Thursday, 20 December 2018 21:43

වටවල සමාගමේ පරිසර සංහාරය

Written by 
Rate this item
(0 votes)

වටලවල තේ කියූ පමණිනින් මේ වන විට ලංකාවේ අස්සක් මුල්ලක් නෑර වටවල යන නාමය හදුනා ගන්නේ අපට තේ බෙදා හරින සුපිරිසිදු වෙළද ආයතනයක් ලෙසය. එහෙත් සෑම සුදු පිරුවටයක් යටම විෂ සහිත අක්මුල් ඇති බව වන කියනම සනාථ කරමින් වටවල වැවිලි කර්මාන්ත සමාගම මේ වනවිට ආරම්භ කොට ඇති වටුපොල් වගාව විසින් දෙවැනි රතුපස්වලක් නිර්මාණය කිරීමට සමත්ව ඇත.
මහා ව්‍යාපාර දියත් කරන සමාගම් ඒවායේ පාරිසරික තත්වයන් හා මිනිස් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් නොසලකා බලන බවට ලංකාව තුළම ඕනෑ තරම් නිදසුන් තිබේ.

 

තම නිෂ්පාදනයේ අතුරු ප්‍රතිඵල අපද්‍රව්‍ය නම් ඒවා ඉවත් කරන හා ඒවා පරිසරයේ අනෙකුත් සාධකයන්ට බලපෑම් නොව අයුරින් බැහැර කිරීමේ ක්‍රම හා විධි අදාළ නිෂ්පාදයේ පදනමේ සිටම හදුන්වා දීම මේ වන විට ලෝකයේ සම්මත කොට ගත් විධික්‍රමයකි. එහෙත් අදාළ විධික්‍රමයන්ට අනුකූල නොවන සේ නිෂ්පාදන කර්මාන්තයන් දියත් කරනු ලබන ධන කුවේරයන් පාරිසරික හෝ මිනිස් අවශ්‍යතාවයන් පසෙක ලා .. නිෂ්පාදනය පමණක් සිදුකිරීමට තරම් ආතර්මාර්ථකාමී වී ඇත.

අප මුලින් සදහන් කළ පරිදි වටවල වැවිලි සමාගමට අයත් ගාල්ල, උඩුගම, නාකියාදෙණිය ප්‍රදේශයේ පිහිටි ‘සන්ෂයින් හෝල්ඩර්ස් පීඑල්සී නැමැති අයතනය විසින් සිදුකරගෙන යන ලබන කටුපොල් බෝග මඟින් ‘ෆාම් ඔයිල්’නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවේ අපද්‍රව්‍ය හිතු මනාපයේ එම ප්‍ර දේශයේ මහ පොළොවට දැමීම හේතුවෙන් භූ ගත ජලය මේ වන විට මුළුමනින්ම විනාශ වී ගොස් ඇති බව වාර්තාවේ. පරිසර සංවිධාන හා ප්‍ර දේශවාසීන් විසින් මේ සම්බන්ධයෙන් නොයෙක් විට කරුණු ඉදිරිපත් කොට සිටියද නෑසු කන් ඇතිව සිටීමට මෙම බලධාරීන් කටයුතු කොට ඇති අතර මේ සදහා සුදුසු වැඩිපිළිවෙලවල් ප්‍රමාණයක් ඇතත් ඒවා අදාළ සමාගමේ කළමණාකාරීත්වය විසින් මග හැර මෙසේ පරිසර සංහාරයක් සිදුකරගෙන යන බවටද පරිසර සංවිධාන චෝදනා කොට සිටී.

මේ ආකාරයේ බරපතළ විනාශයක් සිදු කරන බෝගයකි කටුපොල්. සැබැවින්ම කටුපොල් යනු පාරිසරික අපරාධයකි. ලෝකය දැන් කටුපොල් හඳුන්වන්නේ ‘කුරිරු බවේ සංකේතය’ යනුවෙනි. කටුපොල් එතරම්ම පරිසරයටත්, මිනිසාටත් අහිතකරය. අප්‍රිකාව, මැලේසියාව, ඉන්දියාව ඇතුළු කටුපොල් පුරෝගාමියෝ මේ වන විට කටුපොල් වගාව වහ වහාම තුරන් කරමින් සිටිති. එම රටවල් එසේ කරනුයේ, කටුපොල් කුරිරු බවේ සංකේතය නිසාය. එහෙත්, අප රට කටුපොල් අත්හරින්න සූදානම් නැත. අධික ලාභය පදනම් කර ගත් වාණිජ වගාවක් නිසා සමාගම් කිහිපයක් මේ කුරිරු බවේ සංකේතය හෙවත් කටුපොල් තව දුරටත් ව්‍යාප්ත කරමින් සිටිති. මේ හෙළිදරවු කිරීම එවන් නීති විරෝධී ව්‍යාප්ත කිරීමක් සම්බන්ධයෙනි.

අදාළ සමාගම පිහිටා තිබෙනනේ, ගාල්ල, උඩුගම, නාකියාදෙණිය ප්‍රදේශයේය. ‘සන්ෂයින් හෝල්ඩර්ස් පීඑල්සී’ නමැති මව් සමාගමට අයත් වටවල වැවිලි සමාගම මේ කුරිරු බවේ සංකේතය ගාල්ල දිස්ත්‍රික්කය පුරාම ව්‍යාප්ත කරමින් සිටියි. මුළුමනින්ම ලාභයට පමණක් කෙළ හලමින් කරගෙන යන මේ කටුපොල් වගාව සහතිකවම නීති විරෝධී ව්‍යාපෘතියකි. අප එසේ කියන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ වාර්තා සැලකිල්ලට ගනිමිනි. මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කර ඇති a study to identify environmental and social issues of oil palm cultivation in sri lanka යන වාර්තාව අනුව ලංකාවට කිසිසේත්ම කටුපොල් නමැති වාණිජ බෝගය නොගැලපෙන බව ඉතාම පැහැදිලිය.

නීති විරෝධී ව්‍යාපෘතියකට අමතරව වටවල වැවිලි සමාගම මේ කරනු ලබන්නේ පාරිසරික අපරාධයකි. එම පාරිසරික අපරාධය කොටස් දෙකකට වර්ග කළ හැකිය. අංක එක, පරිසරයට මරණීය තර්ජනයක් වන කටුපොල් ව්‍යාප්තියයි. අංක දෙක, මෙම වැවිලි සමාගමේ කර්මාන්ත ශාලාවක් වන ෆාම් ඔයිල් නිපදවීමේ කර්මාන්තය හරහා පරිසරයට කරන කොඩිවිනයයි.
එම කොඩිවිනය කෙටියෙන් මෙසේය :

වටවල වැවිලි සමාගමටම අයත් කටුපොල් කර්මාන්ත ශාලාවක් නාකියාදෙණියේ පිහිටා ඇත. මේ කර්මාන්ත ශාලාව මඟින් සිදුකරනු ලබන්නේ කටුපොල් බෝග මඟින් ‘ෆාම් ඔයිල්’ ලබා ගැනීමය. එය යාන්ත්‍රික ක්‍රියාවලියකි.

කටුපොල් බෝග මඟින් ෆාම් ඔයිල් ලබා ගැනීමේ ක්‍රියාවලියේ දී අස්වැන්නෙන් 75%ක් අපද්‍රව්‍ය ලෙස බැහැර කරයි. මෙයින් වැඩි ප්‍රතිශතයක් අධික තෙල් සහ අධික කාබනික අපජලය වේ. මෙම අපජලය අදාළ කර්මාන්ත ශාලාවේ සිට කටුපොල් වගා කර ඇති භූමිය පිහිටා ඇති කඳු ප්‍රදේශය වෙත බවුසර මඟින් රැගෙන යයි. අනතුරුව එම කඳු ප්‍රදේශයේ කපා ඇති දැවැන්ත වළවල්වලට මෙම අධික තෙල් සහ අධික කාබනික ද්‍රව්‍ය සහිත අපජලය කිසිදු ඉවක්බවක් නැතිව මුදාහැරේ. සාමාන්‍යයෙන් දිනකට අප ජලය ලීටර් එක්ලක්ෂ පනස්දාහක පමණ ප්‍රමාණයක් මෙලෙස කඳුමුදුන්වල කපා ඇති වළවල්වලට මුදා හැරේ.

අපජලය මුදාහරින මෙම වළක් අඩි 50 – 60ක ගැඹුරකින් යුත්තය. මෙවන් වළවල් 75ක් 80ක් පමණ නාකියාදෙණිය කටුපොල් වගා භූමිය තුළ ස්ථාපිත කර ඇත. මෙම වළවල්වල පතුල සහ බිත්ති කොන්ක්‍රීට් කළ යුතු බවට වූ නිර්දේශයක් පැවතියද, අදාළ සමාගම එම කිසිදු නිර්දේශයක් තුට්ටුවකට මායිම් කරන්නේ නැත. කඳු මුදුන්වලින් බැහැර කරන මෙම අපජලය කෙමෙන් කෙමෙන් භූගත ජල තට්ටුවට මිශ්‍ර වෙමින් පවතී. දැනට ද මෙම ප්‍රදේශයේ භූගත ජලය සහ මතුපිට ජලය දූෂණය වී ඇති බව පරිසර වාර්තා පෙන්වා දෙයි. ඊට අමතරව වර්ෂාව සහිත කාලවලදී මෙම වළවල් උතුරා ගොස් දොළ පාරවල් ඇතුළු මතුපිට ජලධාරාවලට එක්කාසු වේ. එමඟින් භූගත ජලයත්, මතුපිට ජලයත් යන දෙකම දූෂණයට ලක් වීම වැළැක්විය නොහැකි කාරණයකි. අදාළ වැවිලි සමාගම විසින් මෙම වළවල් උතුරා යන කාලවලදී විවිධ කූට උපක්‍රම පාවිච්චි කර අපජලය පරිසරයට මුදා හරී. ‘දියර පොහොර ඉසිනය’ නමින් වූ අටමගලයක් අටවාගෙන මේ දහජරාව පරිසරයට මුදාහරින්නේය. මේ අනුව මුළු නාකියාදෙණියම පාරිසරික දූෂිත කලාපයක් බවට පත් වී හමාරය.

පරීක්ෂණවලින් අනාවරණය කරගෙන ඇති අන්දමට නාකියාදෙණිය ප්‍රදේශයේ තිබෙන භූගත ජලයෙහි ඡ්‍ය අගය තිබෙන්නේ 4.5ත් 5.0ත් අතර අගයකය. මේ හේතුවෙන් එම ජලය පවතින්නේ බීමට කිසිසේත්ම නුසුදුසු තත්ත්වයකය.
කටුපොල් වගාව සම්බන්ධයෙන් ලෝක සංරක්ෂණ සංගමය ඉදිරිපත් කර තිබෙන දත්ත අනුව ලෝකයේ එළවළු තෙල් නිෂ්පාදනයෙන් සීයට 35ක් නියෝජනය කරන්නේ ෆාම් ඔයිල්ය. ෆාම් ඔයිල් මෙටි‍්‍රක් ටොන් එකක් නිෂ්පාදනය කිරීම සඳහා අනෙක් ශාක තෙල් මූලාශ‍්‍රවලට සාපේක්ෂව කටුපොල් වගාවකට වැය වෙන්නේ හෙක්ටයාර 0.26ක භූමි ප‍්‍රමාණයකි. සෝයා තෙල් ටොන් එකක් නිෂ්පාදනය කිරීම සඳහා හෙක්ටයාර 2ක භූමියක් අවශ්‍ය වේ. භූමියෙන් වැඩි ප‍්‍රයෝජනයක් ගත හැකි නිසාම කටුපොල් වගාව ජනප‍්‍රිය වීමට හේතු වී තිබේ. නමුත් කටුපොල් කර්මාන්ත ශාලා හරහා පරිසරට එකතු කරන අපජලය නිසා ඇතිවන හානිය පිළිබ`දව සළකා බැලීමේදී මේ වාසිය නොලැබීම කටුපොල් වගාවේ දුර්වලතාවකි.

අපජලය යනු ජලය යම්කිසි කාර්යයක් ස`දහා භාවිත කළ පසු ඇතිවන තත්ත්වයකි. අපජලය කරදරකාරී දෙයක් බවට පත්නොකරගෙන නැවත පරිහරණය කළහැකි තත්ත්වයට සකසා ගැනීමේ ක‍්‍රමවේද ලෝකයේ භාවිත කෙරේ. ජලය වෙනත් මාධ්‍යයන් එක්වී අපවිත‍්‍ර වූ විට ඒවා පරිසරයට මුහු කිරීම නිසා පරිසරය ඊට දක්වන ප‍්‍රතිචාරද බොහෝ වෙනස්ය. ඒ ප‍්‍රතිචාර දරුණුය. ඒ වෙනස්කම්වලට මැදි වන්නේ ගහකොළ, මිනිසාත් කැටුව සතා සීපාවා සියලූ දෙනාමය.

ජලයේ පරාමිතිය මනින ආකාර කිහිපයක් තිබේ. එහි එක් මිනුම් ඒකකයක් වන්නේ පී.එච් අගයයි. රතුපස්වල කර්මාන්ත ශාලාවකින් පිට කළ අපජලයේ පී. එච්. අගය 5.8 දක්වා වෙනස්වීම මත ඇතිවුණු සමාජ විරෝධය නිසා මරණයන් පවා සිදුවූ බව ඔබට මතක ඇති. ඊධෘ :ඉසදකදටසජ්ක දංහටැබ ාැප්බා* මෙන්ම ඣෘ :ක්‍යැපසජ්ක දංහටැබ ාැප්බා* එවැනි තවත් පරාමිතකයන් දෙකකි. පරිසරයේ ඇති ද්‍රව්‍ය ජිර්ණය කරන්නේ ජීවවිද්‍යාත්මකව මෙන්ම රසායනික වශයෙනි. එම ජීර්ණ ක‍්‍රම දෙක උපයෝගී කරගෙන ඉහත පරාමිතියන් සකස්කොට තිබේ.

අපජලය පරිසරයට මුදා හැරීමෙන් පසුව එය ජීර්ණය කිරීමට අවශ්‍යය ඔක්සිජන් ප‍්‍රමාණය වාතයෙන් හෝ ජෛව විද්‍යාත්මකව ලබාගනී. අපද්‍රව්‍ය ජලයට එක් කළපසු සිදුවන්නේ එය ස්වභාවික තත්ත්වයට ගැනීමට ජලයේ ඇති ඔක්සිජන් ලබා ගැනීමය. ඒ අනුව ජලයේ තිබිය යුතු ඔක්සිජන් ප‍්‍රමාණය නැතිවුණු පසු ජෛව පද්ධතිය සම්පූර්ණයෙන් වියවුලට පත්වේ. මසුන් මිය යෑම, ශාක මැරී යෑම සිදුවන්නේ එවිටය. පරිසරයට එක් කරන අපද්‍රව්‍ය ප‍්‍රමාණය වැඩි වෙන්නට වෙන්නට මේ තත්ත්වය පරිසරයට දරා ගැනීමට අපහසු වේ.

ශ‍්‍රී ලංකාවේ පවතින කටුපොල් කර්මාන්තශාලා දෙකෙන් දිනකට අපජලය ලීටර් ලක්ෂ 5ක් කට වැඩි ප‍්‍රමාණයක් පරිසරයට එක් කරයි. එහි පී.එච් අගය 4.2ක ප‍්‍රමාණයකි. එහි ඊධෘ 27500කි. එනම් ජීව විද්‍යාත්මක වශයෙන් අපජලය ලීටරයක් ජීර්ණය කිරීම ස`දහා අවශ්‍යය ඔක්සිජන් මිලි ග්?ම් ප‍්‍රමාණය 27500කි. ඣෘ අගය 120000කි. එනම් රසායනික වශයෙන් අපජලය ලීටරයක් ජීර්ණය කිරීම ස`දහා අවශ්‍යය ඔක්සිජන් මිලි ග්?ම් ප‍්‍රමාණය 120,000කි. එය සුවිශාල ප‍්‍රමාණයකි.

සාමාන්‍යයෙන් පරිසරයට එක් කරන කර්මාන්ත ශාලාවකින් පිටකරන අපජලයේ තිබිය යුතු ඊධෘ ප‍්‍රතිශතය ලීටරයට මිලි ග්?ම් 30ට අඩු විය යුතුය. ඣෘ ප‍්‍රතිශතය ලීටරයට මිලි ග්?ම් 250ට අඩු ප‍්‍රමාණයක් විය යුතුයි. කටුපොල් කර්මාන්තශාලාවලින් නිකුත් කරන අනෙක් හානිකර ද්‍රව්‍ය වන්නේ තෙල්ය. තෙල් නිසා අපද්‍රව්‍ය ජීර්ණය කිරීමට උදව් කරන බැක්ටීරියා ක‍්‍රියාකාරීත්ව අඩපණ කරයි.

තෙල් සහ ග‍්‍රීස් ප‍්‍රමාණය 10ට අඩුවිය යුතුය. මෙම මිනුම්වලට අනුව ද ඒවා පරිසරයට එක් කළ හැකි වන්නේ අපජලය මෙන් අට ගුණයක් ජලය ගලා යන ජල මූලාශ‍්‍රයකට පමණි.

මේසා විශාල අපජලයක් නිසි ක‍්‍රමවේදයක් නොමැතිව එක් තැනකට එක් කිරීමෙන් සිදුවන්නේ සුළුපටු හානියක් නොවේ. මේවා පොළොවට ඍජුව එක් කිරීම නිසා ආසන්නයේ ඇති ජල මූලාශ‍්‍රවලට එක්වේ. ලිංවලට, ගංගාවලට මේ ජලය එක්වීමෙන් පරිභෝජනය කරන ජලය ¥ෂණයට ලක් වේ.

කවුරුත් අමතක කරන ලද කටුපොල් වගාවේ භයානක අංශය මෙය නොවේද?

අද ලෝකයේ අපජලය ලෙස පරිසරයට එක් කිරීම වෙනුවට ඒවා විවිධ ක‍්‍රියාවලින්ට භාජනය කොට පිරිසිදු ජලය බවට පත් කරගන්නා ක‍්‍රමවේද ඕනෑ තරම් ඇත. කටුපොල් කර්මාන්තශාලාවලින් පිටකරන අපජලය බැක්ටීරියා යොදාගෙන පිරිසිදු කරන ක‍්‍රමයන් රටවල් යොදා ගනියි.

ලංකාවේ පවතින කටුපොල් කර්මාන්තශාලාව වසා දැමීමේ ඇත්ත උවමනාවක් ගම්වාසීන්ට නැත. තුන්දහසටක අධික පිරිසක් මේ කර්මාන්තශාලාව නිසා ජීවිකාව කර ගනිත්. ගම්වාසින්ගේ අබිප‍්‍රාය වන්නේ පරිසරටය හිතකාමී ලෙස, කර්මාන්තශාලාව පවත්වාගෙන යා යුතු බවය. සීමා සහිතව කටුපොල් වගා කළ යුතු බවය. කටුපොල්වල සැබෑ ප‍්‍රශ්නය හ`දුනාගෙන උත්තර සැපයීම ස`දහා මැදිහත්විය යුතු කාලය තවත් කල් දැමිය යුතුද?

මේ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, මධ්‍යම පරිසර අධිකාරිය විසින් වටවල වැවිලි සමාගමට කරුණු 11කින් යුත් නිරීක්ෂණ පත්‍රයක් හෙවත් චෝදනා පත්‍රයක් භාර දී තිබේ. ඉන් ඉතා වැදගත් කරුණු කිහිපයකි මේ:

01. මෙම භූමිය හරහා දොළ පාරක් ගලා බසින අතර, කටුපොල් වගා ඉඩම් ආශ්‍රිතව පවතින ජල උල්පත් කුඩා දියපාරවල් මඟින් ප්‍රධාන දොළට එකතු වේ.

02. කටුපොල් මඟින් තෙල් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී විශාල අපජලය ප්‍රමාණයක් ජනනය වන අතර, එම අපජලය අධික වශයෙන් තෙල් සහ කාබනික ද්‍රව්‍ය අඩංගු තද වර්ණයකින් යුක්තය.

03. ජීව වායු ඒකකය ක්‍රියාත්මක තත්ත්වයේ පවතින අතර, අපජල පිරිපහදු පද්ධතියේ අනෙකුත් අවස්ථා කාර්යක්ෂමව ක්‍රියාත්මක නොවේ.

04. ජීව වායු ඒකකයත්, පිරිපහදු පද්ධතියේ අනෙකුත් අවස්ථාත් මෙම අපජලය කාර්යක්ෂමව පිරිපහදු කිරීම සඳහා ප්‍රමාණවත්ය.

Read 498 times

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.