Monday, 25 January 2021 22:12

73 වන නිදහස් සැමරුම.

Written by 
Rate this item
(0 votes)
නිදහස මහා සාගරයක් වගේය ..එහි ඉමක් කොනක් නැත.එවැනි දේශයක මිනිසුන් සතුටිණි.සාහිත්‍ය කළා,නව නිපැයුම් හා සමගිය එවැනි රටක බලයකි.එහෙත් මේ නිදහස සැමරීම කුමක් උදෙසාද? මිනිසුන් බහුතරයක් රැවටී ඇත.චරිත දෙකක් ඇති නායකයෙක් බිහි වී ඇත.
 
ජනයා ට ඔහු වටහා ගැනීම සංකීර්ණය.සියල්ල උඩු යටිකුරු වෙමින් අන්ත වාදය පෝෂණය වෙමින් ඇත.වසංගතය  පාලනය කල හැකි දුපතක සියලු ක්‍රියාමාර්ග ගනිද්දී ත් වසංගතය පැතිර යයි.එයින් ලාභ ලබයි.සෞඛ්‍ය ඇමති වරියගේ පැණි බිමට හා මුට්ටි ගැසීමට ලෝකයම සිනාසෙයි.දරුවන්ට අධ්‍යාපනය බිඳ වැටි ඇත.වසංගතය තුල ළමා අපයෝජනය සියයයට හාර සියයකින් වැඩි වී තිබේ.ගෘහස්ත හිංසනය දැඩි වී තිබේ.බඩු  මිල ඉහල යාම තුළ කුසගින්න සිරගත වී තිබේ.වැරදි තීන්දු තීරණ තුළ රටේ සමස්ත ආර්ථිකය සිරගත කොට කිහිප දෙනෙක් විසින් භක්ති විඳිති. රටට් විදේශ විනිමය සපයන ශ්‍රමිකයන් කුසගින්නේ මං මාවත් වල සිරවී සිටිති.මියයති.ඔවුනට වසංගතය හමුවේ රටට එන්නට අවසර නැත..ඉතින් කෝ ඒ නිදහස් මාතෘ භුමිය..පුරවැසියාට අහිමි මව් රට නිදහස් රටක් නොවේ.
 
 
මාධ්‍ය නිදහස සිරගත කොට තිබේ.කිසිවකුත් සත්‍ය පැවසීමට බිය වෙති.අධිකරණය ගිනි ගනී,ලෝකයේ සම්මත දේ අසම්මත යයි කියා නිදහස වෙනුවෙන් මොර  දුන් මිනිසුන් සිරගත වන අතර අධිකරණ වලින් මිනි මැරූ මිනිසුන් නිදහස් කොට සමාජයට මුදාහරිමින් අනෙකුන්ගේ නිදහසට නක්කලේ දමමින් සිටි.චී-ණය භුම්යේ සිට රටේ ආර්ථිකය මෙහෙයවන මුල්‍ය පද්ධතිය දක්වා අල්ලා අවසන්ය.රටේ පිවිසුම් දොරටු වන ගුවන් තොට හා වාරය සුක්ෂමව විදේශයන් සතු කොට ඇත.ජනතාවගේ බදු සල්ලි කිහිප දෙනෙකු විසින් භුක්ති විඳිති.මේ සියල්ල අතරේ රටේ සෑම සිවිල් පරිපාලන අංශයකටම මිලිටරිය ස්ථාන ගත කරමින් සිටිති.ඉතින් කෝ නිදහස ?
 
කතාකරන්නට නිදහසක් නැත.ගස් ගල් වලටත් ඇස් කන් ඇත.මිත්‍යාවේ ගිලුණු පාලකයන් තම ශක්තියට වඩා අදෘශ්‍ය මාන බලවේග වලට ඉඩ දී සිටිති.රටේ ඉඩම් ,පරිසරය විදේශයන්ට විකුණමින් වනසමින් සිටිති. එවන් රටක ජනතාවට නිදහසක් ඇති  බව මම නොසිතමි.එබැවින් මේ නිදහස්  උත්සවයට ඔබ එවූ ඇරයුම ප්‍රතික්ෂේප කරමි. ඒ මා නිදහස දකින්නේ අධිරාජයාගෙන් නාමිකව නිදහස් වූ දින නොවන නිසාය.මගේ රටේ මිනිසුන් සතුටින් සිටින දිනය මා සමරන නිදහස් දිනයයි .
 
පාලකයන් හා පාලිතයින් ට සමානව නීතිය ක්‍රියාත්මක වන දිනය,අපේ දරුවන්ට සමාන අධ්‍යාපනයක් හා අවස්ථා ලැබෙන දිනය,ගෝත්‍ර වාදයෙන් මිදෙන දිනය හා විදේශ බලපෑම් වලින් මිදී අපේ රටේ දේපල අපට භුක්ති විඳීමට හිමිවන දිනය මෙන්ම මිනිසුන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබෙන දිනයත් සාධාරණ නඩු විභාගයක් හා එවැනි නඩු විභාගයකින් තොරව හිමි නොවන මරණයක් ලැබෙන දිනය මෙන්ම,කුසට ආ දින සිට මියෙන තෙක් මිනිසුන්ට නිදහසේ ජිවත් වීමට අයිතිය  ඇති රටක මා පතන නිදහස ඇති බවද  මා විශ්වාශ කරමි.
 
Tikiri Subhashini Wipfler
 
Read 213 times Last modified on Monday, 25 January 2021 22:19

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.