Sunday, 10 January 2021 22:14

කෘෂිකර්මාන්තය කාර්මීකරණය වීම හා එහි ප්‍රථිඵල 

Written by 
Rate this item
(0 votes)

දෙවන ලෝත යුද්ධයෙන් පසුව ඇමරිකා එක්සත් ජනපදයේ විශේෂ මැදිහත්වීමකින් හරිත විප්ලවයට අනුව ලෝකයේ වැඩිවන ජනගහනය සදහා ආහාර සුලබ කිරීම අරමුණු කරගනිමින්  ඉඩම් ඒකකයකින් උපරිම අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණින් රසායනික පොහොර හා පළිබෝධනාශක භාවිතා කරමින් යාන්ත්‍රීකරණය කරන ප්‍රතිපත්ති සම්පාදනය කරමින් කෘෂිකර්මය කාර්මීකරණයට අවශ්‍ය තාක්ෂණය හා යෙදවුම් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරනු ලැබීය 

 

කාර්මික කෘෂිකර්මාන්තය යනු බෝග විවිධාංගීකරණයකින් තොරව ඉඩම් ඒකකයකින් උපරිම අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණින් රසායනික පොහොර හා පළිබෝධනාශක භාවිතා කරන  වගා ක්‍රමයක් වේ.

උදා:- ඇමරිකා එක්සත්.පනපදයේ තිරිඟු වගාව, සෝයා ,බඩඉරිඟු වගාව හා සත්ත්ව පාලනය

(මෙවැනි එක් භෝගයක් වර්ෂය පුරාම එක් විශාල භූමි ප්‍රදේශයක් තුළ රසායනික යෙදවුම් හා යන්ත්‍ර යොදාගනිමින් පාරිසරික ගැටළු පිළිබදව අවධානයක් නොදක්වා ආහාර සුලභ කිරීම මෙම කාර්මික කෘෂිකර්මයේ ප්‍රධාන ලක්ෂණයක් වේ.)

1950 වසරේ සිට දශක කීපයක් කෘෂිකර්මය  කාර්මීකරණය කිරීම සදහා ඇමරිකා එක්සත් ජනපදය  ඇතුළු සංවර්ධිත රටවල් විශාල ආයෝජනයක් සිදුකරමින් කෘෂිකර්මාන්තය තුළ දැවැන්ත පරිවර්තනයක් සිදුකර ඇත. මෙහිදී විශේෂයෙන්ම විවිධ වර්ගයේ රසායනික පළිබෝධනාශක, පොහොර හා දෙමුහුම් කරන ලද බීජ හදුන්වා දී ඇත. මෙහි ප්‍රථිඵලයක් ලෙස ආහාර සුලභතාවයක් ඇතිවුවත්, එමෙන්ම සෘණාත්මක බලපෑම්ද ඇති වී ඇත. පහත සදහන් සෘණාත්මක බලපෑම් මෙම කෘෂිකර්මාන්තය පිළිබදව නැවත සලකා බැලීමට ජ්‍යාත්යන්තර ආහාර හා කෘෂිකාර්මික සංවිධානය අවධානය යොමු කර ඇත.

1.කාර්මික කෘෂිකර්මාන්තය කරනු ලබන ප්‍රදේශ වල පානීය ජල මූලාශ්‍ර විශාල වශයෙන් දූෂණය වී ඇති අතර මෙම ජලය පිරිසිදු කිරීම සදහා අධික පිරිවැයක් දැරීමට සිදුව ඇත.

2.දියවැඩියාව, හෘදාබාධ, පිළිකා හා වකුකඩු අකර්මන්‍ය වීම් වැනි බෝ නොවන රෝග සමාජය තුළ ව්‍යාප්ත වී ඇති අතර ඒ සදහා ප්‍රථිකාර කිරීමට විශාල පිරිවැයක් ආයෝජනය කිරීමට සිදුව ඇත.

3.GLYPOSATE වැනි කෘෂිරසායන හේතුවෙන් පරිසරයේ ජෛව විවිධත්වය හා මී මැසි ප්‍රජාව අවධානමට ලක්ව ඇත.

ශ්‍රී ලංකාව තුළද පසුගිය දශක කීපය තුළ කෘෂිකර්මය කාර්මික වීම උදාහරණ මගින් පෙන්වා දිය හැක.

උදා:- බඩඉරිඟු වගාව හා කුකුල් පාලනය 

( වර්ෂයකට හෙක්ටයාර් 80000 පමණ භූමි ප්‍රමාණයක යල මහා කන්න වලදී බඩඉරිඟු වගාකරන අතර එම තත්වය නිසා ජල මූලාශ්‍ර දූෂණය වීම, ජෛව විවිධත්වය අවම වීම, පාංශු ඛාදනය හා පස නිසරු වීම ඉහළ යාම වාර්තා වී ඇත. මෙයට අමතරව මෙම වගාවට යොදන කෘෂි රසායන ආහාර දාමයට ඇතුල් වී බෝ නොවන රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇත.

 

කුකුල් පාලනයේදී අවශ්‍ය කුකුල් ආහාර නිපදවීමට මෙම බඩඉරිඟු වලින් 90% ක් පමණ යොදාගන්නා අතර මෙම බඩඉරිඟු ගබඩා කිරීම වැනි ක්‍රියාකාරකම් වලදී මෙම ද්‍රව්‍ය වල ප්‍රමිතිය අවම වී ඇත.

ශ්‍රී ලංකාවේ පශු සම්පත් ක්ෂේත්‍රයේ කාර්මීකරණය සදහා උදාහරණයක් වනුයේ කුකුල් පාලනය වේ. මේ වන විට රටේ ජනතාවට අවශ්‍ය බිත්තර සහ කුකුල් මස් මෙමඟින් නිපදවන නමුත් සංවර්ධිත රටවල ඉහතින් දැක්වූ සෘණාත්මක ප්‍රථිඵලද කුකුල් කර්මාන්තය නිසා ශ්‍රී ලාංකික ජනතාව අත් විදිමින් සිටී. මෙම කුකුල්  කර්මාන්තය තුළ පරිසර ගැටළු ප්‍රථිජීවක බහුලව භාවිතා වීම මෙන්ම පිළිකා කාරකයක් වන AFLATOXIN ආහාර දාමයට ඇතුල් වීම සෘණාත්මක ප්‍රථිඵල ලෙස දැකිය හැක.

තිරසර කෘෂිකර්මාන්තය පිළිබද ප්‍රතිපත්තියක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යාත්යන්තර ආහාර හා කෘෂිකර්මික සංවිධානය (FAO) විසින් යෝජනා කිරීමට ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ කාර්මික කෘෂිකර්ම ප්‍රතිපත්තිය තුළින් පරිසරයට හා මානව සෞශ්‍යයට හිතකර නොවන විනාශකාරී තත්වයතක් ඇති වී ඇති බවට තහවුරු වී ඇති බැවිනි.

තිරසර කෘෂිකර්මාන්තය යනු බෝග පශු සම්පත් ඒකාබද්ධ වූ ආහාර නිෂ්පාදන පද්ධතියක් වන අතර එමඟින් ජෛව විවිධත්වය පාංශු ඛාදනය අවම වීම හා පසේ ගුණාත්මකභාවය ඉහළ යාම වැනි ප්‍රතිඵල සහිත දීර්ඝ කාලීනව ස්වභාවිකව ඇති අවම සම්පත් ප්‍රයෝජනයට ගන්නා වගාක්‍රමයකි. මෙමගින් සෞඛ්‍යයට හිතකර ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරන ප්‍රතිපත්තියක් නිර්මාණය වේ.

පසුගිය දශක කීපය තුළ කෘෂිකර්මාන්තය තුළ සුලු වශයෙන් තිරසර ක්‍රමවේද භෝග  වගාවට යොදා ගෙන ඇත. කාබනික වගාව ප්‍රචලිත වීම ඒකාබද්ධ ගොවිපළ ක්‍රම ස්ථාපිත වීම GAP ව්‍යාපෘති හදුන්වා දීම උදාහරණ ලෙස දැක්විය හැක.

වර්තමානය වන විට විද්‍යාඥයින් හා පර්යේශකයන් විසින් තිරසර ගොවිපළක තිබිය යුතු ප්‍රධාන ක්‍රියාකාරකම් හදුනා  ගෙන ඇත.ඒවා පහත සදහ් කර ඇත    

1.විවිධ භෝග වර්ග එකම භූමිය තුළ එක් වරකදී වගා කිරීම.

2.වගා නොකරන කාලයේදී පස ආවරණය සදහා සුදුසු ශාක ස්ථාපිත කිරීම.

3.පස පෙරළීම හෝ පෙරළීම අවම කිරීම ( REDUCING TILLAGE)

4.විවිධ ස්වභාවික පළිබෝධ පාලන ක්‍රම හදුන්වා දීම.

5.සත්ත්ව පාලන හා භෝග වගාව ඒකාබද්ධව සිදු කිරීම.

ශ්‍රී ලංකාවේ වර්තමානයේ භෝග වගා කිරීම කාර්මික කෘෂිකර්මාන්තයේ මඟපෙන්වීම තුළ සිදුවී ඇත. එහි සෘණාත්මක බලපෑම් නිසා මෙම කෘෂිකර්මාන්තය තිරසර කෘෂිකර්මාන්තයන් බවට පත් කිරීම අනිවාර්ය වී ඇත.

වර්තමාන ගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යෙය් දැක්ම ප්‍රතිපත්තියට අනුව කෘෂිකර්ම ප්‍රතිපත්තිය අනිවාර්යයෙන්ම වෙනස් විය යුතුව ඇතිඅතර ඒ සදහා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්‍යාඥයින , උපදේශකයන් හා පාර්ශ්වකරුවන් විශාල කැපකිරීමක් සිදකළ යුතුව ඇත.

පසුගිය වසර කීපය තුළ (2017 හා 2019) මහාචාර්ය එස්. ඒ කුලසූරිය, මහාචාර්ය ගාමිණී සේනානායක ඇතුළු පර්යේෂක කණ්ඩායම් විසින් හදුන්වාදුන් Bio film , Bio Fertilizer  හා රයිසෝබියම් ක්ෂුද්‍ර ජීවි කාබනික පොහොර වර්ග වලින් සියළුම භෝග හා වාර්ෂික භෝග සදහා යොදන රසායනික පොහොර 50% කින් අඩුකරගත හැකි බව පෙන්වා දී ඇත. ඔවුන් විසින් කෘෂි කලාප වල අක්කර 20000 ක මෙම ක්‍රමය අත්හදා බලා ඇති අතර ,එමගින් රසායනික පොහොර 50% කින් අඩුවීමට අමතරව අස්වැන්නද වැඩිවී ඇත. මෙම ක්‍රමය තුළ පාරිසරික හානි අවම වී ඇත.

වසර 5 ක් තුළ ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත්  කළ ඇති සෞභාග්‍යෙය් දැක්මේ වසවිස නොමැකි ආහාර නිෂ්පාදනය කිරීමට ඉහළ විභවයක් ඇති අතර එම ඉලක්ක සපුරා ගැනීමට කෘෂිකර්මාන්තයේ පාර්ශ්වකරුවන්ගේ මැදිහත්වීම ඉතා වැදගත් වේ.

 

පශු වෛද්‍ය එම්. පී කීර්ති කුමාර.( MSc Agriculture Extension ) 

අනුරාධපුර. 

Read 31 times Last modified on Sunday, 10 January 2021 22:22

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.