Wednesday, 25 March 2020 19:26

කොරෝනා මර්ධනය අස්සෙත් ගිණි නිවීම්.... හොරණ නගර සභා ගිණි නිවීමේ ඒකකය

Written by 
Rate this item
(0 votes)

රජය , සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ වගේම උද්ගත්වී ඇති කොරෝනා වසංගතය මැඩ පැවැත්වීම සදහා ලංකාව වටා ගිණි නිවීමේ ඒකක වල නිලධාරිනුත් තමන්ගේ සේවාව ඒ සදහා ලබාදී ඇත. හොරණ සෞඛ්‍ය වෛද්‍ය කාර්‍යාලය , හොරණ නගර සභා සෞඛ්‍ය අංශය හා ගිණි නිවීමේ ඒකකය මගින් පසුගිය දින කීපයේම කොරෝනා මර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කර තිබුණි.


සැක සහිත කොරෝනා රෝගීන් සිටින නිවෙස් පරීක්ෂා කිරීම හා ඔවුන් හදුනාගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්හට සහය වීම හොරණ ගිණි නිවීමේ ඒකකය මගින් සිදුකරන ලදී. හොරණ, ඉංගිරිය , බුලත්සිංහල , මොරගහහේන බස් නැවතුම්පල ආශ්‍රිත ප්‍රදේශයන් විෂබීජහරණය සිදු කිරීම ද පසුගිය දින කිහිපයේ ඔවුන් අතින් සිදුවිය.

කොරෝනා වසංගතය මැඩපැවැත්වීමේ ක්‍රියාවලිය අතර සිදුවී තිබූ ඉංගිරිය ප්‍රදේශයේ ගින්නක් මැඩ පැවැත්වීමටද ගිණි නිවීමේ ඒකකයේ නිලධාරීන්හට සිදුවී ඇත. රටක ව්‍යයසනකාරී තත්ව හමුවේ තමන්ගේ යුතුකම් හා වගකීම් අමතක වන පුද්ගලයින් සිටින අවධියක රාජකාරී සීමාවන් අතික්‍රමණය කරමින් තම වගකීම් උපරිමයෙන් ඉෂ්ඨ කරන සියළු නිලධාරීන් වෙත හිසනමා ආචාර කරමි.

 

මලී පෙරේරා 

 
 
Read 115 times Last modified on Wednesday, 25 March 2020 20:43

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.