Thursday, 09 February 2017 23:58

අධිකරණයට සියල්ල කළ හැකි නම් ආණ්ඩුවක් වැඩක් නෑ - අවිශිබම කැඳවුම්කරු කියයි

Written by 
Rate this item
(0 votes)

ජනවාරි 31 දින සයිටම් ආයතනය සම්බන්ධයෙන් අධිකරණය දුන් තීන්දුව මේ රටේ දුක්විදින ජනතාවගේ දුවා දරුවන්ගෙ අධ්‍යාපන අයිතිය සම්බන්ධයෙන් දුන් බරපතල තීන්දුවක් බවත් මෙයින් පෙන්නුම් කරන්නේ අධිකරණය ජනතාවගෙ පැත්තෙ සිට නොව ධනපති පාලකයන්ගේ පැත්තේ සිටින බව බවත් ජනතාවට යුක්තියක් ඉටු නොවන අධිකරණයට අපි හිස නොනමන බවත් එවැනි තීන්දු අප පිළි නොගන්නා බවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම් කරු ලහිරු වීරසේකර අද (09) නුගේගොඩ පැවැති සිසු ජන රැළියකදී සදහන් කොට සිටියේය.

 

සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීමට ආණ්ඩුවට බල කරමින් සයිටම් විරෝධී සිසු ජනතා ව්‍යාපාරය විසින් පැවැත්වූ මෙම ජන රැළියට විශාල පිරිසක් ඒකරාශී වූ අතර එහිදි අදහස් දැක්වූ ලහිරු වැඩිදුරටත් සදහන් කොට සිටියේ මේ රටේ ජනාධිපති අගමැති ඇමැතිවරුන් විසින් ඒ ඒ අමාත්‍යංශ මගින් සිදුවිය යුතු සේවාව ඉටු වන්නේ අධිකරණය මගින් නම් රටේ ආණ්ඩුව තිබීමෙන් පලක් නොමැති බවත් එසේ නම් මේ රටේ සෞඛ්‍ය අධ්‍යාපන ආදී සියලු ප්‍රශ්න අධිකරණය විසින් භාරගෙන කටයුතු කළ යුතු බවත්ය. 

මාලඹේ සයිටම් ආයතන යනු සමාගමක් වශයෙන් ලියාපදිංචි කළ ආයතනයක් මිස අධ්‍යාපනය ලබාදෙන ආයතනයක් ලෙස එය නොමැති බවත් එහි අධ්‍යාපනය ලබන දුවා දුරුවන්ගේ අධ්‍යාපන අයිතිය සම්බන්ධයෙන් කතා කළ යුතු අතර එය වෙනම කාරණයක් වනඅතර මෙය පවතින්නේ නිදහස් අධ්‍යාපනය සෞඛ්‍යය විනාශ කිරිමට සමාගමකට අයිතිය පැවරීම බවද සදහන් කොට සිටියේය. 

මෙම අවස්ථාවට  විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, වෛද්‍ය සංගම්, වෘත්තීය සමිති ඇතළු සංවිධාන රැසක නියෝජිතයෝ සහභාගීවී සිටියේය.

Read 479 times Last modified on Friday, 10 February 2017 01:08

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.