Sunday, 05 June 2016 01:54

රාජපක්ෂවරු මුළ්‍ය අපරධයෙන් බේරීමට වස්තුව බලෙන් අන් සතු කරයි

Written by 
Rate this item
(0 votes)

රාජපක්ෂවරුන් විසින් පසුගිය පාලන සමයේදී නොයෙක් ආකාරයෙන් ගොඩ ගසා ගත් ධනයෙන් ගොඩනැගූ දේපල මේ වනවිට මූළ්‍ය අපරාධයන්ගෙන් බේරීම සදහා තම සමීපතමයන් වෙත බලයෙන් පවරා දෙමින් සිටින බවට තොරතුරු හෙළි වෙමින් පවතී .මෙසේ  බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගිය රජය සමයේ ඉදිකරවන ලද නිවාස හා ගොඩනැගිලි රැසක අයිතිය පසුව වෙනත් පුද්ගලයන් වෙත පවරා ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශය විසින් කරන ලද අනාවරණය කොට ගෙන ඇත. 

 

රාජපක්ෂවරුන්ගේ කලු සල්ලි සුදු කිරීමේ ව්‍යාපාර සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළ විමර්ශනයක දී මෙම තොරතුරු හෙළිදරව් කර ඇත්තේ අදාළ ගොඩනැගිලිවල සැලසුම් නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි විසිනි. ගම්පහ මල්වාන ප‍්‍රදේශයේ අක්කර 16ක පොල්වත්තක ඉදිකළ සුවිසල් නිවසක අයිතිය මුදිත ජයකොඩිට හිමිව ඇති අතර එම නිවස ඉදිකිරීම සඳහා සම්පූර්ණ වියදම් දරා ඇත්තේ බැසිල් රාජපක්ෂ බවත්, නිවසට මුල්ගල තැබුවේ බැසිල් රාජපක්ෂගේ බිරිඳ බවත්, නිවස ඇතුළත සැලසුම් කළේ බැසිල් රාජපක්ෂගේ දියණිය විසින් බවත් ඔහු එහිදී ප‍්‍රකාශ කර තිබේ. එසේම එම නිවස තමන් වෙත පැවරුවේ බලහත්කාරයෙන් බවත් ඒ වනවිට එම නිවසේ හිමිකරුවාව සිට ඇත්තේ තිරුනඩේශන් මහතා බවත් ඔහු ප‍්‍රකාශ කර ඇති බවද වාර්තාවේ.

 

එමෙන් ම මෙම නිවස මෙන් ම මාතර බ‍්‍රවුන්ස් හිල් මන්දිරය, ඩී.ඒ. රාජපක්ෂ පදනමට අයත් ගම්පහ පක්ෂ කාර්යාලය වැනි ගොඩනැගිලි සැලසුම් කිරීම වෙනුවෙන් මුදිත ජයකොඩිට මුදල් ගෙවීම වෙනුවට රජයේ දැවැන්ත ව්‍යාපෘති කිහිපයක සැලසුම් කොන්ත‍්‍රාත්තු ටෙන්ඩර් කැඳවීමකින් තොරවම ඔහුට පැවරීමට රාජපක්ෂවරුන් විසින් කටයුතු කර ඇත. බත්තරමුල්ල පැලවත්ත යුද හමුදා මූලස්ථානය සහ කොම්පඤ්ඤවීදිය යුද හමුදා පාසල සැලසුම් කිරීම හා ගොඩනැගීම එසේ ටෙන්ඩර් කැඳවීමෙන් තොරව පවරා දුන් ව්‍යාපෘති අතර වේ.

 

රාජපක්ෂවරුන් විසින් පසුගිය සමයේදී විශාල වශයෙන් ඉඩම් අත්පත් කරගත් බවට දිගින් දිගට ම චෝදනා එල්ල වූ අතර එම ඉඩම් මේ වන විට පවුලේ හිතවතුන්ට පැවරීම සහ අඩු මිලට විකුණා දැමීම සිදුකෙරෙන බවත් වැඩි දුරටත් වාර්තා වේ. 

Read 536 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.