධිකාරියකට නතු විම විසින් ජාතික ආරක්ෂාව හා ආර්ථික වශයෙන් දැවැන්ත මූල්‍ය පාඩුවක් රජයට මුහුණදීමට සිදුවීමත්ය. 

කෙසේ නමුත් මේ වන තෙක් මෙම කරුණ සම්බන්ධයෙන් කිසිවෙකුගේ අවධානය යොමු නොවීම විසින් පෙරකී අර්බුදය රටක් ලෙස මේ වනවිටත් මුහුණ දෙන දැවැන්ත ඛේදවාචකයක් බවට පත්වීමත්ය. 

යහාපලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා මුළුමනින්ම ගැටෙන මෙකි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදාළ අංශයන්හි අවධානය යොමු නොවුනහොත් ඉදිරියේදී දැවැන්ත ව්‍යසනයකට අන්තර්ජාලමය ලෙස අප මුහුණ දීම අනිවාර්ය වනු ඇත. 

Read 239 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.