Thursday, 09 February 2017 10:04

සයිටම් රෙද්ද පල්ලෙන් එබෙන යහපාලන හොල්මන්

Written by 
Rate this item
(0 votes)

සයිටම් වෛද්‍ය විද්‍යාලය ස්ථාපිත කිරීම සදහා වන නෛතික රාමුවේ නිති ප්‍රමාණයක් බලාත්මක කොට ඇති වකවානුවක මේ වන විට එම උපාධි කඩයෙහි පිරිස් තමන්ට එරෙහි වූ පිරිස් දඩමීමා කොට ගෙන යම් සැලසුම් සහගත වැඩපිළිවෙලක් දියත් කර මින් පවතී.. එහි ප්‍රතිඵලයක් ලෙස වෙඩි තැබීම් ආදිය නිර්මාණය කොට එවා සිසුන් මත හා සයිටම් විරෝධීන් මත පැටවීමේ කූඨෝපක්‍රමයක් දියත් කරමින් පවතී.

 මේ සම්බන්ධනේ අද පැවැති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් දැක්වූ අතර එහිදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සදහන් කොට සිටියේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සමග එක්ව සියලු විශ්වවිද්‍යාලයන්හි අධ්‍යනයේ නිරත වෛද්‍ය සිසුන් වර්ජනයක් දියත් කරනු ලබන බවයි.

කෙසේ නමුත් මේ කටයුතු කරමින් සිටින්නේ තවත් වටයකින් සිසුවෙකුගේ හෝ සිසුන්ගේ ජීවිත බිලිගන්නට ද යන්න ගැටළු සහතවේ. එවක ජේ. ආර්. ජයවර්ධන උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් කටයුතු කළ  මොහොතේ එකාවන්ව නොසැලි සටන් කිරීමට මෙවැනිම බලවේගයක් එවකද විය.

 

මර්දනය දැඩිව ක්‍රියාත්මක කළ එකී වකවානුවේද ඉල්ලා සිටියේ තරුණ බිල්ලකි. රනිල් වික්‍රමසිංහ එදාද ආණ්ඩුවේ ඇමතිවරයෙකි. කෙසේ නමුත් එකම න්‍යාය පත්‍රය මාමාගෙන් පසු  බෑනා විසින් ඉටු කිරීම අරුමයක් නොවන්නේ මේ වන තෙක් ජෙ.ආර්.ගේ පන්නයේ ආර්ථික ක්‍රියාවලීන් මෙතරම් අපූරුවට ඉටු කළ තවත් ආණ්ඩු නැති නිසාමය .

2002 දීද රනිල් වික්‍රමසිංහ හට උවමනා වූයේ යලි පුබුදමු ශ්‍රී ලංකා නැමැති යෝජනාවලියකින් රටේ ඇති සම්පත් විකුණා දැමීමට හා අධ්‍යාපනය විකුණා දැමීමටය.

 

මෙවරද ඔහු එය මනාව ඉටු කරමින් සිටී. මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල මේ වන විට මිනිස් අවයව හා ජීවිත සමග සෙල්ලම් කරනු ලබන ම්ලේච්ඡ පාරාදීසයක් බවට පත් ව හමාරය.  මීට අදාළ උදාහරණ කිහිපයක් ද ඇත. මහරගම කුඩා දරුවෙකු ඩෙංගු වැළදී රෝහලට අතුලත් කළ පසුව වෙනත් ස්ථානයකට ගෙන ආමට අවසර ලබා නොදී එම දරුවා මිය යන තෙක්ම අදාළ ප්‍රතිකාර සිදුනොකොට බිල ගෙවන තෙක් රදවා තබා ගැනීම , මාදුළුවාවේ සෝභිත හිමියන්ට ප්‍රතිකාර කිරීම හා පැන නැගී ඇති ගැටළු තත්වයන් , දෙල්ගොඩ ප්‍රදේශයේ කාන්තාවක් අදාළ රෝගයට නොවන ප්‍රතිකාර ලබාදීමෙන් මිය යාම, මේ වන විටත් තාජුඩින්ගේ ඇටකටු තිබේ යැයි විශ්වාස කරන්නේ සයිටම් රෝහලේ විම. මීට අමතරව රෝහල සම්බන්ධයෙන් දූෂිත තත්වයන් උද්ගතව ඇත.

 

මෙවැනි ම්ලේච්ඡ ගණුදෙනු කාරයෙකුගේ වෛද්‍ය විද්‍යාලයක් කෙසේ නම් වෛද්‍යවරුන් නිර්මාණය කරයිද ? ඒ සදහා හොදම උදාහරණය සපයා ඇත්තෙ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ වෛද්‍ය පීඨයන්හි පීඨාධිපතිරුවන් විසිනි. ඔවුන් එහිදී සදහන් කොට ඇත්තේ  අදාළ ආයතනයෙන් පිට වන කිසිදු සිසුවෙකු වෛද්‍යවරයෙකු වීමට සුදුසු කම් නොමැති බවයි. එසේම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් මේ වන තෙක් අදාළ පහසුකම් හා පරිසාදතීය තත්වයන් සපුරා ඇති බවට මෙකී විද්‍යාලයට සහතිකයක් නිකුත් කොට නැත. එබැවින් අසරණ  දරුවන් මේ වෙනුවෙන් බිල්ලට දී සල්ලි වලින් කරනු ලබන සෙල්ලම තක්කඩි කමක් හා ම්ලේච්ඡත්වයක් බව යළිත් අවධාරණය කොට සිටිමු.

සයිටම් ගෙන ඒම සදහා මූලික වූයේ පැවැති ආණ්ඩුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂය. ඔහුගේ ආණ්ඩුවේ උසස් අධ්‍යාපන ඇමතිවරයා වූ එස්.බී. දිසානායක මේ සදහා අරුම පුදුමසැලකිල්ලක් දක්වා සයිටම් නීතිගත කිරීමට උත්සාහයක නිරත විය. එහෙත් යකාගේ දත් අස්සේ සිට වුව සටන් කළ හැකි ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය විරෝධතා ව්‍යාපාර පවත්වා ජනතාව අවදි කොට අදාළ අවසරදීම් නතර කොට ගෙන තිබුණි.

එහෙත් මේ වනවිට රනිල් වික්‍රමසිංහගෙ ආණ්ඩුව මගින් අධිකරණය වෙත කරුණු දක්වා නිතිමය තත්වය ලබාදිමට කටයුතු කරනු ලැබීය. ඒ සදහා අගමැතිවරයාගේ සුවච කිකරු මහා මාර්ග ඇමතිවරයා අධ්‍යාපන ඇමැතිවරයෙකු ලෙස පත්කොට නන්දෙඩවීම් හා ගේම් ගැසීම් සිදුකරමින් පවතී.

 

අනෙක් පසින් යහපාලනය නැමැති රෙදි කඩට මුවාවී ඕනෑම නරුම බවත් ප්‍රදර්ශනය කිරීමට සමත් දත් දොස්තර කෙනෙකු වන රාජිත සේනාරත්නද තවත් පැත්තකින් සයිටම් ආරක්ෂා කිරීමේ ස්ථාවරයක රැදී සිටී. ඔහු පවසා සිටින්නේ කෙසේ හෝ මෙය ක්‍රියාත්මක කිරීමට තම අමාත්‍යංශය මගින් කළ හැකි සියලු දේ සිදුකරන බවත්ය. ඒ සදහා සිය පවුලේ පුතුන්ද යොදාගෙන වික්‍රමාන්විත ප්‍රලාප ගෙන හැර දක්වමින් සිටී.

රාජිත සේනාරත්නට අනුව ඔහුට විරෝධතා හෝ එවැනි මාදිලියේ  කිසිවක් අදාළ නොවන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ දැවැන්ත භීෂණකාරී තත්වයක් යටතේ ප්‍රා වැනි කණ්ඩායම් සදාගෙන එමගින් තරුණයින්ගේ ජීවිත අමු අමුවේ පුළුස්සා ඝාතනය කිරීමට  හා ම්ලෙච්ඡ වධ බන්ධනයන්ට ලක් කිරීමට ඔහු සාමර්ථයෙකු වන නිසාවෙනි.

 

තවත් පැත්තකින් යහාපලනය නැමති රෙද්දට මුවා වී සයිටම් ලංකාවට අනිවාර්යයක් බව පවසමින් මෙවැනි උද්ඝෝෂණයන් මගින් විරෝධතාවයන්දැක්වූවන් බලාපොරොත්තු වන්නේ කිසියම් සිසුවෙකුගේ මරණයක්සිදු කොට එයින් දේශපලාන වාසි ලබාගැනීමට බවත් දක්වා වෙබ් අඩවි වල පුවත් සරසමින් සිටින අධ්‍යාපනය සම්බන්ධයෙන් වන හැගිම් මාත්‍රයකුදු නොමැති එහෙත් දේශපාලන අවලාද මඩ ප්‍රචාරයෙහි අගපැමිණි වූවන් පිට රට සිටද නෙවිල් ප්‍රනාන්දුගේ වැසිකිලි කැසිකිලි අවශ්‍යතා ඉටු කරමින් සිටී.

 

සයිටම් සටනේ භයානකම අවස්ථාව මේ වනවිට ආණ්ඩුව හා සයිටම් සහයෝගයට පන්දම් අල්ලන පිරිස් විසින් හිතාමතාම විරෝධතාවයන් දක්වන පිරිස් ඉලක්ක කිරිමට ප්‍රයත්න දැරීමත්ය . මීට අදාළ වූ ප්‍රවෘත්තීන් පළ කොට ඇති එවැනි වෙබ් අඩවි පවසා ඇත්තේ සයිටම් බලාත්මක කිරීමෙන් යහපාලනය මෙන්ම අධ්‍යාපනය ලැබීමට වරප්‍රසාදිත පිරිස් වෛද්‍යවරු වීමේ ගැටළුවක් නොවන බවත්ය. ඉදින් ඔවුන්ට පැවසීමට ඇත්තේ අශූචි භුක්ති විදීම සදහා කවර හෝ දේපලක් විකුණා දැමීම යනු තම මවද විකුණා වරප්‍රසාද ලැබීමට සැහැසිකම් ඇති කාලකන්නින් බව පමණකි.

 

එබැවින් සයිටම් නැමැති හොර උපාධි කඩයට විරෝධය දක්වා  නිර්මාණය වන කවර හෝ ව්‍යාපාරයක්වේද එය මතු දවසේ ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් ගුණාත්මක බව පමණක් නොව රටේ මිනිසුන්ගේ ජීවිත්වීමේ අයිතිය සම්බන්ධයෙන් මැදිහත් වීමක්ද වන්නේය.  

 

සටහන - ගාමිණි  මුතුකුමාරණ 

 

Read 450 times Last modified on Thursday, 09 February 2017 16:37

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.