Saturday, 04 June 2016 23:52

මහින්ද කපා ගෝඨා නායකත්වයට ගෙන ඒමේ සැලසුමක් 

Written by 
Rate this item
(0 votes)

මහින්ද රාජපක්ෂ කේන්ද්‍ර කොටගත් ඒකාබද්ධ විපක්ෂයේ බලය බිද දැමීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවන පෙළ නායකත්වය සදහා ගෝඨාභය රාජපක්ෂ යොදගැනීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරමින් සිටී.

 

මේ සම්බන්ධයෙන් අද (04) අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු අමාත්‍ය ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න සදහන් කොට සිටියේ රටම පිළිගත් නායකයෙක් වන ඔහු මේ සදහා ඉදිරිපත් කිරීමට වඩා සුදුසු බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන සේනෙවිරත්න ඇමතිවරයා සදහන් කොට සිටියේ  තමා මේ සම්බන්ධයෙන් ගෝඨාභය රාපක්ෂ සමග පැය 2 කට වැඩි කාලයක් කතා කළ බවත් මේ පිළිබද විපක්ෂයේ පිරිසට කුමන හෝ ගැටළුවක් පවතින්නේ නම් 'ඔහුට විරුද්ධ වෙන්න මහින්ද රාජපක්ෂ මහත්මයට හේතුවක් නොමැති බවත්  ඔහුගේම සහෝදරයෙක් වීම  වගේම ජනතාව ඔහුව බාර නොගන්න හේතුවක් නොමැති බවද සදහන් කොට සිටියේය.

 

මේ කරුණු දෙස අවධානය යොමු කොට පක්ෂය ගොඩ නැගීමේ අරමුණින් ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරක් සහ වගකීම් ලබා දිය යුතු බව තමා යෝජනා කරන බව ද ඇමතිවරයා සදහන් කොට සිටියේය. 

Read 570 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.