Monday, 08 October 2018 10:52

විජයකලා අත්අඩංගුවට 

Written by 
Rate this item
(0 votes)

පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා නිතිඥවරුන් සමග ඇය පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට පැමිණි අවස්ථාවේදී ඇය අත්අඩංගුවට ගත් බවයි.

 

LTTE සංවිධානය සම්බන්ධයෙන් ඇය කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද දින එලෙස ඇය පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබිණ.

අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරිය අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read 23 times Last modified on Monday, 08 October 2018 11:03

Leave a comment

Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.