Saturday, 04 February 2017 00:15

තීන්දුව ඇපයට තබා GMOA බොර දියේ මාළු බෑමට යයි

Written by 
Rate this item
(0 votes)

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විදල්‍යාලටය අදාළව අධිකරණය විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව පියවර ගැනීම සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ දිනවල කටයුතු කරමින් සිටින අතර ඔවුන්  ඉදිරියේදී අඛණ්ඩ වැඩවර්ජනයකද නිරත වීමට බලාපොරොත්තු වන බවට ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සදහන් කොට සිටියේය. 

 මේ අතර ඊයේ (3) දින වෛද්‍ය සංගමයේ නිලධාරීන් පිරිසක් ඒකාබද්ධ විපක්ෂයේ ඉහල පෙලේ නායකයින් සමග සාකච්ඡාවකට සහභාගී වී ඇති අතර එහිදී වෛද්‍ය සංගමය සදහන් කොට ඇත්තේ 2011දී මෙවැනි ම දැවැන්ත විරෝධයක් පැන නැගුණද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස නිහඬව සිටියේ ආණ්ඩුව රැක ගැනීම සදහා බැවින් මේ වනවිට උද්ගතව ඇති තත්වය තමන්ට මෙන්ම ඒකාබද්ධයටද සුබ දායක එකක් බැවින් දැවැන්ත විරෝධයක් දැක්වීමට අරමුණු කොට ගත් බවත්ය.

එසේම ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් විසින් සදහන් කොට ඇත්තේ වෛද්‍ය සංගමයේ යම් යම් තීරණය පැවැති ආණ්ඩුවට වාසි දායක වූ බවත් ඒ හේතුවෙන් බොහෝ ගැටළු නිරාකරණය කර ගැනීමට හැකි වූ බවත් මේ වන විට උද්ගතව ඇති තත්වයට සෘජුව විරෝධය දැක්විය හැකි බවත් ඒ සදහා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නට එරෙහිව විරෝධය පළ කිරීමට වෛද්‍ය සංගමය පැත්තෙන් මැදිහත්වීම කළ යුතු බවත්ය. ඔබ සංගමය අපට උදව් කරන්නේ නම් අපද ඊට ප්‍රතිචාර ලෙස සහයෝගය දැක්වීමට හැකි බවද ඒකාබද්ධ විපක්ෂ්‍ය සදහන්  කොට ඇත. 

මෙහිදී කරුනු දක්වා ඇති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කොට ඇත්තේ ඒ සදහා තමන් දැනටමත් කටයුතු කරමින් පවතින බවත් ඉදිරියේදී ක්‍රියාත්මක කිරිමට නියමිත වැඩ වර්ජනය සදහා ඒකාබද්ධ විපක්ෂය ලෙස මාධ්‍ය හමු හා දැනුවත් කිරීම් වලදී ප්‍රකාශයන් නිකුත් කිරීම  හා පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් කතා කිරීමට කටයුතු කරන ලෙසත්ය. 

Read 453 times Last modified on Saturday, 04 February 2017 00:31

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.