Saturday, 04 July 2020 08:39

වරායේ වර්ජනය සාගලලාගෙ කැත වැඩක් .

Written by 
Rate this item
(0 votes)

වරායේ නැගෙනහිර ජැටිය හොර ගිවිසුමක් ගසා ඉන්දියාවට හා ජපානයට ලියාදුන් හිටපු සභාපති පරාක්‍රම දිසානායක කොලඹ තරු පහේ හෝටලයක තවත් වරායේ හිටපු නිලධාරීන් හා වර්තමාන සේවයේ නියුතු නිලධාරීන් පිරීසකට සාදයක් පවත්වා ඇත.

නැගෙනහිර පර්‍යන්තයේ ගැටලුව නිර්මාණය වීමට බලපෑ ප්‍රධාන හේතුව හිටපු අමාත්‍ය සාගල රත්නායක කාවන් රත්නායක පරාක්‍රම දිසානායක හා වරායේ නිලධාරීන් විසින් උපක්‍රමශීලීව නැගෙනහිර ජැටිය ඉන්දියාවට හා ජපානයට ලබා දීමට කටයුතු කර තිබීමය. වරායේ වැඩ වර්ජනයක් නැගෙනහිර ජැටිය මුල් කරගනිමින් පැවැත්වෙද්දී ඉහත සදහන් නිලධාරීන් හදිසියේම හමු වුණේ ඇයිද යන්න පිලිබදව විවිධ මත පැතිර යමින් පවතී.

වරායේ JCT පර්‍යන්තයේ සවිකිරීමට ගෙන ආ දොඹකර නැගෙනහිර පර්‍යන්තයට සවිකරන ලෙස ඉල්ලා වෘත්තීය සමිති පොලබවාගෙන රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නිර්මාණය කිරීම පසුපස සිටින්නේ කවුද යන්න පිලිබදව මේ වනවිටත් විමර්ශනයන් ඉහල මට්ටමින් සිදු කරන බව මාධ්‍ය වාර්තා සදහන් කරයි.

නැගෙනහිර පර්‍යන්තය විකුණා දමන්නේ නැතිබවට ජනාධිපති හා අගමැති තරයේම කියා සිටියදීත් වරාය වෘත්තීය සමිති කල වර්ජනය පිලිබදව දැඩි සැකයක් මතුවී ඇතැයි එම වාර්තා වැඩි දුරටත් පවසයි.ඒ වගේම පසු ගිය කාලයේදී වරායෙන් ඉවත් කල නිලධාරීන් කිහිප දෙනෙක් හා වර්තමානයේ එහි සේවය කරන නිලධාරීන් කිහිප දෙනෙකුත් වරාය වාර්තා පිටතට හා වෙනත් විදෙස් පාර්ශවයන්ට ලබා දී ඇති බවටත් තොරතුරු ලැබී ඇත.ඒ පිලිබදවද විමර්ශනයක් සිදු කරන බවට ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කර සිටියි.

Read 212 times Last modified on Saturday, 04 July 2020 08:57

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.